සඳ ගංතෙර

Sanda ganthera
"ගෑනු කියන්නෙ රැවටිලිකාරියො වෙන්නත් පුලුවන් කොට්ටාසයක්.රැවටිලා දුක් විඳින ගෑනු වගේම රවට්ටලා දුක් දෙන ගෑනුත් ඕන තරම් ඉන්නව.හැබැයි අන්තිමට රැවටුණේ තමන් කියලා කෑගහන්නත් ලෑස්ති වෙනවා.ගෑනු පිරිමි කියල එකක් නෑ.අපි මිනිස්සු.සේරටම කලින් මනුස්සකමට අවංක වෙන්න ඕන..” චාන්දනීට එසේ පැවසුවේ අම්මා ය. ඒ බොහෝ අතීත දවසක ය. අම්මා සඳරැස් ගැන ඇත්ත දැනගෙන ඉන්නා...
Sanda ganthera
ජීවිතය සියළු සැපතින් පිරී ගිය අතීතය චාන්දනී සිහි කළා ය. කෝටිපතියෙකුගේ බිරිඳක වී ඉන්නා ගමන් ගුරුවරයෙකුගේ බිරිඳක් වී සිටි කාලය සැපතින් පිරී ගිය අතීතයක් බව සිතීම අසන කෙනෙකුට පුදුමයක් වන්නට ඉඩ තිබේ. නමුත් ඒ කාලයේ ජීවිතය පිරී තිබිණ. එහෙත් අඩුවක් ද තිබිණ. විජිත මල්වැන්න තරමට සාර්ථක ගුරුවරයෙකු එකල නොසිටි තරම්...
Sanda ganthera
"හැංගිලා ගියා කියලා හිතන් හිටිය අතීතයක් ගොඩ දාන්නේ ඇයි?" කමල් විජේවර්ධන චාන්දනීගෙන් ඇසුවේ රෑ කෑම.මේසයේ දී ය. රෑ කෑම මේසයට හෝ නිදි යහනට ප්‍රශ්න ගෙන නොආ යුතු බව කියන්නේ විජිත මල්වැන්න ය. "මූණ එල්ලන් නිදාගන්න එපා චන්දි. ඔතනින් ඉඳගන්න. දැන් හෙමින් කියන්න ප්‍රශ්නෙ මොකක්ද කියලා?" ඔහු අසන්නට පුරුදු වී සිටියේ ය. මල්වැන්නට...
Sanda ganthera
"ඇත්තටම මාත් එක්ක තරහද?" ඒ සාම්ප්‍රදායික මෝඩ ප්‍රශ්නයකි. පෙම්වතියගේ සිත ඇති වෙන්නට රිදවන බොහෝ තරුණයන් ලැජ්ජාවක් නැතුව අහන ප්‍රශ්නයකි. "මං යැ යකාට ඇන්දේ" බිලිඳිය මාමාගේ අතකින් ඇද ජූජූ බාසාවකින් මොනවාද කීවා ය. හරිම අපූරු ය! නැන්දා රිදවීම ගැන මේ කුඩා ආමන්ඩ් ඇටයට ද තද වී ඇති පාට ය. "මේ කෙල්ලන්ගෙ හරි ගැංසි."  සඳරැස් එසේ...
Sanda ganthera
"කෝ අක්කේ දුලා?" සඳරැස් අසන්නේ තාරුකාගේ කාමරයට එබෙමිනි. සිඟිත්තියට කිරි දීම නොනවතාම තාරුකා මල්ලී දෙස බැලුවා ය. "තාම ආවේ නෑ." දැන් හයටත් කිට්ටු ය. විශ්ව විද්‍යාල ළමයෙක් ඒ වෙලාවට ගෙදර නොඒම ලොකු ගැටළුවක් නොවන බව ඇත්තකි. නමුත් සඳරැස් මේ පරක්කුවට කැමති නැත. "අයියා එක්කන් එයිනෙ?" ඔහු එසේ අසද්දී ඒ කතාවට කට දැම්මේ කොහෙදෝ සිටි...
Sanda ganthera
"මේ කතාව එහෙම සරල විදියට ගන්න බෑ තාත්තේ" විහස් ඇත්තම කියන්නට සිතී ය. ඇත්තටම මේ සරලව ගත හැකි කතාවක් නොවේ. ඔහු ඒ ගැන නැවතත් සිතුවේ ය. අම්මා කෙනෙකු වසර ගණනාවකට පෙර තමන්ගෙන් මඟ හැරුණු දරුවන්ගේ ආදරය සොයා යාම අතිශය ස්වභාවික සංසිද්ධියක් ලෙස දකින්නට ඔහුට පුලුවන. කුල වද්දාගන්නට දුන් දරුවන් පව...
Sanda ganthera
"මට එයාට කියන්න ඕන මේ ජීවිත අවුල් කරන්න එයාලා ගාවට එන්න එපා කියලා. මං කැමති නෑ ඒකට." දුලන්‍යාට හැඬේ. විහස් ඇයට හඬන්නට දී බලා සිටියේ ය. සමහර අවස්ථාවල හඬන කෙනෙකු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි ඔහු දන්නේ නැත. නමුත් බලා ඉන්නට අසීරු ද නොවේ. ඔහු අසා සිටින්නටත් වෙලාව දෙන්නටත් තීරණය කළේ...
Sanda ganthera
"කොල්ලෙක්ට තරහ ගියාම නිවෙන්න වෙලාවක් යනවා මචං.එක දිගට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමට තියන තරම් චැට් ඇප් පිරෙව්වට වැඩක් නෑ. ඒ මනුස්සයට නිවෙන්න දීපං." ලහිරු එසේ පැවසුවේ හැම වැඩක්ම අහකට දමා සඳරැස්ට දිග පණිවිඩ යවමින් සිටි දුලන්‍යාට ය. ඇය ඒවා අසන්නට සූදානම් නැත. දේශන අතරේ පවා ඇය සඳරැස්ගේ දුරකථනය අංකනය කළා ය....
Sanda ganthera
"කියන්න දෙයක් තියනවා" රාත්‍රිය ගෙවෙනතුරු නිදි නැති ඇස් වලින් බලා සිටි දුලන්‍යා පසුදා උදෑසන මෝටර් රථයට ගොඩ වූ වහා සඳරැස්ට පැවසී ය. සඳරැස් සඳක් සේ හිනැහිණ. "අද වයිවා එකක්. හරියට පාඩම් කරේ නෑ? එහෙමද?" ඔහු ඇයට ඇති ප්‍රශ්න ලෙස දකින්නේ එහෙම ඒවා ය. අම්මාත් තාත්තාත් දුලාජ් සහ තාරුකාත් පමණක් නොව දැන් ඔහු...
Sanda ganthera
"ඔයා දන්නවද සත්සර කියන්නේ කවුද කියලා?" සත්සර හමු වූයේ අද වුවත් දුලන්‍යා ඔහු ගැන බොහෝ දේ අසා තිබුණා ය. සඳරැස් සෑම මොහොතකම ඔහු ගැන කතා කළේ ආදරයෙනි. කාලයකට පසු තමන්ගේ තාලයට හරියටම ගැළපෙන මිතුරෙකු ලැබීමේ සතුට ඔහුට තිබිණ. "පොඩි ඒජ් ගැප් එකක් තිබුණට මගෙ වයිබ් එකට මාර විදියට සෙට් වෙන කොල්ලා....