"මොනා වුණත් මං ලෙමන්ට කැමතියි"
නූරි ගේ හඬ මට ඇහුණේ සිහිනයකින් සේ ය.
"ආ..."
ඒ සිහිනයේ ම පවතිමින් මම නෙතු විසල් කොට ඇය දෙස බැලුවෙමි.
"එයා දන්නව තමුසෙ එයාට කොච්චර ක්‍රශ්ද කියල. විහාර වෛශාක්‍යට තිබ්බ ක්‍රශ් එක අමතක කළත්...දැං දැං එතන ක්‍රශ් එකකට එහා ගිය දෙයක් තියනව කියල නොදැනෙන්න එයා බබෙක් නෙවේනෙ. ඒක...
මම ඒ වල් ලූනු මල, හැඩතල සහිත ෆිලොඩෙන්ඩ්‍රන් පත්‍රයක් ද ට්‍රයිඩැක්ස් මල් කිහිපයක් ද, රතු හා සුදු පාට තිත් වැටුණ හබරල පත්‍රයක් ද සමග මුහු කොට අපේ කුඩා මේසය මතට ඉකෙබානා සැරසිල්ලක් කළෙමි. ඒ සැරසිල්ල කරන අතරවාරයේ නූරිත් එක්ක විහාර වෛශාක්‍යව මගදී හමු වූ විස්තරය රස කරමින් කියවීමි. නූරි...
"අද සර්ගේ ලස්සන බලන්නකො."
කෙල්ලන් අතර කුටුකුටුවක් නැඟුණේ අහම්බයකින් වාගේ ය. නිලුපුලී හිස ඔසවා බැලී ය. වෙනදා වාගේම ය. ඉමිහිරි සුවඳකට පසු රදීෂ් ලියනාරච්චිගේ සිනාව මතු විණ. නිලුපුලී ඔහු හා හිනැහුණා ය. හදවත මත බර අඩි තබා ඇවිද යන ඔහු කෙරෙහි හටගන්නා ආදරය මින් පෙර කිසි දවසක දැනී නැති බව...
කළුවර අහසක රිදී රේඛා හෝ දේදුනු වර්ණ සේ විහාර වෛශාක්‍ය අමරසිංහ මසිත් අහසේ වරින් වර ආලෝක සංඥා දල්වා ලූයේ ය. මරණයෙන් යළි මිනිසුන් නැගිටින්නේ නැති වග, වළ දැමීමෙන් පස්සේ කෙනෙකු ගේ අභ්‍යන්තරයේ අවබෝධයක් ඇති වේ. එයින් පසු ක්‍රම ක්‍රමයෙන් යථාවත් විය යුතු වන්නේ ය. යථාවත් වන්නෙමු. මට ද එහෙම...
"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ."
රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත පුරා ගෙන යන්නට හොඳ ඕපාදූපයක් තිබේ.
"අනේ ඒකිට මේ වත්තෙන් එළියට යාගන්න ලැබෙනවනම් ඇති."
නිර්මලා කියන්නේ ශාන්ති කිසිම අයුරකින් බලාපොරොත්තු වූ පිලිතුර නොවේ. ශාන්ති පුදුමයට පත් වූවා...
ඊට මොහොතකට කලින් මා හිටියේ මට ම වලකා ලිය නො හැකි කළු කුහරයක් තුළ ගිලී යමිනි. ඒ අන්ධකාරයක් බව මම දැන සිටියෙමි. එය කිසි සේත් මගේ පාලන කලාපයෙන් තොර බවත් මට දැනෙමින් තිබිණ. එහෙම වෙලාවක අපට කළ හැක්කේ ගිලෙන අගාධයක ගිලී වැටෙන ප්‍රපාතයක වැටෙන්නට හරිනා එක ය. ඕනෑ නම්...
අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා කෙනෙකු මෙන් හැසිරෙන්නට පටන් ගෙන තිබුණා ය.
"නිලූ…ඔපිස්සෙකට ගෙනිහිල්ලා කන්න බත් එකක් බැඳලා දෙන්න ගිහින් කන එක ලැජ්ජාවක්ද"
ඇය එසේ අසා අනතුරුව ඌණපූර්ණයක් එක් කරන්නට ද වූවා...
ඒ දවස හීනයක් වාගේ ය. අම්මා සමග මා කළුබෝවිල රෝහලට යන විට තාත්තා ගේ සහෝදරවරුන් කිහිප දෙනෙකු එහි එකිනෙකා ගේ මුහුණු පෙනෙන සේ කුඩා රවුමක් සෑදී මුමුණමින් සිටියහ. අප දුටු වන ඒ කතා බහ නතර වී සියලු ඇස් අප වෙත යොමු වූවායි සිතිය හැක. තාත්තා ගේ ඥාතීන්ව මා ඒ...
"මට දුලාජ් සින්දුවක් කරන්න කතා කරලා."
අහස්‍යා එහෙම කියන්නේ කෑම මේසයේ දී ය. රදීෂ් තවත් බත් කටක් අනා ඇයට කැව්වේ කිසිම වගක් නැතිව ය. ආහාර පාලනය කිරීමේ රටා සහ කාලයකින් බත් නොකෑ කතන්දර කියන ජනප්‍රිය ගැහැනුන් මැද ඇගේ ජීවන රටාව රදීෂ්ට සිනා උපදවයි.
"ඇයි දැන් ඔයා ඒකට හිනා වෙන්නේ?"
අහස්‍යා අහන්නේ තරහිනි....
කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. දෙතොල් පෙති වියළී යනවා මට දැනිණ. ඇස් දෙක කඩා වැටෙන්නට එනවා සේ මට දැනිණ. රුධිර සංසරණය රත් වී හෝ සීතල වී ඇති බවක් මට දැනිණ. කන් දෙකෙන් දුම් පිට වෙන්නා සේ මට දැනිණ. පුටුවෙන් බැස මේසය යටට රිංගා ගත් මම විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ...