රාත්‍රිය වඩාත් සෞම්‍ය විය. සුවදායක විය. සිහිලැල් විය. පින්නේ නැහැවෙමින් ද ලා සඳ එළියක කිරණේ කිමිදෙමින් ද ඔවුහු බෝ රැයක් වන තුරු පිය බස් තෙපලමින් සිටියහ. වචන හරියට ම මතක නැති ගීයක් මගට ගයා ඉතිරිය සිහි කොට ගත නොහී සිනහ වූහ. බීර සුවඳ ඉහිරිණි. ඒ සුවඳේ මිහිරි තිත්තක් සයුරංගනා...
සයුරංගනා මල්කාන්ති ගේ පාදයක් ස්පර්ශ කොට ඇයට වැන්දා ය. මේ ගමන ඇය ද කැටිව යන්නට තිබුණා නම් හොඳ ය. නමුත් මෝටර් රථයේ ඉඩ පහසුකම් මඳකම නිසා එසේ කළ නොහැකි ය.
"බුදු සරණයි...පරිස්සමෙන් ගිහින් එන්න. හිතේ මුකුත් කහටක් තියං යන්නෙපා රංගනා. සතුටෙන් ගිහින් එන්න"
මල්කාන්ති සයුරංගනා ගේ කොපුලක් සිඹ ආශිර්වාද කළා ය....
මල්කාන්ති වූ කලී සිය දරුවන්ගේ නිදහසට කිසි දා බාධා නො කළ අම්මා කෙනෙකි. ඔවුන්ගේ තීරණ ගැන අදහසක් දුන්නා මිස බලපෑමක් නො කළ අම්මා කෙනෙකි. නමුත් මේ වෙලාවේ ඔවුන්ට ඉඩ දී නිකං බලං ඉන්නට ඇයට ඕනෑ වූයේ නැත. සිය අභිමතාර්ථය ජයග්‍රහණය කරවනු වස් ඇයත් නො දැන ඇය අරගලයකට අවතීර්ණ වී...
සයුරංගනා දෙතුන් දිනක් එක දිගට ගිම්හාන් ව සිහිනයෙන් දුටුවා ය. ඒ සිහින වල ඔහු සිනහ වෙවී සිටියේ ය. යශෝදර ද ඒ සිහින වල කොතැනක හෝ ගිම්හාන් සමග සිටි බව මතක මුත්, සයුරංගනා ට ඒ එක සිහිනයක්වත් නිරවුල් ව මතක නැත.
මිය ගිය අය සිහිනයෙන් දකින්නේ ඔවුන්ට පින් උවමනා වූ විට...
සයුරංගනා නිසසල ව යහනේ උඩුකුරුව වැතිර සිටියා ය. ඇගේ ඇස් කෙවෙනි අගින් කඳුළු ගංගා දෙකක් උල්පත් ලබයි. ඒ කඳුළු ගංගා පහළට රූටා ගොස් සවන් පෙති පිටුපසින් සැඟවී ගනී.
කාමරයේ මන්දාලෝකී කහ පැහැති එළියෙන් ඇයට එසඳි ගේ මුහුණ පැහැදිලි ලෙස පෙනේ. ඒ මුහුණ කෙතරම් නම් අවිහිංසක ද? ඇය ගැන දරා ගත...
මල්කාන්ති කවදත් සයුරංගනා ට අම්මා කෙනෙකු සේ ආදරේ වූවා ය. ගිම්හාන් ජීවතුන් අතරේ සිටින කාලයේ දී පවා දවසකට වතාවක් හෝ ගෙදරට ඇවිත් සයුරංගනා ගැන සොයා බැලුවා ය. ඉව්වාද කෑවාද කියා විමසුවා ය. වැඩිපුර පේන්නට නො හිටි දිනෙක නම් අසනීපයක් ද කියා විමසිලිමත් වූවා ය. අසනීපයක් නම් සයුරංගනා ට විවේක...
ට්‍රයිඩැක්ස් මිටියාවත හරහා සීත සුළං රැල්ලක් හමා යමින් තිබිණ. ඒ සුළඟේ හැපෙනු වස් ගෙල ඔසවා මුහුණු ඉහළට හරවා ගත් අඟනුන් සේ ට්‍රයිඩැක්ස් මල් අහස දෙස බලා ගෙන තාලයට පැද්දේ. මල් අතරේ ඔබ මොබ දුවනා කහ පාට සමනල යුවලක් කලබලයෙන් වාගේ සයුරංගනා ගේ මූණේ ද හැපුණහ. ඇගේ දෙතොල් පෙති අතරේ...
යශෝදර හා සයුරංගනා නික්ම ගිය ගමන් පාරමී කළේ අම්මා ව ගෙට ඇදගෙන යන එකයි.
"අම්ම රංගිට මොනාහරි කිව්වද.."
දියණියගේ රහස් පරීක්ෂක ඇස් වලින් මුවහ වෙන එක මල්කාන්ති ට පහසු වූයේ නැත.
"නැහ්..මොනාද..."
"අම්ම මොනාහරි කියල තියනවමයි. නැත්තං රංගි අයිය එක්ක කා එකේ යන්න බෑ කියන්නෑ"
"මං මුකුත් කිව්වෙ නෑ. එදා වෙච්ච සිද්දිය නිසා වෙන්නැති"
"ඇයි...
මල්කාන්ති දෙගිඩියාවට පත් ව සිටියා ය. යශෝධර වූ කලී ඇය මුලින් ම ඇගේ කුසයෙන් බිහි කළ දරුවා ය. කුඩා කල පටන් ම ඔහු ආත්මාර්ථකාමී නොවූ යහපත් දරුවෙකු වූයේ ය. පෙර පාසලේ පටන් ම අනිකුත් දරුවන් ට උදව් කරන්නට සූදානමින් උන් කරුණාව දෝරෙ ගැලූ සිතැත්තෙකු විය. ගැටවරයෙකු ලෙස වැඩෙත්දී ඔහු...
ගේ ළඟට එන විට සයුරංගනා දහදියෙන් නැහැවී සිටියා ය. ඇගේ හදවතට දැනුණේ වචන කෝටි ගණනකින්වත් විග්‍රහ කරන්නට බැරි හැඟීමකි. එය තමන් ගැන පමණක් දැනෙනා බියක් නොවේ. යශෝදර එහි ප්‍රධාන ම හේතුවයි. මංජුල හැසිරුණේ ඉතා ම පහත් මිනිසෙකු සේ ය. ඔහු කතා කළේ ඇය ගිම්හාන් නැති වූවාට පස්සේ යශෝදර සමග...