Tag: කදෝකිමි ඇස්

කදෝකිමි ඇස්
"අක්කා.." සඳරැස් අන්ධකාරය මැදින් පායා ආයේ ය.අක්කා හඬමින් සිටින බව ඔහු දුටුවේ ඒ මොහොතේ ය.අක්කාගෙන් පාඩමක් අසා ගන්නට කාමරයට විත් අනවසරයෙන් සඳැල්ලට එබුණු යෞවනයාට අක්කාගේ හැඬීම ගැන ඇති වූයේ කුතුහලයකි.ආරණ්‍යා කිසිවක්ම නොකියා මල්ලිගේ උර තලය මත හිස ඔබා ගත්තා ය.ඇයට ඕනෑ වූයේ හඬන්නට ය.ප්‍රශ්න කිරීම් හෝ පිළිතුරු දීම් ඇයට නුවුමනා...
කදෝකිමි ඇස්
ආරණ්‍යා තිගැස්මෙන් සහ වඩා පීඩිතව ගිය සිතුවිලි දරා සිටියදීම මේඝ ඔහුට කියන්නට ඇති දෑ පැවසී ය. "මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.අතීතයක් ගැන අමතක කරලා අපි දෙන්නට තියෙන්නෙ වෙනම ජීවිත කියලා තේරුම් අරන් ඔයාට මේක අහන්න පුලුවන්ද?" මේඝ කියන්නේ ඈත්ව යන සිහිනයක් බව දැනි දැනීම ආරණ්‍යා එය අසා හුන්නා ය. "මං ඔයාට ආදරෙයි...
කදෝකිමි ඇස්
ආරණ්‍යා කදෝකිමියන් වසා හිඳින සේපාලිකා ගස වෙත ඇස අලවාගෙන සිටියදී මේඝ ඈ ඇමතී ය.ආරණ්‍යා සිටියේ ඒ ඇමතුම පැමිණෙන තෙක් ය.ඇයට ඔහුගේ හඬ අසන්නට ඕනෑ විය.ප්‍රේමය එබඳු බව ඇය දැන සිටියා ය.හඬ ඇසෙන ඇසට ඇස ගැටෙන දුරකින් ප්‍රේමය රැඳේනම් යුවතියකට ඉන් එහා සතුටක් නොවේ.ආරණ්‍යා මේ විඳිමින් සිටියේ ඒ හැඟීම ය. "අම්මාගෙන්...
කදෝකිමි ඇස්
ආරණ්‍යා එදා රාත්‍රියේ දී අම්මාගේ පුස්තකාල කාමරයට ආවේ අම්මා සමඟ කතාබහක යෙදෙන්නට ය.කියන්නට බොහෝ දේ තිබිණ.අසන්නට අපමණ දෑ තිබිණ.ඇය අම්මාගේ මුහුණ දෙස බලා සිටියේ ඒ සියල්ල සිතේ දරාගෙන ය. "සුදු මැණික ඇයි?" මේකලා අසන්නේ පරිගණක තිරය දෙස බලමිනි.ඇය උපැසට යටින් තමන් දෙස බලන බව ආරණ්‍යාට සිතේ.ආරණ්‍යා අම්මා දෙස එක එල්ලේ බැලුවා...
කදෝකිමි ඇස්
"අම්මා කියපු සේරම දේවල් හරියටම හරි." මෝක්ෂ ආරණ්‍යාට පැවසුවේ ඇය ගිරවියක සේ බිනරි පැවසූ කතාන්දර කියද්දී ය.ආරණ්‍යා පැමිණියේ ඒ ගැන කතා කරන්නට නොවේ.ඇය මේඝගෙන් දැන ගත් කතාවට මුල පිරුවා ය. "මං ඒ කතාව දන්නව නංගි.." මෝක්ෂ කියන්නේ ආරණ්‍යාගේ වචන නාස්ති වන්නට ඉඩ නොතබමිනි.අනතුරුව ඔහු සුසුමකට නිදහස් වන්නට ඉඩ හැරියේ ය. "අපේ අම්මා ආදරේ...
