fbpx

මඟ බලන අම්මලා.

“කවුද මැණිකේ ඒ”

රත්නසිරි ඇහුවේ ටීවි එකේ සද්දේ අඩු කරන ගමන්. පාර්සලයක් අතින් අරගෙන ගේ ඇතුළට ගිය දයානි ආපහු ආවේ මාස්ක් එක ගලවලා අත පය හෝදාගෙන.

“කුරියර් ළමයෙක්.එරන්දි දුව කිව්ව අද ඔයාගේ බේත් ටික එවනව කියලා..”

දයානි එහෙම කියන ගමන් ඉඳගත්තේ පුතාගෙත් එරන්දිගෙත් මංගල ඡායාරූපය දිහා ආදරෙන් බලන ගමන්.

“බෙහෙත් තියනවද, කනව බොනවද බලන්න සතියකට පාරක් දුවගෙන ආව ළමයි..”

රත්නසිරි ගැඹුරු හුස්මක් පහළට දැම්මා.පුංචි මිනිබිරී සනුල්යා,දැන් දකින්නේ ඩිජිටල් තිරයෙන් විතරමයි.

“අපේම හොඳටනෙ මහත්තයා..”

දයානි කියන්නේ හීල්ලෙන හඬකින්.

පුතා දොස්තර කෙනෙක් වුණු දවස මොනතරම් සතුටු දවසක් වුණාද කියලා දයානි ආයෙමත් කල්පනා කළා.එහෙම බලනකොට සතුටු දවස් මොනතරම් තිබුණ ද? ඉපදුණු දවස, අම්මා කියපු දවස,ඇවිද්ද දවස,ශිෂ්‍යත්වෙ පාස් වුණු දවස..

“මට ඒ තුනයි..”

පරිගණකය දිහා බලාගෙන ඉඳලා පුතා දිලිසෙන ඇස්වලින් එහෙම කියපු දවස වෙනකන් මතක් වෙන්න දයානිට ගත වෙන්නේ තත්පර ගාණක් විතරයි.

“අපි ආඩම්බර වුණු දොස්තරකමම අද පුතා අපෙන් ඈත් කරලා..

රත්නසිරිගේ හිත හදන්න හිතපු දයානිට කියවුණේ එහෙම කතාවක්.

“ඒ ළමයි දෙන්න ඉස්පිරිතාලවල ගැවසෙන හින්දනෙ මැණිකේ.ඔය වසංගතේට අහු වුණු ලෙඩ්ඩු කී දෙනෙක් නම් එයාලට මුණ ගැහුණද?මට බය පොඩි එකී ගැන..”

වසංගතය ආදරණීයයන් පවා දුරස් කිරීම ගැන විස්සෝප වෙන අතරේ රත්නසිරි කිව්වේ හිත හදා ගන්න උත්සාහ කරන ගමන්.

“සුදු නෝනාව දකින්න එහෙමවත් පුලුවන් වෙයිද?”

ආචාර්ය උපාධිය වෙනුවෙන් ලෝකයේ පළමු පෙළ රටකට දූ යන දවසේ හිතට ආව මිහිරියාව සිහි කරමින් දයානි කිව්වා.තමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්න ලෝකේ මිනිස්සුන්ට සොබා දහම දීපු මේ දඬුවම නම් හොඳටම වැඩියි.

“අත්තම්මේ, අපි මේ ගේට්ටුවෙන් පොළොස් මාළුවක් එල්ලුවෝ…”

ඉස්සරහ ගෙදර පුංචි තාරකත් දිදුලිත් කෑගහනවා.

“ගස්වල පේර ඉදිලා පුතේ..”

දයානි එළියට ආවේ එහෙම කියාගෙන.

“එහෙනං අත්තම්මා මීටරේ දුරින් ඉන්න.අපි පේර කඩන්නං”

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

තාරක ගහට නැග්ගා.දිදුලි පහළ අත්තකට වෙලා කට කමසෙයියාවක් නැතුව දොඩවනවා.දැන් ඉස්සර වගේ ඒ දරුවොවත් තුරුළු කරගන්න බය හිතෙනවා.
ආදරේ පෙන්නන්න, විඳගන්න නැතුවම මැරිලා යන්න වෙයිද කියලා හිතෙනකොට දැනෙන්නේ මහා පුදුම වේදනාවක් කියලා දයානි හිතුවා.

“ඔය පේර ගහ හිටෙව්වේ විරංග මාමා..”

දයානි ඉහළම අත්තේ ඉන්න තාරකට කිව්වා.

“මාත් දවසක විරංග මාමා වගේ ඩොක්ට කෙනෙක් වෙනවා..”

ගහේ අතු හොලවන අතරේ තාරක කියනවා.

“මං නම් සාරංගි නැන්දා වගේ වෙන රටකට යනවා.”

දිදුලි එහෙම කියලා සමනළයෙක් පස්සේ දුවන්න ගත්තා.

“අත්තම්මේ, අපි එහෙම ගියාම අපේ අම්මයි අප්පච්චි දෙන්නයිත් අත්තම්මයි සීයායි වගේ දුකින් ඉඳීද?”

දිදුලිගේ ප්‍රශ්නේ දයානිට ගෙනාවේ වේදනාවක්.

“අනේ චූටි දූ..දරුවෝ ඉගෙන ගෙන ලොකු තැන්වලට ගියාම අම්මලා තාත්තලාඅ දුකින් ඉන්නේ නෑ.පපුව පැලෙන මහ සන්තෝසෙකින් ඉන්නේ..”

දයානි කිව්වේ හිතට ආව ඇත්තම හැඟීම.

“ඒ උනාට අපේ අම්මලා කියනව අත්තම්මා ඉන්නේ දුකින් කියල..”

ගහෙන් බැහපු තාරකත් කියන්නේ පණ්ඩිත මුහුණක් හදාගෙන.

“ඒ මගේ පුතේ, අපට නැන්දයි මාමායි බලන්න නැති නිසා.නංගිලා මල්ලිලා බලන්න නැති නිසා.ඒත් එයාලා අපිව බලාගෙන ගමට වෙලා ඉන්න ඕනෑ නෑනෙ.එයාලාට අපි ඉගැන්නුවේ ඔහොම වෙන බව දැනගෙන..”

එච්චර බරපතල කතාවක් නොතේරුණු දිදුලිත් තාරකත් පේර හප හප යන්න ගියා.ඒත් ඒ කියවුණේ හිතේ තිබුණු අවංකම උත්තරේ නේද කියලා දයානි ආයෙම හිතන්න ගත්තා.

“අපිට පැන්ෂන් එකක් තියනවනෙ පුතේ,හැම තිස්සෙම අපට වියදම් කරන්න එපා.ඔයාලා ඉතුරු කරන්න..”

රත්නසිරි දරුවන්ට නිතරම කියන්නේ ඒ කතාව.මේ දැනෙන්නේ පාළුවත් තනිකමත් මිසක් දරුවන් නොසලකන වේදනාවක් නොවන බව දයානි දන්නවා.

“ගෙදර යන්න ඕනෑ නැද්ද මාලා..”

දයානි කුස්සි දොරෙන් ගෙට ගොඩ වුණේ අත් උදව් කාරියගෙන් එහෙම අහගෙන.

“අම්මයි තාත්තයි දෙන්නම නැති මං ගමේ යන්නෙ කවුරු බලන්නද නෝනා..”

මාලා එහෙම කියලා වැඩකට ඔළුව ඔබා ගත්තා.

“අම්මා තාත්තා ඉඳලත් අපේ දරුවන්ට එන්න විදියක් නෑ..”

දයානි ඒ කතාව කිව්වේ ආයෙම හිත පෑරෙන්න ගත්ත නිසා.

“මේ ලෙඩේ තුරන් වෙන දවසක් එයි ලොකු නෝනා.එදාට ඉතින් පුංචි නෝනාලා මහත්තුරු බයක් නැතුව ගමේ එයිනෙ..”

මාලා බලාපොරොත්තු දල්වන කතාවක් කිව්වා.

අතීතයේ මේ ගෙදර මොනතරම් හිනා හඬ සද්ද බද්ද පිරුණු තැනක්ද කියලා හිතෙනකොට ඇහැට උනන කඳුළු නවත්තන්න දයානිට බෑ.ඒත් අම්මා තාත්තා ගැන අනාදරයෙන් එයාලා බලන්න නොඑන දරුවෝ අතරේ තමන්ගේ දරුවෝ ගෙදර නොඑන්නේ ආදරේ වැඩිකමට බව දයානි දන්නවා.

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

රේඩියෝවෙන් ඇහුණු ඒ හඬ දයානිගේ කඳුළු අලුත් කරා.බලු පැටියෙක් පස්සේ පන්නාගෙන ගේ පුරා දුවන පොඩි පුතෙකුත් දුවෙකුත් ඇගේ ඇස්මත ඇඳිලා මැකිලා ගියේ හීනෙන් වගේ.

“දරුවෝ එන්න කලින් අපි මේ තියන ලෙඩක් හැදිලා මැරිලා ගියොත්..”

ඇයට හිතෙනවා.

ඒත් කල්පනාකාරීව වැඩ කළ යුතු කාලයක හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියට ඉඩ දෙන දරුවන් ගැන අලුත් ආදරයකින් දයානිගේ හිත පිරෙන්න ගත්තා.

“මැණිකේ,මෙන්න සුදු නෝනා කෝල් කරනවා..”

රත්නසිරිගේ ඇමතුම දයානිව ආයෙම පියවි ලෝකෙට ගෙනාවා.ඇමරිකාවේ ඉඳන් දුරකථනයට එබෙන දුවත් මුණුබුරාත් බෑනාත් දැන් සාලේ පුටුවක ඉන්නවා වගේ කියවන්න ගන්න බව දයානි දන්නවා.පැයකටවත් ඒ ඇමතුම නිමා නොවන බවත් ඇය දන්නවා.

“තාක්ෂණේ හින්දා අතේ දුරින් ඉන්නව කියලා හිතාගෙන මේ කාලේ ගෙවාගමු අම්මා..”

දුවගේ සැමියා වුණු හේෂාන් නිතර කියන කතාව මතක් කරගෙන දයානි සාලෙට ගියා.

“අතින් නෑල්ලුවට දරුවන්ගේ ආදරේ අඩු වෙනවයැ.” ඇය එහෙම හිතුවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x