සඳ ගංතෙර

Sanda ganthera
“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට...
Sanda ganthera
"මං හැමදාම කලු තාරාව වුණු කෙනෙක් අක්කා.ඇත්තටම ඔයාලව අම්මා මඟ ඇරපු තරමටම එයා මාවත් මඟ ඇරියා. සහස් වගේ කම්ප්ලීට් ළමයෙක් ළඟදි මං වගේ මෙලෝ රහක් නැති ළමයෙක් අම්මට මඟ ඇරෙන්න ඇති." විහස් එහෙම කියන්නේ වේදනාවෙනි. නමුත් රිදීම් අතරින් පවා තාරුකාට කියන්නට දෙයක් තිබිණ. "අම්මා ජීවිතේ හැමදේම අතරින් කමල් අංකල්ව තෝරා ගත්තා....
Sanda ganthera
"පාරෙන් අහුලන් කොල්ලෙක් එක්කන් ආවා." සඳරැස් එසේ පැවසුවේ කුඩා දියණිය සමඟ ගෙඋයනට වී සිටි තාරුකාට ය. හිසකෙස් මඳක් වැවෙන්නට ඉඩ හැර අතෙහි ටැටුවක් ගසා ඇති විලාසිතාවට බර තරුණයා දෙස තාරුකා බලා සිටියා ය. මොකක්දෝ හුරුවක් ද තිබේ. "මේ මල්ලී හරිම පුරුදුයි." ඈ එසේ කියද්දී විහස්ගේ පපුව ගිනි ගත්තේ ය. පවුලේ ලොකු අක්කාට...
Sanda ganthera
"දූට තාම විසි එකක් විතර වෙන්න ඇති." පසුව කතා කරන්නට තීරණය කළ ගැහැනිය අසයි.දුලන්‍යා හිස වැනුවා ය. එක අතකට මේ සහස්ගේ අම්මා පමණක් නොවේ. ඇගේ දෙවැනි අම්මා වූ තාරකා අක්කාගේ ද අම්මා ය. ඇගේ ප්‍රාණසරි ප්‍රේමයේ ද අම්මා ය.  "ඔන්නොහෙ කතා කරනවා." දුලන්‍යා තීරණයක් ගත්තා ය. "මං අංකල් විජිත එක්ක යාළු වුණෙත් ඔය...
Sanda ganthera
"ඔයාව මුණ ගැහෙන්න විසිටර් කෙනෙක්" සරසවියේ විවේකි හෝරාවක ඒ පණිවිඩය ආවේ අහම්බයකිනි. දුලන්‍යා පුදුම වූවා ය. කොහේ ඉන්නා ආගන්තුකයෙක් ද? පළමු වසරේ දුලන්‍යා සොයන්නට ඕනෑ කාටදැයි ඇයට සිතේ. "ලේඩි කෙනෙක්" පණිවිඩය ඉන් අනතුරුව එසේ කියවිණ. "සඳරැස්ගෙ කලින්.." නෙත්මි එහෙම ඇසුවේ කෝකටත් කියා ය. වෙන්නට බැරි දේවල් නැත. සඳරැස් හිත නිවී සැනසෙන ප්‍රේමයක හිඳීම දිරවා...
Sanda ganthera
විහස් ඔහුට ආසන්නයට වී ව්‍යායාමයේ යෙදෙන තරුණයා සමඟ සුහද සිනාවක් නැඟී ය. කායවර්ධන මධ්‍යස්ථානවලදී ඕනෑතරමට යාළුකම් ගොඩ නැඟේ. කොල්ලන්ට කතා කරන්නට මාතෘකා ද අපමණ ය. හොලිවුඩ්,බොලිවුඩ් මලයාලම් වලින් ඇරඹී වැඩිහිටියන්ට වෙන් වූ වෙබ් අඩවිවල චිත්‍රපට ගැන ද දසුන් ශානකට වඩා හොඳින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැසිරවීමේ තම දක්ෂතා ගැන...
Sanda ganthera
"මං ගෑනු ළමයෙක්ට ආදරෙයි කිව්වා. ඊටපස්සේ ඒ ගෑනු ළමයට වෙච්ච දෙයක් නෑ. අඩුම තරමේ මැසේජ් එකක්වත්" දුලන්‍යා සරසවියට හැරලවන්නට ඉඩ ලැබුණු ඊළඟ දවසේ සඳරැස් කියන්නේ නෝක්කාඩුවට ය. දුලන්‍යා හිස හරවා හිනැහුණා ය. අද ඇගේ ඇඳුම වඩාත් හැඩ බව ඔහුට සිතේ. මේ ඇඳුම ඇය මීටපෙර දවසක ද ඇඳ සිටියා ය. නමුත්...
Sanda ganthera
පියවි සිහිය එළඹෙනතුරු විහස් මඳ වෙලාවක් ගෙවා දැම්මේ ය. ඔහුගේ ඇති මානව සබඳතාවල ස්වරූපය අනුව සඳරැස් මල්වැන්නගේ දුරකථන අංකය පවා සොයා ගන්නට මහ වෙලාවක් ගත වන්නේ නැත. නමුත් චාන්දනී විජේවර්ධනගේ බාල පුතු බව කියමින් සඳරැස් දිනා ගන්නට ඔහුට ඕනෑ නැත. විනාඩි කිහිපයක සෝදිසියකින් පසු ඔහුට තීරණයක් ගැනීම වඩා පහසු විය....
Sanda ganthera
සහස් සිටියේ සතුටින් නොවේ. කිසිම සතුටකින් නොවේ. අඩුම තරමේ ඇයට මේ තරමට ලොකු කතන්දර නොකියා ඉඳින්නට තිබිණ.  "මං අසනීපෙන් ඉද්දී බලන්න ආවට බොහොම ස්තූතියි! ඒත් මල් අරන් එන්න එපා ආයේ එනකොට. ගෙදර අය වැරදියට හිතනවනෙ." එවැනි ලොකු කතා ඔහුට කිසිම කෙල්ලක කියා නැත. කමල් විජේවර්ධනගේ ලේලිය වන්නට කෙල්ලන් කොහොමත් පොර කෑ...
Sanda ganthera
"මනුස්සයෙක් ආදරෙයි කිව්වම ඒ මනුස්සයව මඟ අරින අරුම පුදුම කෙල්ලෙක් දැක්කමයි." ජම්බු ගසකින් බිමට පත බෑ කෙල්ලක මෙන් කාමරයටම කොටු වී සිටින දුලන්‍යා වෙත තාරකා පැමිණියේ එසේ කියාගෙන ය. දුලන්‍යා හැකි තරමට ලැජ්ජාශීලි සිනාවක් නඟා ගත්තා ය. ඔහු දුලන්‍යාගෙන් අහන්නේවත් නැතිව ඔවුන්ගේ කතාව අක්කාට කියා තිබේ. මේ තරහ වෙන්නටත් හොඳ...