ජපානයේ දී හිංසාවන්ට ලක් වී මියගිය විශ්මාට ඇත්තටම මොකද වුණේ?

විශ්මා සඳමාලි කියන නම මේ වෙද්දී අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය නමක්. ඇය දරුණු මරණයක් වැළඳගෙන දැන් වසර දෙකක් ගෙවී තිබුණත් මේ වන විට ඇගේ මරණය සම්බන්ධ CCTV වාර්තා පිටතට පැමිණෙමින් තිබෙනවා.

ඇත්තටම විශ්මා මේ කතාවේ වැරදිකාරියද?

විශ්මා Asylum Seeker කෙනෙක් ලෙස ජපානයේ ජීවත් වූ කෙනෙක් නෙවෙයි. ඇගේ වීසා කාලය ඉක්මවා යෑම නිසා ඇය ජපන් ආගමන විගමන කාර්යාංශයේ රැඳවුම් කඳවුරක රඳවා සිටියා. විශ්මාගේ පෙම්වතා වූ ශ්‍රී ලාංකිකයා ඇයට කළ ගෘහස්ථ හිංසන සිදු කිරීම සම්බන්ධයෙන් ඇය කළ පොලිස් පැමිණිල්ල අහවර වූයේ ඇයව ආගමන විගමන අංශයට භාරදීමෙන් . වෙද්දී ඇගේ වීසා සීමාව ඉක්මවා ගොස් තිබුණු නිසා කළ හැක්කක් තිබුණේ නැහැ. ඇයට ලංකාවට යන්නට මුදල් නොතිබීම නිසා එම විකල්පය වූයේ රැඳවුම් මධ්‍යස්ථානයයි.ඇගේ සරණාගත ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප වෙනවා. ඒ අනුව විශ්මා බොහොම අසීරු කාලයක් ගෙවා දමන්නට ඇති.

විශ්මා ටික කාලයකට ජපානයේ රැඳී සිටින්නට ඉඩ දෙන්නැයි  රාජ්‍ය නොවන සංවිධානයකින් ඉල්ලීමක් කරත් කිසිම ඵලක් වී තිබුනේ නෑ.

විශ්මා මේ කඳවුරේ සිටියදී ලෙඩ වෙනවා.ඇය රෝග කිහිපයක් ඇති වී තිබෙන අතර 2021 මාර්තු හතර පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ඇය ඉතා දරුණු ලෙස රෝගී වී සිටින බවත් ඇයට තාවකාලික නිදහසක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියත් එයද සාර්ථක වන්නේ නෑ. ඒවා බලන්නට ආ අය අවස්ථාවන් හතරකදීම ඇය නිදහස් කරන ලෙස ඉල්ලා සිටියත් නිලධාරීන්ගේ හදවත සානුකම්පිත වී තිබුණේ නැහැ .

2021 මාර්තු හය කිසිම ප්‍රතිකාරයක් නැතිව ඇය තමා රඳවා සිටි කුටියේ ම අවසාන හුස්ම හෙලනවා. මළසිරුරු රැගෙන යන්නට වත් ගිලන් රථයක් වෙලාවට පැමිණියේ නැති බවයි කියවෙන්නේ. ජපානයේ ඇය පෙනී සිටින නීතිඥවරුන් විසින් අධිකාරියට ලබා දී තිබූ කුටියේ සීසීටීවී දර්ශන වලින් වසර එකකට පසු මේ මරණීය අත්දැකීම ලෝකෙම කළඹ වන්නට පටන් ගෙන තිබුණා.

සමහරවිට මවුබිමට පැමිණීමේ බලාපොරොත්තුව ද අහිමි වී දැඩි ගේ තත්ත්වයෙන් ජීවත් වූ විෂ්මාට ද අවසානයේ දී අවශ්‍ය වන්නට ඇත්තේ මරණය වන්නට ඇති. ගෘහස්ථ හිංසනයෙන් මිදෙන්නට උදව් මත කඩා වැටුණා දෙවොල හිස මත කඩා වැටුණා.

සරණාගත නීති සහ වීසා සම්බන්ධ නීති තදබල බව සත්‍යයක්. සමහර වෙලාවට නීතිය මානුෂිකත්වයට ඉහළින් පවතින වගද සත්‍යයක්. විශේෂයෙන්ම ජපානය කියන්නේ ලෝකයේ දැඩිම ආගමන විගමන නීති අනුගමනය කරන රටක්. ඔවුන් මේ දැඩි පියවර ගන්නේ රට වෙනුවෙන් වෙන්නටත් පුලුවන්. ඒ වගේම සමහර සරණාගතයන් රෝගී බව පෙන්වා ගැලවී යන්නට උත්සාහ කරන නිසා ඔවුන් සරණාගතයන්ගේ රෝගී අවස්ථා ගණන් ගන්නේ නැති බවත් කියැවෙනවා. 

නමුත් නොවිඳිනා දුක් විඳිමින් සකුරා දේශයේදි මියගිය ජපන් දැරිය වූ ජුන්කෝ ෆුරූටාට මෙන්ම විශ්මාටද  ලැබුණේ අතිශය ඛේදනීය ඉරණමක්.කෙනෙකුට ලැබිය යුතු මූලිකම අයිතිවාසිකමක් වන රෝගයකට ප්‍රතිකාර ගැනීම අහිමි වී මිය ගිය ශ්‍රී ලාංකික යුවතිය ටද එකම එක හැඟීමක් ඇති වෙන්නට ඇති.

“මීට වඩා හොඳයි ඉක්මනින් මැරෙන එක.”

ඒ හැඟීම ලෝකයේ වසන කිසිම ගැහැනියකට නොව කිසිම මිනිසෙකුට නොලැබිය යුතු හැඟීමක්.

විශ්මාට සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි. ඇය සහ ලෝකයේ අසාධාරණයට ලක් වී මිය ගිය සෑම ගැහැනියකගේම ආත්මයට සැනසිල්ලක් ලැබේවා!!

Related Articles

Don't Miss


Latest Articles