සුන්නත්කරණය නිසා වේදනාවට ලක් වෙන කාන්තාවන්.

වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ ඔබ මේ ලිපිය කියවන මොහොතේ ද කොතැනක හෝ කාන්තාවක් මේ සුන්නත්කරණය නම් වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමයි.

කාන්තාරයේ දිරිය කුසුම – වාරිස් ඩයරි කතාව නෑසූ කෙනෙකු නැති තරම්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ලෝ ප්‍රකට නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ගමන් මග ගැන කතා කරනවාටත් වඩා කතාබහට ලක්වන එක් අඳුරු මාතෘකාවක් තිබෙනවා.ඒ ස්ත්‍රී සුන්නත්කරණය යිපණපිටින් අපාගත වන්නාක් බඳු වේදනාවක් ලෙස මේ අසංවේදී ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්.තවමත් ක්‍රියාත්මක වන ඒත් වැඩි කතාබහට ලක්නොවන ස්ත්‍රී සුන්නත්කරණය ගැන ලියන්නට අපි හිතුවේ කාන්තාවන් විඳින වේදනා සම්බන්ධයෙන් කතාබහ කිරීමට පෙරමුණ ගතයුතු වන්නේ ද කාන්තාවන්ම වන නිසායි.

මේ ම්ලේච්ඡ ක්‍රියාවලිය පැතිරුණු රටවල් විදියට අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග ආසියානු රටවල් හඳුන්වන්න පුළුවන්.දියුණු සමාජයක් පවතින ඇමරිකානු මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපයේ ද රහසිගතව මේ කටයුත්ත නොකෙරෙනවාම නෙමෙයි.ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට ගැහැණු දරුවන් දස දහසක් පමණ මේ සුන්නත්කරණයට මුහුණ දෙන බව කියවෙනවා.ඉතාලිය ස්වීඩනය ඩෙන්මාර්කය සහ මහා බ්‍රිතාන්‍යයේ ද මේ අමනුෂ්‍ය ක්‍රියාවලිය සිදු වෙනවා.

මෙය මුළුමනින්ම ආගමික හේතුවක් මත රඳා පවතින ක්‍රියාවලියක් නම් නෙමෙයි.මෙයට සමහර සංස්කෘතික හේතූන් ද බලපාන බවයි කියවෙන්නේ.සුන්නත්කරණයට ලක්වුණු ගැහැණියක් පිරිසුදුකම ලබනවා යැයි කියවෙනවා.ගේම අප්‍රිකානු රටවල සුන්නත් කළ ස්ත්‍රියක් පමණක් විවාහ කර ගැනීමේ සිරිතක් ද පිරිමින් අතර මුල් බැසගෙන තිබෙනවා.ඒ නිසා විවාහය සඳහා සුන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙනවා.හාස්‍යජනක කතාවක් වන්නේ සුන්නත්කරනයට ලක් වූ යුවතියන් වඩාත් ලස්සන වන බවටත් අප්‍රිකානු වල රටවල විශ්වාසයක් පැවතී‍මයි.

සමහර යුරෝපීය රටවල කාන්තාවන් සුන්නත්කරණයට ලක්වීමට හේතුවී තිබෙන්නේ ලිංගික කිරීමකදී උපරිම තෘප්තියක් ලබා ගන්නට මෙය උදව්වක් වන බවට ඇති මිත්‍යා විශ්වාසය නිසයි.මෙය ආගමික කාරණාවක් ලෙස හැඳින්වූවත් කිසිම ආගමික මූලාශ්‍රයක සඳහන් වන්නක් නොවේ.

ස්ත්‍රී සුන්නත සිදුවන සිදුවන ආකාර හතරක් තිබෙනවා.

  1. භගමණියේකොටසක් කපා දැමීම.
  2. බගමනිය හා ඒ වටා ඇති සම කොටස් කපා දැමීම
  3. යෝනි සිදුර වසා දැමීම
  4. යෝනි මාර්ගයට සහ ප්‍රජනන පද්ධතියට හානි සිදු කිරීම

ඔව් මේ ඇසීම හිස හිරි වට්ටන්නට සමත් බව ඇත්ත.නමුත් ඔබ මේ සටහන කියවන මොහොතේ පවා ලෝකයේ කොහේ හෝ හිඳින ගැහැණු දරුවන් මේ අමනුෂ්‍ය ක්‍රියාවලියට ලක් වමින් හිඳිනවා වන්නට පුළුවන්.

