සඳ ගංතෙර

Sanda ganthera
"පුතේ.." චාන්දනී සඳරැස්ව අමතන්නේ හැඬුම් ස්වරයකිනි. ඔහු අසීරු සිනාවක් නඟා ගත්තේ ය. "දැන් ලස්සන කොල්ලෙක්නෙ." ඇය කියයි. තමන් කඩවසම් බව ඔහු පෙම්වතියන් ගණනාවකගේ මුවින් අසා තිබේ. "ඔයාගේ පෙනුමේ තියන ලස්සන හිතෙත් නැති එකනෙ නරක.ඔයා මහ ගල් හිතක් තියන ජරා මිනිහෙක්." දුලන්‍යා හැරෙන්නට හැම කෙල්ලකම එසේ පැවසූ බව ඔහුට මතක ය. එහෙම වන්නට ඇත්තේ ඇයිදැයි...
Sanda ganthera
"මං ආවේ විහස් ගාව ඉන්න අයියේ" දුලාජ් පිටතට පැමිණ චාන්දනීගේ ඉල්ලීම කියද්දී සඳරැස් හැඟීමක් නැති කටහඬකින් පැවසී ය. දුලාජ් ඔබමොබ බැලී ය. මේ හිතුවක්කාරයා පාලනය කරන්නට අසීරු බව ඔහු දනියි. ඔහු කරන්නට ඕනෑ දේ සිතමින් නැවත කාමරයට ගියේ ය. "පුතා මාව හම්බ වෙන්න බෑ කියනවද දුලාජ් පුතේ?" චාන්දනී ඇසී ය. මල්වැන්නගේ නොවුණාට...
Sanda ganthera
"රැයක් තිස්සෙ දරුවා තනියෙන් තියන්න එපා. දූ ආපහු යන්න." චාන්දනීගේ හඬ ඇසෙන්නේ බිඳෙමිනි. තාරුකා නිරුත්තරව බලා සිටියා ය. රැයකට හෝ දැරිය අත් නොහරින්නැයි ඉල්ලන්නට චාන්දනීට අයිතිය තිබේ. ඒ සූකිරිගේ අත්තම්මා ය. නමුත් ඇය සූකිරිගේ අම්මාව වසර ගණනක් අතැර දැමූ ගැහැනිය ය. "අම්මා බිස්නස්වලට මහන්සි වෙනවද? ලෙඩ වෙන්නේ?" තාරුකා කතාව මාරු කළා ය....
Sanda ganthera
"අපි යං" දුලාජ් එහෙම කීවේ ය. තාරුකාගේ තාත්තා මිය යද්දී ඔහු ඇගේ පෙම්වතා ය. තොරක් නැතුව හඬමින් සිටි තාරුකා ද ගලක් වී බලා සිටි සඳරැස් ද එහෙමම සිටියදී දුලාජ් මල්වැන්න මහතාගේ අවසන් ගෞරවය වෙනුවෙන් බර කරට ගත්තේ ය.එහෙත් අක්කා මලෝට තාත්තා ගැන හද කකියන වේදනාවක් මිසක පසුතැවීමක් නොතිබිණ. ඒ ඔවුන්ගේ...
Sanda ganthera
චාන්දනී කාමරයේ බිම වැටී සිටියා ය. උඩුකුරුව වැටී සිටි ඇය දකිද්දී විහස්ට ඇති වූයේ බියකි. ඕනෑවට වඩා බොහෝ දේ ඔහු අම්මා සමඟ පැවසී ය.  ඇයට ඒවා දරා ගන්නට නොහැකි වූයේ ද? අම්මා ඔසවා යහනෙන් තැබූ වහා ඔහු කළේ අම්මාගේ බෙහෙත් බෝතල් පිරික්සීම ය. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වන්නට හැකියාව තිබේ. නමුත්...
Sanda ganthera
"මේ අපේ චූටි දූ." විහස් ඡායාරූප විස්සක් තිහක් චාන්දනීට දිගු කළේ ය. තමන්ටත් වඩා විශාල මෘදු සෙල්ලම් බඩුවක් තුරුළු කරගත් බටු ඇටයක සිනා නගන්නී ය. ඒ තාරකාම ය. ඇය ද කුඩා කාලයේ හඬන්නට දන්නේ නැත! "බෙහෙත් විද්දමත් කට පොඩ්ඩක් ඇද කරලා ආයේ අපිට ටිකිරි හිනා පාන කෙලි කොටයක් දැක්කමයි" එකල ළදරු සායනයේදී පවුල්...
Sanda ganthera
"දැන් ඔයාට ඔයා ගැන ඕනෑම තීරණයක් ගන්න අයිතිය තියනවා." දුලාජ් ඊටත් පසුව කීවේ ය. දුලන්‍යා ගල් ගැසී අසා සිටියා ය. අයියා මේ කියන්නේ සහස් ගැනනම් එතරම් බූරුවෙකු සරසවියටම නැති බව කියා කතාව නවත්වා ගන්නට හැකි බව සහතික ය. "කෙනෙක්ට තෝරාගන්න ආකර්ෂණේ නවතින දවසක් එනවා. අන්න එදාටත් එයාට ආදරේ කරන්න පුලුවන්ද, එයාව...
Sanda ganthera
"ඔයා දුකින් ඉන්නේ ඇයි අයියේ?" දුලන්‍යා සඳරැස්ට ගැළවෙන්නට දුන්නේම නැත. ඔහුගේ කනස්සල්ලට හේතුව ඇය දනියි. නමුත් ඒ ගැන ඔහුගෙන්ම අසන්නට ඇය සතුටු ය. ආදරය එසේ විය යුතු වේ. වේදනාත්මක මොහොතක පවා අත නෑර අල්ලා සිටිය යුතු වීම ආදරයේ කොටසක් බව ඇය සිතී ය. "සත්සර එයා ගැන අමුතු කතාවක් කිව්වා." දුලන්‍යා දෑස් මඟ...
Sanda ganthera
"බලන් ගියාම විහස් තමයි හොඳම කපටියා." ව්හස් විජේවර්ධන තමන්ගේ ළඟම මිතුරා බවට පත් වූ කතාව සඳරැස් පැවසුවේ දුලාජ්ට ය. රහස් නැති ප්‍රේමයක් විවාහයක් බවට පත් කරගත් දුලාජ්ට එය තාරුකාට නොපවසා ඉන්නට ඕනෑ වූයේ නැත.කතාන්දරය අසා සිටි තාරුකා එහෙම කියන්නේ තරහින් නොවේ. "විහස්ට ඇත්තටම අපිව ඕනෑ වුණා. විහස් ඒකමයි මල්ලිට යාළුවෙක් හැටියට...
Sanda ganthera
පවුලක සතුට ඇත්තේ එකිනෙකා එක් එක් ලෝකවල අතරමං වී සිටින තාක් නොවන බව විහස්ට සිතේ. ඔහු ඒ වග ඉගෙන ගත්තේ සඳරැස්ගේ නිවසට ආ පසු ය.  "මේ ගෙදර වයිබ් එක මාරයි. මං මාරම ආසයි." විහස් එසේ කියන්නේ කල්පනාකාරීව ය. සැබෑවටම ඔහුට මේ නිවසේ ඇති ආදරණීය බව දරා ගන්නට නොහැකි තරම් ය. "උඹව අපේ...