Stories

අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන මැසේජ් කියවමින් ඊෂාත් දිනුකත් සිටියේ විනෝදයෙනි.ඊෂා පුදුමාකාර ප්‍රීතියකින් ඉපිලෙමින් සිටීම නිසාම මලිඳුට නොකියා හදිසියේ ගමේ යාම ගැන හිත හදා ගන්නට මට සිදු විණි. දිනුක සැබෑවටම කවුරුන්දැයි...
ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක ම ඉගෙන ගැනීම ය. එවන් මිනිස්සු සිදු වීම් වලට පිටුපසින් එත හැකි සිදු වීම් ගැන කලින් ම සිතති. ඒ නිසා කුසල් ගේ අලුත් දයාබර වීම අන්ධයෙකු සේ වැළඳ ගන්නට මට සිත් දුන්නේ නැත. අනිත් අතට හොඳට ම රිදුණා ට පස්සේ හිතක වුව සංවේදී...
අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත. දින තුනක නිවාඩුවක් ඇති බැවින් මේ සිකුරාදාව ගෙදර යන්නට වෙන් කරන්නට මා සිතා ගත්තේ දින කිහිපයකට කලිනි. උදෑසනම ඇඳ පැළඳ...
සීයලා ගේ ගෙදර ආලින්දය දෙපැත්තේ කාමර දෙපෙළකි. දැන් මා හා තුෂී හිඳින්නේ සීයලා ගේ ලොකු නිදන කාමරයට අල්ලපු කාමරයේ ය. ඒ පෙළෙහි තව එක කාමරයක් හිස් ව තියේ. ආලින්දයෙහි අනිත් පස වන කාමර තුන ම අම්මලා අල්ලා ගත්තේ, ගෙදර තිබී ගෙනා ගෘහ භාණ්ඩ ඒවායේ පැටවීමෙනි. අත්තම්මා කම්මුලෙහි අතක් ගසා...
අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා.." හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන් මම ලැප්ටොප් තිරය නිවා දැම්මේ ඇයට සවන් දෙන්නට සිතමිනි. "විසිටර්ස්ලා ඇවිත්ද ඊෂා??" ඊෂාට දිගු පිළිතුරක් ඇති හැඩ ය. ඇය මගේ ඇඳ මතින් හිඳ ගත්තේ එනිසා ය. "ඔය ඇවිත්...
අසංක ගේ රියෙන් බැස හනි හනික අප වෙත ආ අම්මා, මා ඉදිරියේ නතර වූයේ වත වඩාත් දුක් බර කර ගෙනයි. ඇය මට සුබ පතන්නට හදනවා යි මම සිතුවෙමි. නමුත් සිදු වූයේ එවැන්නක් නොවේ. "ඔන්න ගයා ඔයාගෙ සුබ නැකත වෙලාවෙ අපිට අපේ ගෙදරිං දොට්ට බහින්න වුණා. දැං ඉතිං සතුටු ඇතිනෙ කාට...
කලබල මධ්‍යම රාත්‍රියක් උදා විය. ඊෂාගේ අයියා ගෙදර ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියක ය. වැඩි කලබලයක් නැතිව ඊෂාගේ තාත්තා සමඟ ගෙදර ආ ඔහු පිළිගන්නට ඊෂා පහත මාලයට දිව ගියේ දරා ගත නොහැකි තරම් ප්‍රීතියකින් ඔද වැඩී ය. වැඩිමහල් සහෝදරයෙකු හිඳීම මොනතරම් සතුටක් දැයි මට හදිසියේ සිතෙන්නට ගත් අතර අයියෙකු සිටියා නම් ජීවිතය...
ලොරි දෙකක් පුරා මල් පැළ ගෙනැවිත් නත්තසූරිය පැළ තවානේ ස්ථාන ගත කරත්දී මා තුළ දෝරෙ ගලා යමින් තිබි හැඟීම් වලට නමක් දෙන්නට මම නො දනිමි. අත්තම්මා හා සීයා පවා සිටියේ ජීවත් වීම තුළ ඇතැම් අවස්ථා වලදී පමණක් අප අත් විඳින ප්‍රමෝදයකිනි. ඔවුන් දෙදෙනා නියමිත ස්ථානයන් හි පැළ වර්ග තැන්පත්...
ජීවිතය විටින් විට විවිධ කුණාටුවලට හසු වනවා.නමුත් කුණාටු සදාකාලික වන්නේ නැහැ.අසීරු සමයක ජීවත් වීමෙන් අප ලබන පන්නරය අපගේ අනාගතය සරුසාර කරනු නියතයි.ඉතින් ජීවිතයේ ගැඹුරු ඉසව් ස්පර්ශ කරමින් බුද්ධිය අවදි කරවන මේ කතා අපට ජීවිතය පිළිබඳ නැවුම් මානයක් කියාදෙනවා.කර්තෘ නොදන්නා මුත් අපගේ ගෞරවය ඔහු වෙත පුදමු. විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි...
ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට එන්නට නොහැකි බව දන්වා තිබිණි. උවමනා කරන පොතපත සොයා අවසන් වූ පසු උද්‍යාන බංකුවකට වී ඊෂාත් දිනුකත් දිගු කතාවකට මැදි වූහ. මට කරන්නට කිසිත් නැත....