Stories

"තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?" ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා. "තාත්තට යන්න හිතෙන්න ඇති.." මං ඊටපස්සේ හෙමින් කියනවා. "මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම්...
මා එදා ආවේගයට මුසා පැවසූ බව තහවුරු කර ගන්නට ලෝචනාට උවමනා විය. ඈ ඒ බව විමසමින් නිරතුරු මා සමඟ රැඳුණා ය. "එදා මට කරපු ජෝක් එක මේ ඔෆිස් එකේ අනිත් අය එක්ක එහෙම කරනවා නෙවෙයි.." ඈ නිතරම පැවසුවේ එහෙම ය "අනුන්ට පදයක් හදන්න තියනං මෙතන කට්ටියට තමන්ගෙ උගත්කම් වැදගත්කං මතක නෑ. ඊටපස්සෙ...
එහෙත් මට ඇය හඹා යන්නටවත් ඈ හා කතාවට වැටෙන්නටවත් ඕනෑ වූයේ නැත. සමහරවිට ඇය මා හඳුනා ගන්නට ඇත.නමුත් ඇය මඳ සිනාවක් මවෙත පා කර යන්නට ගියා ය.ලෝචනා එනතුරු නිසල් සමඟ පණිවිඩ සංවාදයක පැටලවී සිටි මට ඒ අහම්බයකින් දුටු තරුණ වෛද්‍යවරිය ගැන ඔහුටවත් කියන්නට ඕනෑ වූයේ නැත. ඈ මෙහි වෛද්‍යවරියක්...
සඳක් තරම්, මලක් තරම් සිය ඇතුළාන්තයත් සිතිවිලිත් මොළොක් වූයේ කොහොමද කියා පළිඟු නො දැන සිටියා ය. නමුත් මේ ඉන්නේ අලුතෙන් ම උපන් පළිඟු කෙනෙක් බව ඇය ට සහතික ය. ආදරය ඉසියුම් ව හදවත පිරිමදිමින් තිබිණි. තනිව සිටියදීත් ඈ මුවග මඳහසක් නළියන්නට විය. ජීවිතය පිළිබඳව දැනෙමින් පැවතියා වූ සියල් පිරිපත...
කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය. හදවතේ සීරුම් තුවාලයක් වනවා වැනි කීරි ගැසීමක් ඔහු ට දැනෙමින් තිබිණ. අර මකුළුවා සිය හදවත සූරා ලේ බොන්නට හදනවා ද කියාත් ඔහු සිතුවේ ය. කිසිත්...
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. "බබෙක් නැද්ද" අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන්...
ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල් තලා වල විය. ඇස් මායින් කළු ඉරි වලින් සීමා සලකුණු කොට තිබිණි. හිස් මුදුණේ අව් කණ්ණාඩි යුලගය රැඳී තිබුණේ ය. ඒ සියල්ල කාලයක් තිස්සේ ක්‍රමික...
මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ අවස්ථාවන් හි ඈ අත්විඳින්නී ය. තව එක ම එක වතාවකට ඔහු ගේ සැප දුක විමසන්නට ඇයට උවමනා ය. නමුත් ඒ පණිවිඩය යවන්නට තරම් අතැඟිල්ල වාරු...
මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ සමනලුන් සැරිසැරූහ. වෙල්ලෙයිකොලොම්බන් අඹ ගස කේන්ද්‍ර කර ගත් කුඩා තණ කොළ ගෙබිම පුරා අලුත් හිරු කිරණ ඉහිරී තිබුණේ වෙන කිසි දවසක නොවූ විරූ මිහිරකිනි. යතුරු...
මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ වූයෙමි.තවම මා හිඳින්නේ ඒ ගල් ගැසීමෙනි. "ඇයි කෙල්ලෙක්ට තනියම ඉන්න බැරි.. මට උපාධියක් තියනවා. රස්සාවක් තියනවා. ගෙයක් හදාගෙන වාහනයක් අරන් තනියම ඉන්නං අම්මා මම.. නැත්නම් වෙන...