නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය. අම්මා ඔවුන් දා ගියත් කිසිදු අඩු පාඩුවක් නො දැනුණේ ය. ඩෙස්මන් ලා ඈ සරණ පාවා දුන්නේ ද තමන් සේ ම ඈ රක්ෂා කළ හැකි යයි...
සමහර සිදුවීම් සිදු වන්නේ කිසිසේත්ම කලින් සැලසුම් කර නොවේ.ධීරගේ දුරකථනය දවසක් තිස්සේ ක්‍රියා කළේ නැත.ඔහු කොහේ යන්නට ඇත්දැයි සිතමින් මම දවස ගෙවීමි.උදෑසන බෙහෙත් බිව්වාදැයි ඇසූ ඔහු දවල් දවස පුරා එකදු පණිවිඩයක් එවූයේ නැත.
"එකසිය තිස් අට කියන්නෙ හොර ගුහාවක් අප්ප.කොල්ලගෙ ෆෝන් එක හොරකං කරාද දන් නෑ කවුරුහරි.." චමත්කා අනාවැකි පළ...
දින දෙක තුනක් ගෙවී යන තෙක් නිකිනි කාමරයට වැදී ගෙන ම සිටියා ය. ඈ පිටතට ආවේ ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව වෙනුවෙන් පමණකි. පාලිකා ගේ කට හොඳ නැති බව දන්නා නිසා සුමනා ආහාර පිසීමෙන් නිකිනි ව ස්වේච්ඡාවෙන් ම ඉවත් කළා ය.
එසේ කාමරයට වැදී ගෙන සිටියදී ඈ හිතත් එක්ක බොහෝ දේ...
ඉනික්බිති උදා වූයේ ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන කාලයකි.උදෑසන කිරි වීදුරුව පවා කේතකී බනිමින් නොදේ නම් කුසගින්නේම හිඳින්නට වග බලා ගත් මා උදෑසන අවදිව ආහාර පිසිද්දී දෙමිතුරියන් පුදුම විය.
"ඔයා උයන්නත් දන්නවද?" කේතකී සැබෑවටම ඇසුවා ය.
"යූටියුබ් කුකින් චැනල් තියනකං පහළ ඉන්න මෝඩ කිඹුල්ලු දෙන්නත් උයයි.."
චමත්කා හිනැහෙන්නට ගත්තා ය.වෙනදා එවැනි කතාවක් මා...
සැමියා ගේ ගෙදර හැර දා ආවාය කියා ඔබේසේකර මැදුරේ ත් නිදහසේ සිටිය හැකි නො වනු ඇතැයි නිකිනි ට සිතුණේ ය. පාලිකා ට කවදත් නිකිනි පේන්නට බැරි විණි. සදිසා කුඩා කල පටන් ම නිකිනි ට හා බිනුරි ට එරෙහි ව පාලිකා ට කේලාම් කීවා ය. අම්මා කෙනෙකු වශයෙන් ඈ කළේ...
රෝහලේ ඇති ෆාමසියෙන් වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ මිලට ගන්නා ධීර දෙස මා බලා සිටියේ බර වී ගිය හදවතිනි.ඔහු මවෙත ආවේ අර නිවී ගිය සිනාවෙනි.
"මෙන්න ඔයාගේ කාඩ් එක." ඔහු මගේ බැංකු කාඩ්පත මවෙත දිගු කළේ ය.ඖෂධ මිලට ගන්නට පෙර මම වහා එය ඔහු අත තැබීමි.
"පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ.මට ඩොක්ටට කරපු පේමන්ට්...
මංජුල විසින් නිකිනි ට පහර දී ගෙයින් එළියට දැම්මා යි දැන ගත් වෙලේ ඔබේසේකර මැදුර කම්පිත ව නිසල විය. ඊට හේතුව ඇය විදත් සමග දුරකතන සංවාදයක සිටීම යයි දැන ගත් මොහොතේ පාලිකා පුපුරා හැළුණා ය.
"මොන නැහැදිච්ච වැඩක්ද නිකිනි ඔයා කරල තියෙන්නෙ...අපේ මුළු පවුලට ම වෙච්ච ලැජ්ජාවක් මේක. කොල්ලෙක් එක්ක...
ගැහෙන අතකින් මා දුරකථනයේ ඇමතුමට සම්බන්ධ වූයේ හදවත වේගයෙන් ගැහෙද්දී ය.අසන්නට උවමනාම හඬකින් බොහෝ කාලයකින් ඇමතුමකි. මම තරප්පු පෙළ මත හිඳ ගතිමි.
"තමුන්ගෙ ඔලුව නරක් වෙලාද සාරා ඔහොම හැසිරෙන්නේ."
පසන්ගේ වේගවත් කටහඬ හදවත කැබලි කර දැමී ය.මා කුමක් කළාදැයි සිතමින් මම ගැහෙන්නට ගතිමි.කාලයකට එපිටදී නම් දෙතුන් වතාවක් සරනි සමඟ ගැටුමට පැටලෙන්නට...
දෙපා අභියස ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් නිකිනි කම්පිත ව බලා සිටියා ය. මංජුල දුරකතනය සිය සවනට ගත්තේ යක්ෂාවේෂ වූ මිනිසෙකු ගේ විලාශයෙනි. නිකිනි ඒ තරමට තැති ගත්තේ ඔහු විදත් ට කුමක් පවසනු ඇතදැයි බියෙනි. ඇයට නම් මොනවා කීවත් කම් නැත!
"කවුද මේ...."
මංජුල හඬ තානය වඩාත් දැඩි කොට ඇසුවේ ය.
"මංජුල...මං...
ධීර සිටියේ මවෙත නෙතු දල්වාගෙන ය. ඔහුගේ ඒ නිවී යන බැල්මේ දැවටී මම මොහොතක් ගෙවීමි.
"ඔයා දැක්කද මං සමහර ස්ටෝල් වලින් ඒ පොත් ලියපු රයිටර්ට කියලා සයින් කරගන්නවා.."
ඔහු හිස සැලී ය.ඇතැමෙකු සමඟ ඡායාරූප පවා මට රැගෙන දුන්නේ ධීර ය.
"මං එයාලව එහෙම දන් නෑ.ඒකයි ඔයාට කතා කරන්න දීලා පැත්තකට වෙලා හිටියෙ."
ධීර...