ප්‍රේමයේ අභිමන්

ප්‍රේමයේ අභිමන්
කාලය කියන්නේ සාමාන්‍ය වහරට අනුව ඉගිලෙන දෙයකි. මරණයක් සිදු වුව ද තුන් මස හෝ වර්ෂ පූර්ණය සිදු වෙත්දී කාලය ගෙවී ගිය ඉක්මන කියා සිතෙනු වැළකිය නො හැකි ය. නමුත් ඔරලෝසුවේ තත්පර කටුව නැවතී ඇත්ද කියා සිතෙනා අවස්ථා ද අපේ ජීවිත වලට උදා නො වන්නේ නොවේ. ශල්‍යාගාරයේ දොරකඩ...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා හැඬුවේ නැත. සසංක ගේ දෑත් හා පපුව අතරේ කිටි කිටියේ හිර වී ඇය රහසින් සිනහ වූවා ය. ඈ තනියෙන් ම ජීවත් වූ මායාමය ලෝකයක් තිබිණි. ඒ ලෝකයෙහි ඈ හීන මවා ගෙන හිටි ආදරය ඒ වාගේ ය. එවන් වූ ආදරයක් මොහොතකට හෝ විඳ මිය ගියත් කම් නැතැයි...
ප්‍රේමයේ අභිමන්
සිය ජීවිතය අවසානය කරා එළඹෙමින් තිබෙන බව අරවින්ද ට හැඟිණ. අපි මරණය මිට මොළවා ගෙන උපදිනා මිනිසුන් වන්නෙමු. කවදා හෝ මියෙන බව ඉඳුරා දැන ජීවත් වන්නෙමු. නො දන්නේ කවදා කොයි ලෙස මරණයට පත් වන්නට නියමිත ද කියා පමණකි. නමුත් බරපතල රෝගයකින් ඇඳට වැටුණ මිනිසෙකු ගේ සිතිවිලි තරංග...
ප්‍රේමයේ අභිමන්
උදම් රළ, සුළි කුණාටු හා නාය යාම් කිහිපයකට පසු අපරාජිතා රත්මල්ගොඩ යළි පුරුදු ශාන්තිදායක බවට පිළිපන්නා ය. ටික වෙලාවක් සිය ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස නිවී සැනසිල්ලේ අවධානය යොමු කළ ඕ නැගිට ගොස් රයිස් කුකරයට හාල් එකක් ගැසුවා ය. ඇය තුළ කිසිදු කෑම රුචියක් නැත්තේ ය. නමුත් දැන්...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා යළිත් සිය භාවනානුයෝගී සිත ද සමග සන්සුන් ව පුරුදු කටයුතු වල නිමග්න වූවා ය. උදේ ට තනිව තේ එක හදා ගෙන බොත්දී සසංක හිස් බඩ වැඩට යනවා නේද කියා සිහි වී ඇය ඔහු ට තේ එකක් ගෙන ගොස් දුන්නා ය. ඊට පස්සේ එය පුරුද්දට ගොස් උදේ...
ප්‍රේමයේ අභිමන්
ඊළඟ දෙතුන් දින අනන්‍යා යළි පිටව යාම සඳහා සූදානම් වීමේ කටයුතු වලට වැය විය. අපරාජිතා ඈ වෙනුවෙන් මාළු ඇඹුල් තියල්, චිකන් ඩෙවල්, බටු මෝජු, සිංහල අච්චාරු වැනි කල් තබා ගත හැකි ආහාර වර්ග කිහිපයක් සූදානම් කළා ය. ගුවන් ගමනට පෙර දා අරවින්ද සමග දිවා ආහාර ගැනීමට අපරාජිතා...
ප්‍රේමයේ අභිමන්
වීදුරු සුදු පාට ගන්වමින් හිරු කිරණ ඇබිත්තක් කාමරයට එබිකම් කරමින් තිබිණ. අපරාජිතා සීරුවට නැගිට ඇතිරිල්ල නවා තබා යහනින් බිමට බැස්සා ය. අනන්‍යා තවමත් ගුලි වී නිදන්නී ය. මොහොතක් ඇදෙස බලා උන් අපරාජිතා දියණිය ගේ පොරෝනාව සකසා වීදුරු බිත්තිය වසා ලූ තිර රෙදි දෙපසට කළා ය. මහනුවර නගරය...
ප්‍රේමයේ අභිමන්
අනන්‍යා ට නිදෙස් ගත වීමට පෙර යන්නට අවශ්‍ය වූයේ කඳුකරයට ය. ඒ අනුව එක් රාත්‍රියක් මහනුවර නතර වී දෙදිනක සංචාරයක යෙදෙන්නට අපරාජිතා තීරණය කළා ය. අනන්‍යා ඊට එකඟ නොවූ අතර දෙදිනක් නුවර හෝටලයක නතර වෙමු යයි කියමින් ඇවිටිලි කරන්නට වූවා ය. "අම්ම හිතේ හයියට...
ප්‍රේමයේ අභිමන්
අපරාජිතා රොෂෙල් ට දුරකතන ඇමතමක් ගත්තා ය. මීට පෙර වසර ගණනාවක් තිස්සේ ඇය රොෂෙල් ව දැන හැඳින ද කතා බහ කොට ද තිබේ. 'මැඩම්' කියා ඈ අපරාජිතා ඇමතුවේ ගෞරවයෙනි. අපරාජිතා එක්ක ඇයට නිරන්තර තරගයක් විය. ඇය හැම මොහොතක ම හදවතින් ඒ තරගයෙහි නියුතු ව සිටියා ය. සිය...
ප්‍රේමයේ අභිමන්
කඳුළක් දෙකක් වැටුණාට අපරාජිතා ඉක්මනින් ම සන්සුන් වූවා ය. ගැහැනු ඇස් වලට කඳුළු එන්නේ දුකක් වාගේ හැඟීමකට විතරක් ම නොවේ. ඔවුහු සතුටට ද ස්නේහයට ළඟ හැඟීමෙහිදී ද කඳුළක් හලති. එය වූ කලී ගෑනු ගතිය ය. මේ වෙලාවේ වැටුණ කඳුළට හේතුව හෝ එහි තේරුම හෝ අපරාජිතා දැන සිටියේ...