Tag: හසරැලි වැස්සේ
අම්මා වඩවඩාත් අප වෙත නැඹුරු වන්නට පටන් ගත් අතර ඇය වසර විස්සක් තිස්සේ අපෙන් මොනතරම් දුරස්ව සිටියාදැයි මට වැටහුණේ ඉනික්බිතිව ය.අම්මා අයියාටත් මටත් තාත්තාටත් සියල්ල ඈ අතින්ම සිදුවිය යුතු බව විශ්වාස කරන්නට තරම් සන්සුන් වූවා ය.මම්මා කෙතරම් වැඩ කන්දක සිරව සිටියාදැයි මට සිතුණේ ඉන්පසුව ය.
කෙනෙකුගේ ජීවිතය තුළ නරක මතකයක් වන තරමටම වැරදි තීරණයක් වීම භයානක බව ඉනික්බිතිව මම උගත්තෙමි.මා සචිර අයියා දෙහිතකින් ගන්නා තීරණයක් විය යුතු නොවේ.
"අයියා..මම ඔයාගෙන් දෙයක් ඉල්ලන්නම්.."
ඔහු යන්නට ගොස් නැවත මා වෙත ආවේ ය.ශිෂ්‍යත්වය සමත්ව ලොකු ඉස්කෝලයක් යැයි සම්මත පාසලකට...
"මං ඔයාට දෙයක් කියන්න හිටියා.ඒක කියන්න කාලේ තාම ආවේ නෑ කියල හිතුණාමත් මං මෙහෙට එන එක පරක්කු උනා කියල මට හිතෙනව.."
ඔහු ඒ කියන්නට යන දේ මම නොදැන සිටියා නොවේ.එහෙත් ඒ කාලය සැබෑවටම පැමිණ නැති බව මට ද සිතිණ.මා තවම දෙගිඩියාවක ය.බිළිඳු වියේ පටන්...
ඔහු නිවසට ආවේ බොහෝ දවසකට පසුව ය.අතීතයේ දෙනෙත්ටත් සචිර අයියාටත් අපේ නිවසට පැමිණීම ඉතා සාමාන්‍ය කාරණාවක් විණ.නමුත් ඔවුන් ඒ ගමන දැන් අතැර දමා තිබේ.හරිහැටි කල්පනා කරද්දී ඒ ඉතා දුර අතීතයක් ද නොවේ.වඩා මෑත දවස් ය.මා නිසා ඔවුන් තිදෙනා ඔවුන්ගේ මිත්‍රත්වය බිඳ දැමූ බව සිතද්දී මට දැනුණේ මහත්...
මගේ වෙනත් ස්වරූපයක් මතු වන්නට පටන් ගත්තේ ඉනික්බිතිව ය.මම උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තේ තේරුමක් නැති හේතුවලට ය.මා සෑම මොහොතකම සතුටින් සිටින බව හඟවන්නට මට උවමනා වූ බව මට හැඟිණ.නමුත් මම දිගටම ඒ රඟපෑමේ යෙදුණෙමි.
"කෙල්ලො ලව් කරල නාස්ති වෙනවනෙ.මේ යකා නාස්ති වුණේ ලව්...
සචිර අයියාගේ අම්මා අපේ අම්මා සමඟ බොහෝ වෙලාවක් ගත කළා ය.රාත්‍රී ආහාරය ගෙන යන්නට අම්මා පෙරැත්ත කරද්දී ඇය හිනැහුණේ මදෙස බලමිනි.
"ඕන නෑ අනෝමා.මම වෙන දවසක එන්නම්.සචිරයි එයාගේ තාත්තයි දෙන්නම එක්ක එන්නම්කො.අපිට කතා කරන්න බොහොම දේවල් තියනවනෙ.."
මා ලැජ්ජාශීලි වෙද්දී දෙකන්...
"කොච්චර අපි අපේ වැඩ ඇතුළෙ හිරවෙලාද කියනවනම් මට අනෝමා බලන්න එන්න ඉවරයක් තිබුණේ නැහැ.."
සචිර අයියාගේ අම්මා අප වෙත ආවේ ඇගේ පුළුල් සිනාව පිපෙන්නට හරිමිනි.මම ඇගේ දෑස දෙස නොබලා ඉවත බලන්නට තැත් දැරීමි.නමුත් ඇය මගේ අතකින් අල්ලාගත්තේ ආදරයෙන් ය.ඒ සිනාව මම්මාගේ සිනාවට සමීප සිනාවක්...
කඳුලැලි පිරි වළාකුළු අහස් ගංගාව පුරා ඉතිර පැතිර තිබෙන්නට ඇත්තේ හසරැලි වස්සානයක් ව පොළොවට කඩා හැලෙන්නට ය.අම්මා ක්‍රමයෙන් සුවපත් වූවා ය.ඇය තවදුරටත් රැකියාවට යන්නට පවා මැලිවන තරමට අපට බැඳෙන්නට පටන් ගෙන තිබිණ.
"රස්සාව නම් අතාරින්න ඕන නෑ අනෝමා.ඔයා ආසාවෙන් කරපු රස්සාවනෙ."
සමහර කාරණා සිදු වන්නේ අපට ඕනෑ හැටියට ද නැතහොත් ඉරණමට ඕනෑවටදැයි කියන්නට මම නොදනිමි.නමුත් අම්මා මට වඩාත් සමීප වෙමින් සිටියා ය.දිගින් දිගටම ඇඳ විවේකය ලැබීම අනිවාර්ය වූ ඇය ඇගේ හැම කටයුත්තකටම තාත්තාගේ පිහිට පැතීම අනෙක් ඇදහිය නොහැකි කාරනාව විණ.
“අම්මව මම නාවන්නම්”
දෙනෙත් කරන්නේ කුමක්දැයි සොයන්නට මම ඒ රැයෙන් පසු නොවෙහෙසීමි.ඔහු බොහෝ අප්‍රසන්න කටයුත්තකට අත පෙවීම ම මට ඔහු කෙරෙහි වූ අවසාන ප්‍රේම බිඳිත්ත පවා නැති කර ගැනීම අතිශය පහසු කරවූ බව සැබෑවකි.
"කෙල්ලො ආදරේ කරනකොට පිස්සුවෙන් ආදරේ කරනව.අතාරිනකොටත් එහෙමයි.අතාරින්නේ සදහටමයි.."
මම එසේ...