Tag: හිමගිරි අරණ
"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?"
පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ තවදුරටත් හිමාෂාට කිසිම ඇයිහොඳයියක් තිබිය යුතු නැති බව ඇගේ විශ්වාසයයි.ඇය ඒ විශ්වාසය ඇතිව කතා කරන්නට පටන් ගත්තා ය.
"සහන්ගෙයි මල්මිගෙයි ළමයාට දිනාරා...
"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි."
හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම් වෙන අයට භාවිතා නොවන තරම් ය.එනිසාම හිමාෂා තමන්ට වඩා වැඩිමහලු බව රවිඳු සිහිනයකින්වත් සිතා නොතිබිණ.
"පාරමී...
"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා."
රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට අපහසු බව ඇය දනියි.ඇයට වේදනාවක් දැනෙන්නේ ඒ නිසා ය.නමුත් රවිඳුට බලපෑම් කරන්නට තමන්ට ඇති හැකියාව කුමක්දැයි ඇය නැවත නැවතත්...
ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට ඇය කැමති ය.ඈ සහන්ට ප්‍රේම නොකළ බව කියන්නට අසීරු වුව ද ඒ බැඳීමට ප්‍රේමය යැයි නමක් දෙන්නට ඇගේ කැමැත්තක් නැත.
"ආදරේ කියන්නේ...
"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි."
මල්මි එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගනිමින් සිටි මොහොතක ය."අපේ බබා" සහ "හිමාෂාගේ බබා" යන යෙදුම් වලින් වේදනාවට පත් සහන් හිස ඔසවා බිරිඳ දෙස බැලී ය.ඔහුට ඒ යෙදුම්...
"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ."
හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ මුහුණ තිබුණේ අඳුරට හැරී ය.හිමාෂා හසරැල්ලක් තොල් අතරට ගෙන මිතුරිය දෙස බැලුවා ය.
"මම ඔයාට කිව්වනෙ පාරෝ.සමහර වෙලාවට අපි අනිත් අයට ආදරේ...
"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා."
හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි ආරංචියක් අසන්නට ලැබීම ඔහුව කැළඹීමට පත් කරන්නට සමත් විණ.
"දූට සනීප නැද්ද?"
සහන්...
"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු."
හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ අතීත වේදනා දිග හැරීම පසෙක තබා හිමාෂාට වෙනත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
"කවද ඔෆිස් එන්න පුලුවන්...
"අම්මා..මට තාත්තිව ඕන"
කුඩා දියණිය මහා රාත්‍රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා ය.
"අම්මි හෙට උදේ තාත්තිට කෝල් කරන්නම් පැටියෝ.දැන් දොයියන්නකො"
දියණියගේ දෑස් තුළ කඳුළු...
රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා හුන්නේ රවිඳු අනතුරට පත් කළ ලොරි රථය ගැන කෝපයෙනි.නමුත් රවිඳු රෝහල්ගත වී හුන් දවස්වල ඔහුගේ කාමරයේ තිබූ සමු ගැනීමේ සටහන සොයා ගත්තේ ඔහුගේ...