Novels

උඳුවප් සීතල වඩා තදින් දැනෙන්නේ නත්තල ළං ළං ව එද්දී ය.නත්තලට දින තුනක් ඉතිරිව තිබෙන උදෑසනක මේඝා අවදි වූයේ සොම්නසිනි.ඉතා ශෝකය පිරී ගිය දිනයක් ගෙවනවා වෙනුවට අද දවස ප්‍රීතිමත් ව ගෙවිය හැකි බව ඈ දැන සිටියා ය.අද දිනය පොඩි අක්කාට ද අමතකව තිබීම ඇයට දුකක් වූයේ නැත.සාමාන්‍ය දවස් පවා...
ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ ඇස් වල වූ කේන්තිය මා දුටුවේ දුරට පමණකි. ඔහු ලං ව එත්දී මම බිම බලා ගතිමි. සත්තකට එතැන බිම වළක් හාරා ගෙන හැංගෙන්නට පුළුවන් කමක් වී නම් මම එහෙම කරමි. කොහොම ඔහු ගේ මූණ බලන්න ද? මම ඔහු තැබූ විශ්වාසය කඩා බිඳ දමා ඇත්තෙමි. "මොකද මේ..." ගල්හේන...
මද්දහනේ හිරු දීප්තිමත් ව පායා තිබිණ.එහෙත් හිරු රැස් චණ්ඩ ලෙස නොදැනෙන්නේ වැව් දිය මුසු සුළඟ නිසා ද නැතිනම් හදවතට දැනෙන සිසිලස නිසාදැයි දිනිඳුට නොවැටහිණ.මේඝා ජනිඳු ගැන දැන ගත් පසු කුමක් වේදැයි සිතද්දී හදවත බියෙන් හිරි වැටී යන බව ඇත්තකි.එහෙත් ඔහුගේ ඇතුළාන්තය සොම්නසකින් පිරී යමින් තිබිණ.බොහෝ කාලයකට පසු හිනැහෙන්නට කාලය...
 මම යහනේ වැතිර අතීතය දිග සක්මන් කරමින් සිටියෙමි. ඉතා සුන්දර වූ ළමා හා යොවුන් වියක් මා ගෙවා විත් තිබිණි. තාත්තා ගේ රැකවල ඒ කාලයේ දී හිරිහැරයක් සේ දැනුණ අවස්ථා තිබුණත්, ඒ රැකවරණය තුළ මගේ නොතේරුම් වියේ ආරක්ෂාව මැනවින් සැකසී තිබිණි. දරුවන් දෙදෙනෙකු සිටින ඒ හැටි ආර්ථික දුෂ්කරතා නැති  පවුලක...
මේඝා මැදියම් රැය ද පසු වී යහනට වැටුණේ කුඩා ඉනුලි තුරුලේ හොවාගෙන ය.මව අහිමි දැරියක වීමේ කම්පනයෙන් දැවෙමින් තිබූ ඇගේ හදවත කුඩා ඉනුලිට අම්මා වීමට යත්න දැරීමෙන් පසු වඩා සුවපත් වෙමින් පැවතිණ. "ඔයා අම්ම කෙනෙක් නොවී ඉන් නෑනෙ මේඝා.එහෙම වෙච්ච දාකටත් ඉනූට ඔය දෙන ආදරේ නම් දසමෙකින් අඩු කරන්න එපා..එතකොට...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ මෙතෙක් ගෙවූ ලස්සන ම කාලය කියා මම හිතමි. නව යොවුන් විය ගෙවා විත් තිබුණත්, ඊට පස්සේ අපට මුණ ගැහෙන්නට හෝ කතා බහ කරන්නට වූයේ උසස් පෙළ පෙම්වතුන් ට සේ රහසින් හා බියෙනි. ශ්‍රීනාත් ගල්හේන මහතා මා තුළ ඇති කරවූයේ ත් තාත්තා නිසා ඇති වූ බිය...
රාත්‍රී සුළඟ හමා ගියේ නිසංසලව ය.සඳපහන යට සැනසිලිදායක රාත්‍රි මිදුලක මේඝා සක්මන් කරමින් හුන්නා ය.නිවසට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති වෙද කුටියේ කටයුතු කාර්යබහුල ය.අද වෙද මහතා ඖෂධ සකසන දිනයක් බැවින් බිනර ද එහි කඩියෙකු මෙන් මෙහෙයක ය.බිනර සැකසූ ෆේස්බුක් ෆෙල්ට් ආට්ස් පිටුවට ආ නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරන්නට තිබුණ ද...
වීදුරු බිත්ති වලින් පිටත සිට කොකම් පාන ස්ත්‍රී පුරුෂයන් ව බොඳ සිතුවම් සේ මට පෙනෙමින් ද නො පෙනෙමින් ද තිබිණි. මා සිටියේ කැළඹීමක ය. නමුත් ඒ මිනිස් මුහුණු වල සේ ම සිත් සතන් තුළ ද වූ සන්තුෂ්ටිය මට අනුමාන කළ හැකි වූයේ ය. කුලාන් ට සිදු වූ මැර ප්‍රහාරය...
ජනිඳු නිවසට ඇතුළු වූයේම කෝපයෙනි.තාත්තා මුදල් උපයන ආකාරය ඔහුට ගැටලුවක් වූයේ නැත.පිහිනිය හැකි තරමට මූල්‍ය වත්කම් පමණක් පැතූ ඔහු ඒවා පැමිණෙන මාර්ගය ගැටළුවක් කර ගන්නට නොසිතුවේ ය.ඔහු කෝප වන්නේ කාරණා දෙකකට ය.එකක් මේවාට උදව් දී ඒවා ලෝකයෙන් සැඟවිය යුතු මාමා මෙහෙයුමේ ප්‍රධාන නිලධාරියෙකු වීම ය.අනිත් කාරණාව වීරසේකර පවුලේ පුතුන්...
ශ්‍රීනාත් ගල්හේන ගේ මුහුණේ හොඳක් නොවූ බව මට දැනිණි. වෙනදා හැම මොහොතක ම ඒ මුහුණේ වන සිනහව කොහේදෝ පලා ගොස් තිබිණි. ඉඳ හිට මට විහිළුවක් කර හඬ නගා හිනැහුණ බවක් හෝ ඔහු ට අමතක ව ගොස් තිබුණා සේ ය. කුලාන් සමග වුව ඔහු කතා කළේ ඒ තරම් හිත හොඳකින්...