තමන් සහ දරු දෙදෙනාගේ යුක්තිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ මවකගේ සත්‍ය කතාව

කැතරින් කැසෙනොෆ් දෙදරු මවක්. ඇය සිය සැමියා වන ඇලන් කැසෙනොෆ් සමඟ වසර හතරකට වැඩි කාලයක් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධ භාරකාර සටනක නිරත වුණා. ඇය නිර්භීතව ඒ සඳහා සටන් වැදුණේ පරාජය කිසිම අයුරකින් භාර නොගන්නා බව සිතමින්.

නිව් යෝර්ක් උසාවියෙන් ඇයට ලැබුණු නින්දා සහගත සැලකීම ගැන කලකිරුණු කැතරින් ඇගේ හද කම්පා කරවන කතාව ෆේස්බුක් හි බෙදා ගැනීමට තීරණය කර තිබුණා.ඇයගේ පෝස්ට් ප්‍රසිද්ධියට පත් වීමට පටන් ගත්තා.කැතරින් තම සැමියාගේ අපයෝජනයෙන් තමන් සහ තම දරුවන් බේරා ගැනීම සඳහා අවසන් හුස්ම හෙළන තුරු සටන් කිරීමට සූදානම් වූ කාන්තාවක්. ඇය සුවිශේෂී වන්නේ ඒ කාරණාව නිසාවෙන්

වසර ගණනාවක් පුරා පැවති ඇගේ භාරකාර සටන ඇගේ එකම සටන වූයේ නැහැ. කැතරින් ඒ වන විටත් පියයුරු පිළිකාවෙන් දෙවරක් දිවි ගලවා ගෙන තිබුණා.ඇය සහකාර එක්සත් ජනපද නීතිඥවරියක් ද වෙනවා.ඇයගේ නීතිමය පසුබිම සහ ඇගේ ස්ථීරභාවය ඇය ඉදිරියට ගෙන ගියා. “මම විශ්වාස කරන්නේ අසාධාරණයට එරෙහිව සටන් කිරීම එකම මාර්ගය බවයි” ලෙස ඇය ප්‍රකාශ කළා.

ඇය සහ ඇගේ දරුවන් විඳදරාගත් හිංසනය වාර්තා කළද, කැතරින් ෆේස්බුක් මත ලියා ඇත්තේ ඇගේ නඩුවට උසාවි ගොනු කිරීම් 3000 කට වඩා ප්‍රමාණයක් ද  මෝසම් 80 ක්ද ළමා ඇටෝනිවරුන් තිදෙනෙකු සහ චිකිත්සකයින් ද ඇති බවයි. ඇය මානසික රෝගයකින් පෙළෙන බව තහවුරු කර දරුවන් ඇගෙන් ඈත් කරන්නටත් ක්‍රියා කළා.

කෙසේ වෙතත්, 2022 ජනවාරි මාසයේදී කැතරින්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ආරක්ෂිත නියෝගයක් කඩ කිරීම සහ තම දරුවා බැලීමට පාසලට යාම හේතුවෙන්. පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් තමාව මාංචු දමා තම දරුවාගේ පාසලෙන් පිටතට ගෙන ගිය බව ඇය පවසනවා.

අත්අඩංගුවට ගැනීම නිසා ඇයට දරුවන් බැලීමට පැමිණීමේ අයිතිය පමණක් නොව රැකියාවද අහිමි වුණා.. වැඩි කල් යන්නට මත්තෙන්, කැතරින් දරුවන්ට බලපෑම් කරන බව පවසමින් තවත් වාර්තාවක් ගොනු කරනු ලැබුවා එබැවින් 2023 මැයි මාසයේදී ඇගේ  අයිතිය අත්හිටුවන ලැබුවා.

ඇගේ ස්වාමිපුරුෂයා නඩුකාරයෙකු ලෙස සේවය කළ අතර, කැතරින් පවසන පරිදි, ඔහුගේ දියණියන් විසින් ඔහුගේ අපයෝජනය වාර්තා කළද, ඔහු ඒවා සඟවන්නට සමත් වුණා.

පියයුරු පිළිකාවෙන් දිවි ගලවා ගත් ඇය තම සැමියා නිවසින් ඉවත් කර ගත් නමුත් එය වැඩි කල් පැවතියේ නැහැ. ඇයට තම දරුවන් සමඟ සිටීමට අවසර දීම සඳහා චිකිත්සක අධීක්ෂකවරුන්ට ඩොලර් 70,000 කට වැඩි මුදලක් ගෙවීමට සිදු වුණා.

ඇයට තම නිවස අහිමි වූ අතර ඇගේ මෝටර් රථයෙන් පිටතට ගොස් ඇගේ මිතුරියගේ නිවසේ නිදාගන්නට සිදු වුණා. මුදල් නොමැතිකම තිබියදීම තවමත් තම දියණියන් වෙනුවෙන් සටන් කිරීමට ඇය උත්සාහ කළත්, ඇයට මාරාන්තික පිළිකාවක් වැළඳී තිබීම ඇයව අඩපණ කරන්නට සමත් වුණා.ඇය යුරෝපයේදී ජීවිතය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ෆේස්බුක් හි ප්‍රකාශ කළා.