මේ ක්‍රියාවලියට ගෑනු දරුවන් ගොදුරු වන්නේ කුඩා කාලයේ දී.දැඩි රුධිර වහනය සමඟ දරාගත නොහැකි වේදනාවක් ඔවුන්ට ඇති වීම සාමාන්‍ය දෙයක්. ඉන්පසු මුත්‍රා කිරීමේ අපහසුතා,තදින් උණ ගැනීම,තුවාල ඔඩු දිවීම වැනි සංකූලතා හටගන්න පුළුවන්.නරක කාරණය මෙය මරණයෙන් පවා කෙළවර වීමට ඉඩ තිබීමයි.මුත්‍රා කිරීමේ අපහසුව සහ වේදනාව මේ මිලේච්ඡ ක්‍රියාවලිය දිගුකාලීන ප්‍රධාන අපහසුතාවයයි.ඔසප් සමයේ දැඩි වේදනාකාරී බව ගැන වාරිස් ගේ සටහන් අතර හමුවූ බව ඔබට මතක ඇති.ප්‍රසූතියකදී සුන්නත්කරණය ට ලක් වූ කාන්තාවන්ට කාන්තාවන්ට සාපේක්ෂව දැඩි වේදනාවක් දැනෙනවා.මේ මව්වරුන් මළ දරු උපත් සිදු කරන ආණ්ඩුව වැඩි අතර මාතෘ මරණ ද වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. යෝනි සිදුර මැසූ සුන්නත්කරණයට ලක් වූ සමහර කාන්තාවන්ට සෑම ලිංගික සංසර්ගය කපා යෝනි සිදුර කපා මැහුම් ඉවත් කරන්නටත් කාර්යයෙන් අනතුරුව යළි මැහුම් දැමීමටත් සිදුවන බව අප්‍රිකානු රටවල කාන්තාවන්ගේ ජීවන අත්දැකීම් වලින් කියවෙනවා.ලෝකය මොන තරම් බිහිසුණු තැනක් ද කියන්නට එයම ප්‍රමාණවත්.

ම්ලේච්ඡත්වයට සදාකල්හි ඉඩදිය නොහැකි බැවින් female genital mutilation හෙවත් ස්ත්‍රී සුන්නත්කරණය ට විරුද්ධව ලෝකයේ පිබිදීමක් දක්නට ලැබෙනවා.මේ කුරිරු ක්‍රියාවලියට වසරකට මිලියන 3ක පමණ දැරියන් ලක් වන බවයි කියවෙන්නේ.සහමුලින්ම මෙය කාන්තාවකගෙ පෞද්ගලිකත්වයට එරෙහි දැඩි තර්ජනයක් බව මානව හිමිකම් ක්‍රියාකාරීන් මත පළ කරනවා.
1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට එරෙහි පලවෙනි පියවර තැබූ අතර ඉන්පසු විවිධ ව්‍යාපෘති ගණනාවක්ම අප්‍රිකානු රටවල් හා මැද පෙරදිග කලාපයේ රටවල සිදු කර තිබෙනවා.2007 වසරේදී යුනිසෙෆ් ආයතනය සහ UNFPA ආයතන සුන්නත් කරනේ ට එරෙහි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඉන්පසු විවිධ සටහන් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර 2016 මිනිසෙක් ආයතනය කාන්තා සුන්නත්කරණය පිළිබඳ දත්ත ඇතුලත් ඇතුළත් වාර්තාවක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.මේ වෙද්දී ද මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන සැකසෙමින් පවතින අතර සුන්නත්කරණයට ලක් වූ කාන්තාවන්ට වෛද්‍ය සහන පවා සැලසෙනවා.

නමුත් ම්ලේච්ඡත්වය එසේ අවසන් කිරීම පහසු නැහැ.ලෝකයම මෙයට එරෙහි වුවත් මෙයට ගොදුරු වෙන ගැහැනුන් තවමත් ලෝකයේ ජීවත් වීම ඛේදවාචකයක් බව නොකියාම බැහැ

Related Articles

Don't Miss


Latest Articles