fbpx

ඉඳුදුන්න -10

“එයා තරුවක් වෙලා ඔයා අමතක කරාද? ඒ වගේ කතානම් ඕනතරම් තියනවනෙ..”

අවිශ්කගේ හඬ ඉතා සෙමින් ඇසිණ.අමන්දී සුසුමක් හෙළුවා ය.ඔහු තරුවක වන මාවතට ඇවිද ගියේ ඈ අමතක කිරීමෙන් ඉනික්බිති ය.එතරම් දිගු කතාවක් මේ මොහොතේ අවිශ්කට කියන්නට අමන්දීට උවමනා නොවී ය.

“ඕවා හිතන්න එපා.මං ඉතිං ගමේ මනුස්සයා තමයි.මට එහෙම දිස්නෙ ගහන්න නම් ඉන්න බෑ.ඒත් ඔයාට ඕන හැමදෙයක්ම දෙන්න මට පුලුවං.මගේ දෑතෙ වීරිය තියනවා..”

අවිශ්කගේ කතාව ප්‍රේමවන්තයකුගේ හෝ සැමියෙකුගේ කතාවකට වඩා අමන්දීට දැනුණේ පිය සෙනෙහසකට ළං වී ය.ඔහු එතරම් බරැති කතාවක් පැවසුවේ පළමුවැනි වතාවට ය.ඈ අඳුරේම ඔහු හා හිනැහුණා ය.

“අපිට මැරි කරලා වෙනම ඉන්න තිබ්බනං හිතෙනවා..”

අමන්දී හදිසියේ පහළ වූ සිතුවිල්ලක් හෙළි කළා ය.නැන්දම්මා සමඟ බෙදා නොගන්නා මුළුතැන්ගෙයක්, තමන්ගේම කියා නිවසක් ගැන ආසාවක් ඇගේ සිතේ ඇඳී මැකී ගියේ ය.

“උඩ තට්ටුව ඉතිං අපේ වගේනෙ..”

අවිශ්ක පැවසුවේ ය.ඉන් අනතුරුව ඔහු පැමිණ ඇගේ කර වටා අතක් දමා ගත්තේ ය.

“අම්මා අනුරාධපුරේ යයි හෙටානිද්දා.ඔයාට මේවා කරගත්තැකිදත් අහනවා.මං කිව්වා පුලුවන් කියලා.”

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

අවිශ්කගේ වැඩිමහල් සහෝදරිය දීග ගොස් හිඳින්නේ රජ රටට ය.ඈ යළිත් ගැබිණියක බවත් ඇයට අම්මා අවශ්‍ය බවත් ඔහු පැවසුවේ ය.අමන්දී ඒ ආරංචියෙන් සතුටට පත් වූවා ය.මේ විශාල නිවස අයිති කරගන්නට ඇයට ආශාවක් නැත.නමුත් ගෘහණියක වී බැලීමේ ආශාවක් ඇගේ සිතට පිවිසිණ.

“මං මෙහෙ ආවේ මෙහෙ දේවල් මට කරගන්න පුලුවන් නිසානෙ අවිශ්ක..අම්මට යන්න කියන්න.මට ආසයි මේ ඔක්කොම වැඩ කරල බලන්න..”

අමන්දී පැවසුවා ය.එය හිත තවත් රළු කරගන්නට හොඳම මාවත බව ඇය දැන හුන්නා ය.

“මං ඇත්තටම ඔයාව බඳින්න කැමති වුණේ නෑ අමන්දි..”

අවිශ්ක හෙළි කළේ අපූරු රහසකි.ඒ අසා අමන්දි වික්ෂිප්ත වූවා ය.ඔහු තමන් කෙරෙහි ආසක්ත වූ බවක් ඇය සිතා හුන්නා ය.මේ යෝජනාව වෙනුවෙන් අවිශ්කගේ පාර්ශවයෙන් කැමැත්ත දැඩි වූ බව අමන්දී දනියි.නමුත් අවිශ්ක කියන්නේ වෙනත් කතාවකි.

“හොඳට ඉගෙන ගත්තු කොළඹ කෙල්ලක් මේ වන්නියට ගැළපෙන්නෙ නෑ කියල මං අම්මට තිස්සෙම කිව්වා.ඔයා ආවත් ආව වේගෙටත් වඩා ඉක්මනින් යයි කියල මම හිතුවෙ.අපේ ගෙදරට ගැලපෙන්නේ ගොයං හිටවන්න පුලුවං කෙල්ලක්, වී හැලි ගණන් තම්බන්න පුලුවං කෙල්ලක්, ගඩොල් කපන්න දන්න කෙල්ලක්,පොල් කපල තෙල් හිඳින්න දන්න කෙල්ලක්..බයික් එකේ එහෙමෙහෙ යන්න පුලුවං කෙල්ලක්..”

අමන්දී සුසුමක් හෙළුවා ය.ඇය අසමත් බව ඔහු පැහැදිලිව කියයි.ඉඳුවර ඇයව ප්‍රතික්ෂේප කළේ ය.දැන් නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ද ඇය නොගැළපෙන බව නොකියා කියයි.

