Tag: පතිදම්වැල්

“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා” අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත නැවීය. අරුණි සහ මධුකගේ විවාහ මංගල්‍ය උත්සවයේදී දුලන්‍යාගේ ගුරුතුමිය දකින්නට වේයැයි අනුප බලාපොරොත්තු වූවා නොවේ. එහෙත් ඇය නිරත්තරයෙන් සිත මත්තට පැමිණෙමින් තමාගේ දැවුණු හිතට වැස්සක් මෙන් ඇද...
“මම හිතුවෙ ලබන සතියෙ අවුරුදු උත්සවේ නිසා මැඩම් නිවාඩු දෙන එකක් නෑ කියල. ඒත් ඉතින් නිවාඩු එහෙමම වගේ ඉතුරු නිසා ප්‍රශ්නයක් උනේ නෑ” උශාලි එසේ පැවසුවේ අම්මාටය. අද පාසලේ මිතුරියක වූ අරුණිගේ විවාහ මංගල උත්සවයයි. කොළඹ රමාඩා හෝටලයේ පැවැත්වෙන ඒ මංගල උත්සවය සඳහා යන්නට උශාලි සූදානම් වෙමින් හිඳියේ ඊයේ සන්ධ්‍යාවේ සිට...
“ඔයාට ආයෙ එන්න බැරිද ෂෝබිතා ප්ලීස්, දරුව ගැනවත් හිතල ආයේ එන්න” කියා අනුප ෂෝබිතාට කෙටි පණිවිඩයක් යැවුවේ සිය වන වරට පමණය. කිසිදු දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට හෝ පිලිතුරු නොදෙන්නට තරම් ෂෝබිතා දරුණු වූයේ කෙසේද යන්න ගැන අනුපට වූයේ මහත් පුදුමයකි. ඇය හිඳින්නේ දමිත් සමග බව දැනගත් වෙලේ එක කඳුලකදු...
එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත. ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර මොහොත මියයන තුරුම මතකයේ තබාගත යුතු බවටත් සිහි තබාගෙන ආ කෙල්ලක වැස්සේ තෙමීම නිසා උණ හෙම්බිරිස්සාව හදා ගත්තා වුව උන්නෙ සන්තෝසයෙනි. ඒකපාර්ශ්වීය වුවද සොඳුරුතම ප්‍රේමණීය මොහොතක්...
ඒ දෛවෝපගත දිනය සතියකට පසු නොව කිසිදිනක තමාට අමතක කරන්නට බැරි බව පමනක් අනුප දැන උන්නාය. "අනේ පුතේ ෂෝබිතා ගෙදරින් යනව කියල බඩු ඔක්කොම අරගෙන ගියා" දුරකතනය ඔස්සේ ආ අම්මාගේ හැඬුම්බර කටහඬත් ඉන් එහායින් ඇසෙන දුලන්‍යා "අම්මා" කියමින් හඬන් හඬත් අනුපගේ සිත කීරිගස්සන්නට විය. ෂෝබිතාගේ දුරකතනය ඇමතුවද එය නාද වී නිහඬ වනවා...
"අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?" විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී. "ලෙක්චර්ස් ඉවරවෙලා පොඩ්ඩ සරසවි එකට වගේ ගිහින් එන්නම්" අම්මාට සිනාවක් සමග පිළිතුරු දුන්නාට ඉන්පසුව එන අවවාද පිරි වදන් පෙල උශාලිට දැන් නිතර අසාම කටපාඩම්‍ ය. "ඔහොම හම්බ කරන ඒව...
කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම සිත අස්සේත් පැලපදියම් වී ඇති බව අනුප දනී. මිනිසෙකු බොහෝ විට තනිවම බාරයකට පැමිණ මධුවිතෙන් සප්පායම් වෙමින් අන්ධකාරය දෙස බල හිඳ කල්පනා කරන්නේ සිත දවන ගැටලුවක්...
"ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?" හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්‍රශ්නයේ බර මදක් හෝ ලිහිල් කරගන්නට පුලුවන් වූයේ දිස්නා සමග කීමෙනි. හමු වී මහ කාලයක් ගත් වී නොමැති වුවද දිස්නා යනු විශ්වාසය තැබිය හැකි අයෙකු බව උශාලි දැන හුන්නාය. "ඔයා...
"ලබන සතියේ දුවගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ කියල අම්මයි තාත්තායි දෙන්නටම එන්න කියල ඉන්විටේශන් එක එවල තිබුනා" අනුප කතාව පටන් ගත්තේ දුලන්‍යා නිදන කාමරයට ගොසින් ඇයගේ පුංචි ඇඳ වැසෙන්නට මදුරු දැල දමා නින්ද සුවපහසු කරනු පිණිස මද කහ පැහැ එළියකින් දැල්වෙන රාත්‍රී පහන දල්වමිනි. කණ්ණාඩි මේසය ඉදිරියෙන් හිඳගෙන මුහුණේත් බෙල්ලේත් අත්වලත් ස්පා...
"අයෑම් සොරි" කිසිවක් නොකියාම දුරකථනය තිබීමෙන් අනතුරුව උශාලි එසේ ලියා යැවුවේ සිත අස්සෙන් මතුවන තමන් වැරදි යැයි හැඟවෙන සිතුවිල්ලෙන් මිදෙනු පිණිසය. සිත අස්සෙන් ඔහුට ඒකපාර්ශ්වීයව ආදරය කරන බව රහසක් නොවේ. ඒත් ඔහු විවාහක පිරිමියෙකි. තම පෙර පාසලේ තම පංතියේ ඉගෙනුම ලබන දරුවෙකුගේ තාත්තා කෙනෙකි. එබව හොඳින්ම දැන සිටිද්දීත් තමා විසින් එවන්...