තම දරුවන් වෙනුවෙන් සටන් කිරීමේ අවසාන ප්‍රයත්නයේදී, කැතරින් ඇය සහ ඇගේ දියණියන් ජීවත් වූ පරිසරයක විෂ සහිත පරිසරයක වීඩියෝ බෙදාහදා ගත්තා . එක් වීඩියෝවක, ඇය අසනීපව ඇඳේ වැතිර සිටින අතර, දියණිය පාසලට ගෙන යන ලෙස සැමියාගෙන් ඉල්ලා සිටිනවා.ඔහු එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ දරුවා නරක් වූවා යැයි කීමට පටන් ගන්නවා. ඔහු ඇයව විෂය බාහිර ක්‍රියාකාරකම්වලට රැගෙන යාම නවත්වන බවත් කිසි විටෙකත් තම දියණිය වෙනුවෙන් කිසිවක් නොකරන බවත් ප්‍රකාශ කරනවා. කැතරින් තම දරුවන්ට රළු ස්වරයෙන් කතා නොකරන ලෙස ඇලන්ට මතක් කරමින් තත්වය සමනය කිරීමට උත්සාහ කරනවා. කැතරින් තම දරුවන්ගෙන් සමාව ගන්නා ලෙස පැවසුවද ඇලන් දිගින් දිගටම කෑගසනවා.තවත් වීඩියෝ පටයක, කැතරින් ඇලන්ට වෛද්‍යවරයා වෙත යා යුතු බව පැවසූ අතර,  ඔහු නිවසින් පිටව යන බවත් තම දරුවන් රැකබලා නොගන්නා බවත් ඇලන් රළු ලෙස ප්‍රකාශ කරනවා. ඔහු පිළිකා රෝගයට බෙහෙත් ලබා ගන්නා කැතරින්ගේ ශරීර ස්වභාවයට ද අපහාස කරනවා.

ඇගේ අවසාන පණිවිඩයේ කැතරින් ඇගේ පාඨකයන්ට කියා සිටියේ තමන් “යුරෝපයේ සුන්දර පරිසරයක” සිය දිවි නසා ගන්නා බවක්. තමා පසුගිය වසර හතරම ඇලන්ගේ වධ හිංසාවලට ලක් වූ බවත් තම දරුවන් නොමැතිව සිටීමේ වේදනාව තවදුරටත් විඳදරාගත නොහැකි බවත් ඇය නැවත අවධාරණය කර තිබුණා.

කැතරින් පැවසුවේ තමාගේ බිඳවැටීමේ ස්ථානයට පැමිණ ඇති බවත් ඇයට කිරීමට කිසිවක් ඉතිරි නොවන බව වටහා ගත් බවත්. සටන දිගටම කරගෙන යාමට ශාරීරික ශක්තියක් තිබුනේ නම්, ඇය දිගටම සටන් කරන බව ඇය පැවසුවා. නමුත් ඇයගේ මාරාන්තික රෝගය සමඟ, ඇය කෙසේ හෝ සටනින් පරාජයට පත් වනු ඇති බව ඇය පැහැදිලි කළාය.

ඇය කළ සියලු සටන් දෙස ආපසු හැරී බලන විට, කැතරින් නිතරම තම ස්වාමිපුරුෂයා සමඟ ගැටුම් ඇති කර ගත් අතර එය ඇගේ දරුවන්ට බලපා තිබුණා එබැවින් ඇගේ පැමිණීම සාමයට වඩා හානියක් තම දරුවන්ට ගෙන එන බව ඇය නිගමනය කළා.

ඇයගේ අවසාන පෝස්ටුවේදී, ඇය ඇලන් සේවය කළ නීති ආයතනය වන Greenberg Traurig අමතා කියා සිටියේ ග්‍රීන්බර්ග් ට්‍රවුරිග් ඇගේ තත්වය ගැන දැන සිටි නමුත් ඇයට, ඇගේ දරුවන්ට හෝ වෙනත් ගෘහස්ථ අපයෝජනයෙන් දිවි ගලවා ගත් අයට උදව් කිරීමට කිසිවක් නොකළ බවයි.ඇලන් කාරුණික මිනිසෙකු නොවන බවට සාක්ෂියක් ලෙස ඇය අතීතයේ ලියූ සෑම දෙයක්ම සහ ඇය ලබා දුන් වීඩියෝ සාක්ෂි ගන්නා ලෙසත් ඇය සටන් කළ දේ ලෝකය හෝ ඇගේ දරුවන් අමතක නොකරන බව ඇය විශ්වාස කරන බවත් ඇය පාඨකයන්ට පැවසුවා.

සත්‍ය සෑම විටම ජය ගන්නේ ද නැහැ. එය තහවුරු කරමින් ඇය 2023 මැයි විසි හත් වැනිදා සියදිවි නසා ගත්තා. ඇගේ ක්‍රියාව අනුමත කළ නොහැක්කක් බව සත්‍යයක්. නමුත් දැඩි ශාරීරික සහ මානසික වේදනාවලින් පසු ඇගේ ආත්මයට නිදහස් වන්නට අවශ්‍ය වන්නට ඇති.

ඇයට පැතූ සැනසීම හිමි වේවා!!

Related Articles

Don't Miss


Latest Articles