“අපේ අම්මලට පෝසත් වෙනකොට ගමේ ඉහළින් ඉන්න පුලුවං හැම දේම කරන්න හිතෙනව.දැන් ගමේ ළමයි ගොඩක් කැම්පස් යනවා..අපේ ඉස්කෝලෙ ලොකු සර්ගෙ පුතානම් වෛද්‍ය විද්‍යාලෙටත් ගියා.ගමේ සාමාන්‍ය පවුල්වල ළමයිත් කැම්පස් ගියා..මං ඉගෙන ගන්න දක්ෂ නෑ..මං යන්තන් ඒ ලෙවල් කරන්න පාස් උනෙත්.මට ඉංග්‍රීසි එහෙම පොඩ්ඩක්වත් බෑ නංගි..අම්මලට ඕන උනා කොළඹ කෙල්ලක් ගේන්න..එයාලා දිනුවා..”

ඔවුන්වත් තමන්වත් දිනා නැති බව කියන්නට අමන්දීට උවමනා විය.එහෙත් ඈ ඇසුවේ වෙනත් ප්‍රශ්නයකි.

“අවිශ්ක, ඔයා අර මේ ගෙදරට ගැළපෙන කෙල්ලක් ගැන කිව්වේ..ඒ ළමයා කොහෙද හිටියේ..”

ජීවිතයේ කිසිදාක ආදරය ගැන හැඟීමක් දැනී නැති බවට බොරු කියමින් පුවත්පත් වලට සම්මුඛ සාකච්ඡා දෙන ඉඳුවර සිහි කරමින් අමන්දී ඇසුවා ය.

“එයා මේ එහා ගමක ළමයෙක් නංගි.අපේ අම්මලා මැරුණත් කුල ගැන හිතනවා.ඒ කතාව ඉවරයි..දැන් සුරේකාට අවුරුද්දක විතර පුතෙකුත් ඉන්නවා..”

අවිශ්කගේ අවංකකම ගැන අමන්දීට ඇති වූයේ සතුටකි.ඔහු අවංක මිනිසෙකි.රළු අත්ලක් හිමි මුදු හදැති මිනිසෙකි.

“අවිශ්ක, ඔයාට ඉංග්‍රීසි බෑ කිව්වේ..මං උගන්නන්නම්?”

අමන්දී එක්වරම ඇසුවා ය.රටේ ඉහළම බාලිකාවක උගත් තමා පාසල් අධ්‍යාපනය හැදෑරුවේ ඉංග්‍රීසි භාෂාවෙන් බව ද අනතුරුව හෙළි කළා ය.

“අපිට බබාලා එහෙම ඉන්නකොට එයාලට උගන්නන්න අපිට පුලුවං වෙන්න එපැයි…”

ඇය අනතුරුව ඌණ පූර්ණයක් එකතු කළා ය.

“හා..ඔයාට මුල ඉඳන්ම උගන්නලා ගන්න වෙයි.අපේ නංගිටත් බෑ ඉතිං..”

පහසුවෙන් ඒ ඉල්ලීමට එකඟ වූ සැමියා ගැන අමන්දීට දැනුණේ දුකකි.

“ඔයා මේ කාස්ටකේට අරන් ආවට මට දුකයි..ඇත්තටම ඔයා කසාදෙට අකමැති වෙනකම් මම බලා හිටියේ..”

ඈත පරිසරයකට විත් සැඟව හිඳින්නට තමන්ට ඕනෑ වූ බවත් ඉඳුවරගේ අහලකින් තැබිය නොහැකි මට්ටමේ තරුණයෙකුට අයිති වී ජීවිතයෙන් පලි ගන්නට ඕනෑ වූ බවත් අමන්දි අවිශ්කට කීවේ නැත.ඇය ඒ වෙනුවට සිනාවක් මවා ගත්තා ය.

“මට පන්ති ගාස්තු ඕන හැබැයි..” ඇය පැවසුවේ දඟකාර හඬිනි.ඒ දඟකාර හඬ මැකී ගියේ එක්වරම මිදුලේ විදුලි පහන් දැල්වූ නිසා ය.ශාන්ති පෝටිකෝව යට හුන්නා ය.

“ඔය දරුව කරුවලෙ තියන් ඉන්න එපා ලොකු ළමයො..සර්පයි ඇති…”

ඇය එපමණක් කියා ගෙට ගියා ය.අමන්දී අවිශ්කගෙන් මෑත් වූවා ය.

“අර ඔයා මේ ගෙදරට ඕන කීවෙ ගෑනු ළමයෙක්..අන්න ඒවා මට උගන්නන්න..”

අවිශ්ක ඈත අහස දෙස බැලී ය.ඔහු හඬ අවදි කළේ එසේ හිඳිමිනි.

“ඔයා ඔහොමම ඉන්න..මේ කාස්ටෙට පුරුදු වෙන්න ඕන නෑ ඔයා..”

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x