කදෝකිමි ඇස්
ආරණ්‍යාට සවස් යාමයේ දේශනයක් තිබිණ.ඇය එහි නොයා මෝක්ෂ සොයා ගියා ය.මේඝට සමුදු පසු ඇයට නැවතත් ඉගෙනුමෙහි යෙදෙන්නට තරම් මානසිකත්වයක් නොතිබිණ.මෝක්ෂ සිටියේ ගෙදර ආ ගමන් ය.බිනරි මුළුතැන්ගෙයට වී පුඩිමක් සකසමින් සිටියා ය. "මං එනව කියලා නැන්දා දැන ගත්තද?" ඈ වටා දෝතම යවන ගමන් ආරණ්‍යා අසන්නේ ආදරයෙනි.බිනරි ආරණ්‍යා දෙස බලා හිනැහුණේ සරදමට ය. "ඔව්,...
කදෝකිමි ඇස්
ආරණ්‍යා මේඝ වෙත ආවේ කැළඹුණු සිතකිනි.මෝක්ෂගේ අතකින් අල්ලාගෙන සෑම තැනකම රස්තියාදු ගැසූ දවස් ඕනෑතරම් ය.නමුත් ඒ බොහෝ ගමන් රහස් ගමන් නොවේ.සමහර වෙලාවට ආරණ්‍යා විභාග භීතිකාවකින් හෝ කුමක් හෝ කාරණාවකට හොස්ස පෙරළාගෙන සිටියදී ඇය කොහේ හෝ රවුමක් රැගෙන යන්නැයි මෝක්ෂට ආරාධනා කරේ ද මේකලා ය.ඒ හැරුණු විට මෝක්ෂටත් ආරණ්‍යාටත් තිබුණු...
කදෝකිමි ඇස්
මේඝ අවන්හල තුළට වී මඟ බලන්නට වූයේ ය.ආරණ්‍යා එන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ගමනකි.ඇගේ තාත්තා තමන්ගෙන් ඉල්ලා සිටි දෙය සිතට දැනෙද්දී ඔහුට වරදකාරී හැඟීමක් ඇති නොවුණා නොවේ.එහෙත් ඔහු පිළිණ දුන්නේ ය.ඒ අතීතය යළිත් ප්‍රතිනිර්මාණය නොවීම පිණිස ය. "අංකල්, මම ආරණ්‍යාට ආදරෙයි.ආරණ්‍යා ඒ කතාව තාම දන් නෑ.එයා මට ආදරේ වුණොත් මං පොරොන්දු වෙනවා...
කදෝකිමි ඇස්
ආරණ්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි.ආරණ්‍යා ඔරලෝසු කටු ගනිමින් නොඉවසිලිමත් හැඟීමකින් පිරී ගියා ය.ඇයට මේඝ හා කතා කරන්නට වූයේ නොඉවසිල්ලකි;අම්මාගේ අතීතය ගැන දැන ගන්නට තිබුණේ ද නොඉවසිල්ලකි.මේ නොඉවසිල්ලෙන් පිරී ගිය ඇය සහස් කෝප ගන්වන...
කදෝකිමි ඇස්
ආරණ්‍යා සමඟ මුල්ම හමුවට යන්නට හැඳ පැළඳ ගන්නට පළමුව මේඝ බොහෝ වෙලාවක් ඇඳුම් තෝරන්නට වූයේ ය.මෙය කිසිම ප්‍රේමවන්තියක වෙනුවෙන් ඉටු කළ දෙයක් නොවේ.ඔහු සැලකිලිමත්ව හැඩ වැඩ වී කෙල්ලන් දකින්නට නොගියේ ය.ඔහු තුළ ඇති පෞරුෂය කොහොමටත් කැපී පෙනෙන බව මේඝ දැඩි ලෙස විශ්වාස කළේ ය.එහෙත් මේ වෙනස් කතාවකි.ඔහුට හැඟෙන අන්දමට...