රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන් පසු මධාරා අක්කා ගේ ගෙදර තාප්පය අයිනේ බෝඩරයක් ලෙස ද මම තාරකා මල් වැව්වෙමි. දවසේ කොයි වෙලාවක හෝ ඒ මල් යාය දකිත්දී මගේ හිත චමත්කාරයෙන්...
මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින් ඇරඹී සිරුර දිගේ ඉහළට ගමන් කරමින් තිබිණ. ඒ තත්පර දෙක තුනක නිහඬ බව තුළ මට නො හිතුණ දෙයක් නැති තරමි. ලෝචන පිළිබඳ අශුභදායී ආරංචියක් අසන්නට...
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා එසේ නොවිය යුතු බව ඇය සිතමින් සිටියා ය. ඇයට එසේ සිතන්නට ද ඕනෑ වූවා ය.
"ආදරේ කරන්න දන්න මිනිහෙක් ලැබෙනව නම් එතනින් එහා මොකුත් ඕන නෑනෙ."
දිනක්...
සුධාරකත් මාත් අතර දෙවෙනි වතාවට සම්බන්ධය පටන්ගත් පසු සුධාරකගේ පවුලේ සියලුම දෙනා දිල්හානිත් දරුවනුත් තරයේ ප්‍රතික්ෂේප කර මා ලංකරගත් සැටි ඔබට රහසක් නොවෙයි.නමුත් එසේ සිද්ධවූයේ ඔවුන්ගේ පටු සාපරාධී අදහස්වලට මිස මට ඇති ආදරයකට නොවන බවත් දැන් මටත් ඔබටත් රහසක් නොවෙයි.නමූත් අවාසනාවකට ඔවුන්ගේ ඒ කපටි ගති දැනගන්නට සිදුවුනේ සුධාරක අසනීප...
ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම වීදුරුවක් ගෙන කාමරයට ගිය වෙලාවේ ඔහු කාමරයේ දොර වසත්දී දැනුණා වූ චකිතය මට දැනුත් සිහි කර ගත හැක. එදා තදින් ඔහු මා වැළඳ ගත්දී මා...
"තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව."
ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් සුදු අම්මාගේ කියවා ගැනීම වෙනස් එකකි.
" ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ම තමයි. අපි කිසිම මොහොතක අපිව අත් අරින්න...
වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි නිසා ඒ වගේ දුෂ්කර පෙදෙසක දුක් විඳින මිනිසුන්ට සේවය කිරීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සැලකුවෙමි. මේ වෙත්දී මාත් එක්ක වෛද්‍ය පීඨයේ උගත් මිතුරු මිතුරියන්...
නිබ්බුතා ගෝතමී ලෙස නම් ලද මා නිවීම කියන දේ කවදා හෝ වින්දා නම් ඒ ලෝචන මදුරාපුර පෙමින් මා ළඟ රැඳී උන් සමයේ දී පමණකි. බාහිරයෙන් නිවී උන්නාට මගේ ඇතුළාන්තයේ බොහෝ විට නිවීමක් වූයේ නැත. කුඩා කල පටන් ම මම අම්මා බර උහුලන තරම ගැන සිතමින් විඳවූයෙමි. මල්ලී කුස ගින්නේ...
දීර්ඝ වූ ගිම්හානයකට පසු මදිවියට උදා වූ මල් පිපෙන වසන්තය ඒ තරම් ඉක්මනින් ගෙවී යාවියි මා බලාපොරොත්තු වූයේ නැත. ලෝචන මදුරාපුර ට මා කෙතරම් තදින් බැඳී සිටියේ ද යත් ඔහු නැති ජීවිතයක් ගෙවන්නට නියමිත බවක් සිතා ගැනීමටත් නො හැකි විය. අප අතරේ බිඳීමක් වූවා නම්, නො ගැලපීමක් හෝ වෙන්...
"තුහින?"
එතැනින් එහා කිසිවක්ම පැවසීම පලක් නොවේ. නමුත් කාටවත්ම නොකියන කාරණාවක් හිතේ දරාගෙන හිඳින රුවිනිට මේ ආරංචිය නරක එකක් නොවී ය. ඒ හන්දාම ඇය මලිතිගෙන් එක් දෙයක් අසන්නට ප්‍රවේසම් වූවා ය.
"ඔයාට හිතෙනවද මලී, දවසක තුහින ඔයාට ආදරේ කරාවි කියලා."
මලිති කිසිවක්ම නොකියා සිනා මුහුණක් යවන්නට සිතුවා ය. ඒ ප්‍රමාණවත් ය. සමහර...