මෞර්යා පැය භාගයක් පමණ ඇතුළත තලවතුගොඩ පිහිටි ආදිත්‍යගේ නිවස වෙත වාහනය පැදවූයේ ඔහු පැවසූ මං සලකුණු ඔස්සේය. විශාල තාප්පයකින් සහ විශාල ගේට්ටුවකින් සමන්විත වූ ඒ දෙමහල් නිවස බැලූ බැල්මට මන්දිරයක් සේ දිස් වී පෙනුණි.
" මං කවුද කියලා දන්නෙවත් නැතුව මට මෙච්චර උදව් කරාට තැන්ක්යූ මෞර්යා "
ආදිත්‍යය එසේ කීවේ මෞර්යා...
විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය වන සිතිවිලි වල බර තවත් වැඩි කළේය. බිත්තියේ එල්ලා තිබූ ඔහුගේ විශාල ඡායාරූපය දෙස විදුර බැලුවේය. ඒ පින්තූරයේ හිඳින තමන්ගේ සිනහව දේශපාලන පොරොන්දම් වලින් පිරුණු,...
දුරකථනය කන තබාගෙන උන් අපූර්වා යෙහෙළිය දෙසට හැරුණේ ‘නැතැයි’ කියන්නට හිස වනමින්ය.
“මං කිව්වේ..නිකං විහිළුවට වගේ කියන්න ඇති මගේ කෝල්ස් ආන්සර් කරන්න කියලා. එහෙම වුවමනාවක් තියෙනවනම් මං එයාගේ කෝල්ස් විතරක් නෙමෙයි. එයා මගේ කෝල්ස්සුත් ආන්සර් කරන්න එපැයි.”
“කොහොම උවමනාවක්ද.”
“නෑ මේ මං කිව්වේ..”
“මේ බෝ මළුවේ ඉඳගෙනත් බොරු කියන්න එපා බං..උඹ බොරු කිව්වට...
මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා පුරුද්දක් කර ගත්තේ දැනට මාස පහ හයක සිටය. විසිපස් වියෙහි පසු වූ මෞර්යා පවුලේ එකම දියණිය වූ අතර ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු...
ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ ඒ ස්පර්ශයටය.
“අම්මා…?” සත්සරා මිමිණුවේ බියෙනි. ඒ වචනවල තැවරී තිබුණේ ප්‍රශ්නාර්ථයක් පමණක් නොවේ, දැඩි සැකයකි.
“ඔව් දුවේ, මම ආවා. මට සමාවෙන්න මම මෙච්චර කල් ඔයා ළඟ නොහිටියට,”...
අපූර්වා හේෂානි සමඟ කන්දේ විහාරයට ගියේ සවසය. ඈ ත්‍රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්‍රීරෝද රථය පහසු වූ නමුත් යෙහෙළිය පැය කිහිපයකට හෝ සැහැල්ලු කර තබන්නට උවමනාවක් හේෂානිට විය. ඇය රියදුරු අසුනේත් තමා පිටුපසත් ගමන් කරද්දී වූයේ දුරස් බවකි.
“මේ වගේ ගමනක් යන්නේ...
බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල...හොදට හැපෙන්න ඕනා කියලා අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා.
පරණ යකඩ හට්ටි මුට්ටි එකතු කරපු මම.. කුඩු පැකට් තොගයකට හිරේ ගිය මම.. අම්මා අප්පා අන්දෝ සංසාරයක් නැති මම...එදා මේ වගේ ගෙදරක ගේට්ටුවෙන් ඇතුළට නොගත්ත මම...
ඇත්තටම මේ...
ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන් පෙනුමක් තිබුණත්, ඒ යටින් සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ව පෙනෙන්නා වූ සලකුණු වඩා හොඳින් බැලූ කල දකින්නට ලැබුණේය.
දොර විවෘත උනේ දොරට තට්ටු නොකරමය....
තමාරා යළිත් අපූර්වාගේ නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.
“ඇයි අම්මා හදිසියේ…”
“සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල් ගන්න හොඳ නෑ. මම තීරණය කළා පුතා ඒ මිනිස්සුන්ගේ ගේ හදල දෙන්න. ධම්මිකා ආන්ටි ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ව හොඳට අඳුනනවා. අද මමත් එක්ක ධම්මිකා ආන්ටිත්...
කල්පනා උසස් පෙළ ඉවර වෙලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යන්න පටන් ගත්තේ තමන්ට වගේ ගෙදරටත් ශක්තියක් වෙන්න හිතාගෙන. දෙවැනි වතාව විභාගය කරන්න සූදානමක් නොතිබුණු නිසා කල්පනාට වෙනස් විකල්පයක් තිබුණෙ නැහැ. රෝගාතුර වෙලා ඉන්න තාත්තා සහ අම්මා වගේම ඒ වෙනකොට පාසල් අධ්‍යාපනය ලබමින් උන්න මල්ලිලා දෙන්න වෙනුවෙනුත් කල්පනී තමන්ගේ ජීවිතේ...