නිබ්බුත ගීත

Nibbutha geetha
දීර්ඝ වූ ගිම්හානයකට පසු මදිවියට උදා වූ මල් පිපෙන වසන්තය ඒ තරම් ඉක්මනින් ගෙවී යාවියි මා බලාපොරොත්තු වූයේ නැත. ලෝචන මදුරාපුර ට මා කෙතරම් තදින් බැඳී සිටියේ ද යත් ඔහු නැති ජීවිතයක් ගෙවන්නට නියමිත බවක් සිතා ගැනීමටත් නො හැකි විය. අප අතරේ බිඳීමක් වූවා නම්, නො ගැලපීමක් හෝ වෙන්...
Nibbutha geetha
විභාගය නිමා වූ දා මා ගෙදර එමින් සිටියේ සැහැල්ලුවෙනි. ඉතා හොඳ නින්දක අවශ්‍යතාව ඉතා තදින් මට දැනෙමින් තිබිණ. ගතට වෙහෙසක් දැනුණ ද හිතේ නම් වූයේ සැනසීමක් බව විශ්වාස ය. පාර දිගේ ඇවිද එත්දී මගේ මුවග මඳහසක් තියෙන්නට ඇත. හැන්දෑවේ සෞම්‍ය සුළඟ සිහිලක් දනවමින් හමා ගියේ ය. අහරක් ගැන හෝඩුවාවක්...
Nibbutha geetha
ලෝචන මදුරාපුර සඳනි ගේ විවාහ උත්සවය සඳහා පැමිණියේ නැත. ඊට පෙර දින මට ඔහු මදුරාපුර මැදුරේ දී කුඩා වෙලාවකට හමු වූ අතර, ඒ වෙලාවේ ඔහු රියට ගොඩ වීමේ සූදානමක සිටියේ ය. "හෙට එනෝ නේ..." කියා මා විමසත්දී ලෝචන මදෙස බලා සිටියේ මීට පෙර නොදුටු කෙනෙකු දෙස බලන්නා බඳු ඇස් දෙකකිනි. අමුත්තක්...
Nibbutha geetha
යටගියාව දෙස ආපසු හැරී බලත්දී මගේ ජීවිතය ගැන මා පුදුම වෙනවා දැයි මම මගෙන් ම අසමි. එහි යම් යම් තැන් වල මා සිහිනයෙන් හෝ බලාපොරොත්තු නොවූ අහඹු සිදු වූ බව ඇත්ත ය. මදුරාපුර මැතිණිය මා සිය පුතු ගේ පාදපරිචාරිකාව ලෙස පිළිගැනීම එනැන්නකි. එපමණක් නොව ඈ මා සිය මිතුරියක ලෙස...
Nibbutha geetha
මදුරාපුර මැතිණිය ලෝචන හා මා අතරේ සම්බන්ධයට ආශීර්වාද කිරීමෙන් පස්සේ මැදුර තුළ හා ඒ වාසීන් තුළ මට ඇති වූ ඉඩ කඩ ගැන ඔබට කියන එක පමා විය. මා ඒ ගෙදර සාමාජිකයෙකු ලෙස පිළිගත්තා කියා වෙනත් කිසිවක ලොකු වෙනසක් වූවා නොවේ. අම්මා පුරුදු පරිදි එහි සේවයට ගියා ය. අම්මා ගේ...
Nibbutha geetha
උසස් පෙළ කරනා ගමන් ම මල්ලී සිය සුබ පැතුම් පත් ව්‍යාපාරය දියුණු කරමින් සිටියේ ය. එකතු කර ගත් මුදල් ටිකක් ද දමා ඉතිරිය මාසිකව ගෙවීමේ ක්‍රමයට ඔහු පරිගණකයක් මිල දී ගත්තේ ය. උසස් තත්වයේ සුබ පැතුම් පත් නිර්මාණයෙහි ලා පරිගණකයක් නැතිව බැරි බව ටික කලක සිට ඔහු පවසමින් සිටියේ...
Nibbutha geetha
ඍතු කියන්නේ ඇවිත් යන කාල වලට ය. එක ම ඍතුවක් කිසි දා මිහි මත පවත්නේ නැත. ගිම්හානය පහු කරන ගසකට හේමන්තයක් ද වසන්තයක් ද  ශරත් සමයක් ද හමු වීමට නියමිත ය. මිහි මතට චමත්කාරය ගෙන වඩින්නේ ඒ විවිධත්වයයි. දලු කොළ නැගී මල් පිපී ඵල බර වන වසන්තයක් ද තුරු...
Nibbutha geetha
ඉස්තෝප්පුවේ වටේ ම පේනා තැනකට ප්ලාස්ටික් පුටුවක් ඇද ගත් මදුරාපුර මැකිණිය, වටේටම සිය දෑස් යොමු කළා ය. මිදුලට සිරියාවක් ව ඇති තාරකා මල් බෝඩරය ද, මල්ලි ගේ එළවළු පාත්ති ද, පොල් අතු රටාව හිටින්නට මා උදයට අමදින මිදුල ද, කුණු බිඳක් හෝ නැති ගෙබිම ද ඇයට දර්ශනය වන්නට ඇත....
Nibbutha geetha
මධාරා අක්කා අප වෙනුවෙන් අලංකාර තේ මේසයක් සූදානම් කළා ය. එය විවිධ රස කැවිලි හා කෙටි කෑම වලින් පිරී තිබිණ. මා ඉන් බොහොමයක් කනු ඇතැයි ඇය අපේක්ෂා කළ ද එක ම එක පැටිසක් පමණක් ලෑටි ගාමින් බෝ වෙලාවක් ගත කොට මම තේ එක බීවෙමි. එහි ප්‍රණීත චොකලට් රසයක් වූ...
Nibbutha geetha
මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ ය. අප ක්‍රමයෙන් උස් මහත් වන විට පවා ඔහු කුඩා එකෙකුය යන සිතිවිල්ල ලොකුවට මට විය. මා ලොකු අක්කා කෙනෙකුය යන හැඟීම ඇතිව හැම විට ම මම...