(අ)හිමි සිහින -167

ජීවිතය මහ මුහුදක් වග මා ඔබට පැවසුවේ මේ කතාව ඔබට කියන්නට පටන් ගත් මුල්ම දවසේ.ඉතා නිශ්චලව පවතින සයුර ඕනෑම මොහොතක චණ්ඩ වෙන්නට පුළුවන්.කිරිකවඩි හසරැලි පිපෙන්නට ගත් මගේ ජීවිතය සුදාරක රෝගී වීමත් සමඟ ඉතා අපහසු එකක් වූවා.මට බොහෝ දේවල් දරා ගන්නට සිදුවුණේ ඔහු කිනම් මොහොතක මා අතහැර යා දැයි දැනෙන බිය සමඟයි.නමුත් යථාර්ථයට ඉඩ දෙන්නට මට උවමනා වූයේ නැහැ.මම ඔහුගේ ජීවිතය රැක ගන්නට කළ හැකි උපරිමය සිදු කළා

ඒ උපරිමය සාර්ථකත්වය මාර්ගයට පිවිසෙමින් තිබියදී සුධාරක සුව වෙතැයි වෛද්‍යවරුන් අනාවැකි පළ කරන්නට ද වුණා.එසේ වෙමින් තිබියදී ඔහුව වඩා සුරක්ෂිත තැනක සිට ජීවිත අනතුරේ හෙළන ගමනක් රැගෙන යාම ගැන මට දැනෙන්නට වූයේ විශාල බියක්.

“සුධාරක ගෙනියනකොට පවා ජීවිතේ අනතුරේ වැටෙන්න පුළුවන්නම් ඇයි එයාව ගෙනියන්නෙ ඩොක්ට? එයාට මෙහෙම ඉන්න දුන්නොත් මොකද?”

ජීවිතයේ සමහර අවස්ථාවල අපට ඉතිරි වන්නේ අයැදීම පමණයි.මම ඒ අවසන් අවස්ථාව තෝරා ගන්නට තීරණය කළා.ඉතා ගෞරවනීය ගැහැණියක ලෙස හිස කෙලින් තබාගෙන ජීවත් වන්නට කැමැති වූ මම මේ මොහොතේ ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඕනෑම කෙනෙකු ළඟ බැගෑපත් වීමට තරම් සැලෙන හදක් ඇති ගැහැනියක වී සිටියා.මම වෛද්‍යවරයාට ඉදිරියේ වැඳ වැටී ඔහු මේ රෝහලින් අඩියක්වත් පිටතට නොගන්නැයි ඉල්ලා සිටියා.ඔහු සිටින අතිශය අවදානම් කාලපරිච්ඡේදය පසු වීමෙන් අනතුරුව ඕනෑම කෙනෙකුගේ ඉල්ලීමට ඉඩ දෙන මෙන් මා ඔහුගෙම් ඉල්ලා සිටියේ හැඬූ කඳුළු සහිතව.

“ඇත්තටම අපි එයාව සනීප කරගන්න ඉතාම විශාල උත්සාහයක් දැරුවා.ඒ උත්සාහය අසාර්ථක වුණේ නෑ කියලා මිසිස් අනුරාධාටත් පේනවා ඇති.අපිට මෙතුමාව මෙහෙ ඕනෑම කාලයක් තියාගන්න පුළුවන්.කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.අපිට මේ මොහොතේ තිබ්බ විශාල ම ගැටලුව උනේ කොහොමහරි මෙතුමාගේ මතකය සහ සිහිය නැවත ලබා ගැනීම විතරයි.”

