Tag: හිමගිරි අරණ

හිමගිරි අරණ
අම්මාගේ තීරණය සම්බන්ධයෙන් අමායාට නම් වූයේ වෙනත් අදහසකි.ඇය ඇතැම් වෙලාවට ජීවිතය සම්බන්ධයෙන් දරන අදහස් තරමක් පෙරළිකාර බව හිමාෂා ද දැන සිටියා ය.එනිසා අම්මා සහ නැගණිය පවසන කාරණාවලින් පිළිගත යුත්තේ කුමක්දැයි ඇය නැවත නැවත සිතන්නට වූවා ය. "ඔයාලා වැඩිහිටි මිනිස්සු.අම්මලා තාත්තලාගෙ ආශිර්වාදය වැදගත් තමයි.ඒත් වැරදිලා හරි කැමැත්ත නොලැබුණොත් ඔයාලා ජීවිතකාලෙටම වෙන්...
හිමගිරි අරණ
"මට පුතේ රවිඳු කියන දරුවා කතා කරලා ටික දවසක්" අම්මා එසේ කියන්නේ හිමාෂා ඇයට ඉවුම් පිනුම් කටයුතුවලට උදව් වෙද්දී ය.මේ පලා යා හැකි ප්‍රශ්නයක් නොවන බව දන්නා හිමාෂා අම්මට ඇහුම්කන් දෙන්නට සිතා ගත්තා ය. "නංගි ගැන පිරිමි ළමයෙක් ඇවිල්ල අහනවා වගේ කතාවක් නෙමෙයි පුතේ ඒ.ඒක ඔයත් දන්නවා ඇති කියලා මං හිතනවා." අම්මා...
හිමගිරි අරණ
"අපේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් රස්සාව එක්ක පටලා ගන්න ඕන කියල මං හිතන් නෑ." දින කිහිපයකට සේවයට වාර්තා කළ පාරමීට හිමාෂා පැවසූයේ සැබෑ මිත්‍රත්වයෙනි.පෞද්ගලික අංශයේ රැකියාවක් කළා නම් රැකියාව අහිමි වීමට පවා පාරමීගේ හැසිරීම් හේතුවන බව ඇයට සිතුණේ පාරමී කෙළවරක් නැතිව නිවාඩු ලබා ගැනීමෙන් පසුව ය. පාරමී ඒ කතාව අසා සිටියේ...
හිමගිරි අරණ
හිරු ගිනිකන වැටෙන මද්දහනක කලබල වීදියකට වී මේ සොඳුරු තරුණියට හදවතේ ඇති ප්‍රේමය පවසන හදිසි සිතුවිල්ලකින් රවිඳු පිරී ගියේ ය.නම අමතක මලයාලම් සිනමා නිර්මාණයක දර්ශනයක් ඔහුගේ සිතේ ඇඳී මැකී ගියේ ය. "මොනවා හරි බොමු?" සහන් හමු වූ මොහොතේ සිට මහත් පිපාසයකින් පසුවුවත් හිමාෂා හිස වනා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.නමුත් රවිඳුගේ...
හිමගිරි අරණ
ප්‍රේමයෙන් පිරී ගිය පසු දෙනෙත වඩාත් ප්‍රිය කරන දසුන වන්නේ ඒ ප්‍රේමයේ හිමිකාරයා වග හිමාෂාට දැනෙන්නට වූයේ රවිඳු ජනාකීර්ණ මාර්ගයේ ඇවිද එන අන්දම දුටු පසු ය.ඊයේ ඔහු ගැන ඇති කරගත් වැරදි අවබෝධය ට පසුව ඔහුගෙන් සදහටම දුරස් වන්නට සිතූ අන්දම සිහිවෙද්දී හිමාෂාට ඇති වූයේ සිහින් ලැජ්ජාවකි. "හැඟීම් දැනීම් හංගගෙන ජීවත්...
හිමගිරි අරණ
"මට හිත හදාගෙන ඔයාට විෂ් කරන්න අමාරුයි" ඔහු මොනවා නැතත් සත්‍යය පැවසීම හිමාෂා සිනාවකින් දරා ගත්තා ය.ඔහු හිඳින්නේ වෙනත් ප්‍රේමයක බැඳී බව ඇය දැන සිටියේ ඔහුගේ බිරිඳ වී හුන් කාලයේ  ය.නමුත් ඈ එම සුවිසල් වේදනාව දරා ගත්තා ය.ප්‍රේමවන්තිය විවාහ කරගෙන ඇය දරුවෙක් ලැබෙන්නට සිටියදී පවා සහන්ට පැරණි බිරිඳගේ නම විවාහයට...
හිමගිරි අරණ
රාජකාරී කටයුතුවලට අදාළ අය හැරුණු විට පෞද්ගලික ජීවිතයට සම්බන්ධ අය සහන් හමුවීමට කාර්යාලයට පැමිණීම සාමාන්‍යයෙන් සිදු වන්නක් නොවේ.නමුත් තමන් මුණගැසෙන්නට අමුත්තියක පැමිණ ඇතැයි යන පණිවිඩය ඔහුට පැමිණියේ කාර්යාලයේ රැඳී හිඳිද්දී ය.ඇගේ නම පණිවිඩයේ සඳහන්ව තිබූ නිසා ඈ මෙහි එන්නට හේතු වූ කාරණාව ගැන සැක සිතින් ඔහු ඇය දකින්නට පැමිණියේ...
හිමගිරි අරණ
"ඔයා කොහොමද ඕවා දන්නේ?" පාරමීගේ කතාවේ සැඟවුණු තැන් ගැන අමායා එක හුස්මට පවසද්දී අමායා කිසිවක් නොදොඩා නිහඬව හුන්නා ය.නිවස පුරා නින්නාද නැංවෙන්නේ අම්මා කුඩා දියණිය නළවන නැළවිලි ගී හඬ ය.දැන් ඈ තනිව නිදන වයසේ ලොකු කෙල්ලක වුව ද අත්තම්මා ගී ගයමින් ඈ නළවන්නට කැමති ය.ඒ ආදරය ගැන තර්ක කිරීමට නොහැකි...
හිමගිරි අරණ
"ඔයා ඒක තවත් හංගගෙන ඉන්නෙ ඇයි?" අමායා ඇසුවේ සියුම් කෝපයකින් නොවේදැයි රවිඳුට සිතිණ.නමුත් ඒ බව හිමාෂාට පවසන්නට ඔහුට තවමත් ධෛර්යයක් ඇත්තේ නැත.එවැනි කාරණාවක් නිදහසේ පැවසීමට නොහැකි තරම් බාධා තමන් අතර ඇති බව සිතෙද්දී රවිඳු කල්පනාවට වැටිණ. "ඔයා බයයි නේද?" නිහඬ තැන්පත් යුවතියකට මෙපමණ කට සැර නැගණියක් ලැබුණේ කෙසේදැයි සිතද්දී රවිඳුට සියුම් සිනාවක්...
හිමගිරි අරණ
"සමහර වෙලාවට අපි තමන්ට අවංක නොවුනොත් ප්‍රශ්නයක් විසඳන්න පුදුම තරම් අමාරුයි." සිසිල් බීම වීදුරුව මත ඇඟිල්ලකින් ඉරි අඳින අතර අමායා පැවසුවා ය.ඇය අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සිත එකඟ කරගෙන රවිඳු ඇය දෙසම බලා හුන්නේ ය.අමායා ඇගේ සහෝදරිය තරමට සංවේදි හා ලඳ බොළඳ කෙල්ලක නොවන වග ඔහු ඒ අතර සිතන්නට...