අන්තරා රාත්‍රිය වී සිටියා ය. ඇය තුළ වූයේ එපමණට නිශ්චල බවකි. ගුප්ත නිහැඬියාවකි. යහන මත එරමිණියා ගොතාගෙන සීසීටීවී දර්ශන දෙස බලා උන් ඕ එක්තරා ආකාරයක භාවනාවකට අවතීරණ වී සිටියා සේ ය. ඇගේ දෙතොල් කොනෙහි ගැඹුරු සිනහ රේඛාවක සෙවණැලි වැටී තිබිණ. ඒ සිනහ රේඛාව නො කියා කීවේ ඈ ඇතුළාන්තයෙන් ගැඹුරු...
ධනුකගේ සහ නුරාන්ගේ කියවාගැනීම අවසන් වූයේ පැහැසරා බලෙන්ම ධනුක කාමරයට ඇදගෙන ගියාට පසුවය. නුරාන් බිඳකුදු ප්‍රමාද නොවී නිවසින් පිටතට ගියේ කිසිවෙකුට පිළිතුරුන් නොදීය. ඉන් එපිටට කිසිඳු සිදුවීමක් සඟවන්නට පැහැසරාට හෝ ධනුකට ඉඩක් ලැබුනේ නැත. අම්මා සහ තාත්තාට සියලු සිදුවීම් පවසා අවසාන වෙද්දී අම්මා හැඬූකඳුලෙන්ම පසෙකට වූවාය.
" මගේ කොල්ලා යන්තම්...
“ඔක්කොම ඉතින් විසඳගෙන අන්තිමේ වැරදිකාරයො අල්ලලා දෙන තැනටම ඔක්කොම විස්තර හොයාගෙන තියෙනවනම් මිසක්කා දූ මං ආස නෑ දූව මේ ගෙයින් පිටමං කරන්න” කියලා මේ ගෙදර අම්මා කියද්දි සප්තමී කලේ මෙච්චර වෙලා තෙල් ගාලා හොඳට පීරපු කොණ්ඩෙ තනි කරලකට ගොතලා අග්ගිස්සෙන් කොණ්ඩ පටියක් දැම්ම එක. අම්මලා කවුරු උනත් හැමදේම කියන්නෙ...
ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
" පුතා "
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර ඇමතුවේ කියනා දෙයක් වසන්ත නිවසට පැමිණීමට පෙර කිව යුතු නිසාය.
" අම්මා "
ධීර ජයමිණි ට ඉදිරියෙන් සෝෆාවේ වාඩි වූයේ මේ කතාබහ අනිවාර්යයෙන්ම තාදී ගැන බව දැනගෙනම...
“ඔයාගේ පොතේ වැඩේට මොකෝ උනේ?”
තුශාරි සමංගා ළඟට ආවේ එහෙම කියාගෙන. තුෂාරියි සමංගයි දෙන්නම වැඩකලේ එකම ඔෆිස් එකේ තට්ටු දෙකක. සමංගා වැඩ කරපු තට්ටුවට උඩ තට්ටුවෙ තමයි තුශාරි වැඩ කරේ. වෙනස තිබ්බෙ තට්ටුවල විතරක් වුණාට මොකෝ තුෂාරි නම් හිතාගෙන හිටියෙ තමන් හැම දේකින්ම සමංගාට වඩා ඉහළින් ඉන්නව කියලා.
තුෂාරියි සමංගයි දෙන්නම...
ඒ වැලිවත්ත ගම.
වැලිවත්ත ගමේ රූප සොබාවෙ දකින ඕනම මනුස්සයෙක්ට මතක් වෙන්නෙ සාගර පලන්සූරියගෙ කටුරොද ගම්මානෙ. කටුරොද ගම්මානෙ තරම්ම පිටිසර අහක තමයි මේ කියන ගමත් තිබ්බෙ.
“ගොඩමඩ දෙකම සරුසාරය පලබරය
කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මණ්ඩිය පිහිටියෙ ගම කෙළවරය” කියලා ඒ කවියෙ කියනව වගේම මේ වැලිවත්ත ගමත් ගොඩමඩ...
ඒ හැන්දෑව සෞම්‍ය වූයේ ය. අන්තරා, පාරින්දි හා යුගාත්ම බැඩ්මින්ටන් ගැසූහ. පාරින්දි ගේ වද කිරීමට එය පටන් ගත්ත ද ඒ හින්දා හිත බෙහෙවින් ම සැහැල්ලු වෙනු අන්තරා ට දැනිණ. ඔවුන් සිනහ වෙවී සෙල්ලම් කළේ පාසල් වියෙහි කෙළිදෙලෙන් හැසිරෙන බාලක බාලිකාවන් සේ ය.
"ඇත්තමයි අප්ප. ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙමයි මේ බැඩ්මින්ටන්...
සිකුරාදා දිනයේ ඉසිනි ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය. එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක් ඇති වන්නට පටන් ගත්තේය. ඉසිනි කැබිනයේ වීදුරු තුලින් ඒ දෙස බලමින් උන්නේ එකිනෙකා වෙත එබෙමින්, විමතිය දනවමින් කුමක් කතා බහ කරන්නේද සිතා ගන්නට නොහැකිවය. මද...
“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ කවුරුහරි අපේ දරුවව හිරකරගෙන ඉන්නවද? ඒ මනුස්සයගෙ බලපෑමට දරුව ඔහොම කතා කරලා අපිට කිව්වද කියලා” නන්දාගෙ වදේටම වගේ තමයි ජයබාහු සමුද්‍රටත් මේ විස්තරේ කියලා ඒ...
හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ හිතේ වූ සියල්ල නැනෝ අම්මා සමග බෙදා හදා ගැනීමට ය.
" අසනීපෙන්ද නෝනේ ? "
නැනෝ අම්මා තාදීව දුටු දිගසින්ම ඇසුවේ තාදී ගේ මුහුණ හඬා ඉදිමි තිබුණු...