වෛද්‍යවරයකු ලෙස තමන්ට සැබෑවටම අවශ්‍ය වී ඇති දේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා මට හෙළි කළේ ආකාරයට.නමුත් මේ මොහොතේ ඔහුට කරන්නට කිසිවක්ම තිබුණේ නෑ. මේ රෝගී තත්ත්වය ඇති ඇතිවන්නට පෙර ජීවත් වූ නිර්භීත සහ හිස කෙළින් තබා ගත් මිනිසා නැවත ලබා ගන්නට නොහැකි උනත් ඔහු හැකි පමණට සුවකර මට ලබා දෙන්නට වෛද්‍ය කණ්ඩායම් වලට උවමනා වී තිබූ බව මා නොදැන සිටියා නොවෙයි.

එහෙත් දැන් මිනිසකුගේ ජීවිතයට ඉහළින් වෙනත් අරමුණු ගොඩගැසී අවසන්!

“අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.ලැබිලා තියෙන ලියුම් එක්ක සහ අරගෙන තියෙන තීරණත් එක්ක මේ මොහොතේම මෙතුමාව අපිට රෝහලින් පිට කරන්න සිද්ධ වෙනවා.”

ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා එසේ පැවසුවේ මගේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින්.නමුත් හමුදා රෝහලින් පවා සුදාරකව එතනට රැගෙන එන සැබෑ හේතුව දැන සිටියේ නැහැ.අනුරාධපුරය රෝහලින් ඔවුන් සුධාරක ඒ රෝහලට වෙතට එවන සැබෑ හේතුව ගැනද විමසා තිබුණා විමසා තිබුණා.

මට නිදහසේ හුස්ම ගන්නට තවත් පැය කිහිපයක් ලබා දෙමින් සුධාරක කොළඹට යැවීමේ තීරණය පැය කිහිපයකට ප්‍රමාද වුණා.ඒ සම්පූර්ණ කළ යුතු ලියකියවිලි වල යම්කිසි ප්‍රමාදයක් වීම හේතුවෙන්.මම එදින දවස පුරා දෙවියන්ට කන්නලව් කරමින් වැළපීම වෙනුවට සටන් කිරීම තෝරා ගන්නට තීරණය කළා.කිසිම දිනුමක් නොලැබෙන බව ඉඳුරාම වැටහෙන මොහොතක පවා සටන් කිරීම තෝරා ගැනීම මගේ පුරුද්දක්.නිස්කාරණයේ පරාජය භාර බාර ගැනීම වෙනුවට මම මේ මොහොතේද සටන ඇරඹුවා.

“ඔයාල මොන සිහියෙන් ජීවත් වෙන මිනිස්සු ද? යන්තම් හෙල්ලුවත් පණ යන්න පුළුවන් මනුස්සයෙක් දුරකට අරගෙන යන්න ඔයාලා ලෑස්ති වෙන්නේ මොන වගේ යකෙක් වැහිලද?”

මට සුදාරකගේ අම්මා සමග කිසිම ගනුදෙනුවක් තබා ගන්නට අවශ්‍ය වූයේ නැහැ.නමුත් තමන්ගේ සහෝදරයාගේ ජීවිතය සමග සෙල්ලම් කරන්නට සැරසෙන සහෝදරියන්ගෙන් එසේ නො අසා ඉන්නට මට නොහැකි වුණා.එක මව්කුස බෙදා ගත් විට හදවතට දැනෙන හැඟීම ගැන පවුලේ තනි දරුවා වූ මට වැටහෙන්නේ නැති බව ඇත්ත.නමුත් එය මේ තරමට සිල්ලර එකක් නොවන බවනම් මා හොඳාකාරවම දන්නවා.ඒ නිසා තමන්ගෙ සහෝදරයාගේ ජීවිතය අඩු ලංසුවට තැබූ  සහෝදරියන්ගෙන් මා එසේ ඇසුවේ දැඩි කෝපයකින්.

 “අනේ අනූ,අපිත් ඉන්නේ හරි වේදනාවකින්.අපිටත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.දිල්හානි එංගලන්තෙ ඉඳලා අයියගෙ හැම දෙයක්ම බාර අරගෙන ඉවරයි.එයාගෙ නීත්‍යනුකූල අයිතිය තියෙන්නෙ දිල්හානිට කියලා ඔයත් හොදටම දනවත්ම නැහැ අපිට එයාට ඉඩ දෙන්න වෙනවා . අපිට එයාට ඉඩ දෙන්න වෙනවා.”

ඔවුන් පවසන දේ නීතියට අනුකූලව සත්‍යක් බව මම දන්නවා.නීත්‍යානුකූල භාර්යාවට අවශ්‍ය දේ සිදුවන්නට පටන් ගත් විට එය වළක්වන්නට පවුලේ ඥාතීන්ට වත් හැකියාව නැහැ.

දිල්හානි මේ මොහොතේ ඇගේ අයිතීන් පාවිච්චි කරනවා.එහි වරදක් නීත්‍යානුකූලව නැහැ.නමුත් තමන්ගේ පාඩුවේ ජීවත් වූ ගැහැනියට පළිගන්නට අවස්ථා ලබාදෙමින් සඳහා ඇයව මෙහෙය වූ මේ නිහීන මිනිසුන් ගැන මට ඇති වූයේ දැඩි පිළිකුලක්. 

“මේ වගේ වෙලාවක දිල්හානිට මේ හැම දේකටම මැදිහත් වෙන්න පුළුවන්.පලිගන්නවනම් එයාට තියෙන හොඳම අවස්ථාවක් මේක.ඒ නිසා එයාට මේවා කිසිම දෙයක් දැනගන්න ඉඩ තියන්න එපා.”

මා ඒ යෝජනාව සුදාරකගේ පවුලේ අයට කළේ සුදාරක රෝහල්ගත වූ පළමු දින කිහිපයේදී.ඒ අවස්ථාවේ පවා දිල්හානිට දැන් ඔහු සම්බන්ධයෙන් කිසිම අයිතියක් හිමි විය යුතු නැති බව කියමින් මගේ හිත හදන්නට ක්‍රියා කළේ ද මෙය සහෝදරියන්මයි.

“අපට ඕනේ ඔයා.අයියාගේ ජීවිතේ ලස්සනට හැදුවේ ඔයා.ඒ නිසා එයාගෙන් දැන් වැඩක් නෑ.කවුද එයාට ඕව කියන්නේ.”

එසේ පැවසූ ගැහැනුන්ම දැන් දිල්හානි ඔහු ලිපි නිසා කිසිවක් කර කියා ගන්නට බැරි බව කියමින් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබුණා.මෙය වෛද්‍යවරුන්ගේ තීරණයක් වන්නට ඇති බවත් තීරණය ගෙන ඔවුන් ඒ සඳහා දිල්හානිගේ නීතිමය අවසර ගන්නට ඇති බවත් සහෝදරියන් පවසද්දී මට ඇති වුණේ සිනාවක්.වෛද්‍යවරුන් මා මුණ ගැසී තත්වය පැහැදිලි කළ බවක් ඔවුන් ද්න්නේ නැහැ. ඒ නිසා කටට එන බොරු සියල්ලම කියන්නට ඔවුන් පැකිලුණේ ද නැහැ.

ඒ නිසා සියල්ලම සැලසුම්සහගතව ඔවුන්ට අවශ්‍ය ලෙස සිදු වුණා.ඒ ගමන මගේ ප්‍රාණ සරි ප්‍රේමය මගෙන් උදුරා ගන්නට සමත් වූයේ නැහැ.රෝහලකින් රෝහලට මාරු කළ ද සුදාරකගේ ජීවය අප අතැර ගොස් තිබුණේ නැහැ.

නමුත් තවත් බොහෝ නොකටයුතුකම් සිදු වන්නට පටන් ගෙන තිබුණා.ක්ෂණයෙන් විස්තර කළ නොහැකි තරමට අප්‍රසන්න වූ ඒ සිදුවීම් මාලාව ගැන මම හෙට ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles