Tag: අනෝරා මල් වැහි
වාහනය පණ ගැන්වෙන්නේ නැත. අදාල ස්විචය එබූ පසු මදක් පණ ගැන්වෙන කාරය අනතුරුව ඉබේම නිවී යයි.
මෙවන් දෙයක් කලින්වතාවක සිදු වී නැත. එබැවින්ම කල යුත්තේ කුමක්ද කියා සිතාගන්නට තාරාට හැකි වූයේ නැත. අමතන්නා කිසිවෙකු උන්නේද නැත. තවමත් විදේශයක හිඳින චිරායුට මෙබවක් පැවසීම තේරුම් නැති දෙයකි.
තාරා බියපත් වූවා නොවේ. එනමුත් සිත...
ඇය තමාගේ නම දැනගත්තේ අද වුවත් තමා ඇයගේ නම දැනගෙන උන් බව කියන්නට හැකිනම් අපූරු බව මහිල්ට සිතුනේ තාරා ඔහුට පිටුපා වාහනය වෙත යද්දීය.
තාරා මුණවීර වනාහී තරුවක් වන් කාන්තාවක් බව මහිල් සිතුවේ ඇයව දුටු පලමු වාරයේය. මෙයට සති කිහිපයකට පෙර දිනයක ආයුර් ස්පා එකේදී තමාගෙන් පෙඩිකියු සත්කාරයක් ගන්නට එන්නට...
“චිරායු ගියාට පස්සෙ කතාකරේම නැද්ද?”
අමන්දා ඇසුවේ දවල් කෑම වෙලාවේය. තාරා උන්නෙ නිහඬවම කෑම පෙට්ටියට හැන්දෙන් අනිමින් කල්පනාවක ගිලීය. කෑම කන්නට ඇවිත් සැලකිය යුතු තරමේ වෙලාවක් ගත වී තිබුණද තාරාගේ කෑම පෙට්ටිය තවමත් එහෙමකට කියා අවසන් වී නොමැති බව එදෙස බැලූ අමන්දා දුටුවාය.
“මම කතා කරා. එයා රෑ වෙලා මම දාපු...
තාරා උදෑසනම ආයුර් ස්පා වෙත ආවේ හෙඩ් මසාජ් එකකටය. හිස තිබුනේ පුපුරන්නට ආසන්නවය. සුපුරුදු පරිදි තමා වෙනදාට එන තෙරපිස්ට් වරිය අරගන්නටවත් ආයුර් ස්පා එකට දුරකතන ඇමතුමක් දෙන්නට සිහියක් තාරාට තිබුනේ නැත.
තාරා ආයුර් ස්පා එක වෙත ගියේ කුලී රියකිනි. වාහනය පදවාගෙන යන්නටවත් හැකියාවක් නොමැති අන්දමට හිතත් ගතත් තිබුනේ අඩපණවය.
“හෙලෝ මැඩම්,...
"ප්ලීස් තාරා, මම ඉන්නෙ මීටින් එකක මට වද වෙවී කෝල් කරන්න එපා.මට ඔයා එක්ක කත කර කර ඉන්නවෙලාවක් නෑ. මොකක් හරි හදිසියක්නම් මට මැසේජ් එකක් දාන්න"
"මම දාන එක මැසේජ් එකකටවත් ඔයා රිප්ලයි කරනවද? නෑනෙ ඒකයි මම කෝල් කරන්…"
"ඔයා දාන්නෙ මේ මම කනවද බොනවද එන්නෙ කීයටද කියල අහලනෙ. තාරා මට...
හමුවීම් මහ පුදුමාකාර බව තාරා සිතුවාය. සියල්ලටම වඩා අහඹු හමුවීම් පුදුමාකාර බව තාරා සිතුවාය.නොසිතු නොපැතු මොහොතක නොසිතු විලාසයෙන් ඔහුව යලි දකින්නට ලැබීම අමුත්තක් ලෙස තාරා හිතින් පිලිගත්තාය.
ඔහුගේ සිනහවට පිළිතුරක් ලෙස තමා සිනාසිය යුතුද කියාවත් නිනව්වක් තිබුනේ නැත. එහෙත් නොදැනීම වගේ දෙතොල මද සිනහවකින් හැඩවෙන්නට ඇති වග තාරා තේරුම්ගත්තේ ගී...
අමන්දා කියූ පරිදි චිරායුට තමාව මතක් වෙන්නට ඉඩ දීම තමාව දවන මේ ප්‍රශ්නයට විසඳුමක් වෙතැයි තාරා සිතුවාය.
“මම හිතන්නෙ මේ වෙලාවෙ උඹ කරන්න ඕන හොඳම දේ චිරායුට උඹව මිස් වෙන්න දෙන එක”
අමන්දා එසේ කිව්වේ තාරාගේ කෑම පෙට්ටියේ තිබූ සොසේජස් කැබැල්ලක් ගැරැප්පුවෙ අමුනා ගනිමිනි.දවල් කෑම වේලාව ඉතින් කාට කාටත් ඕපදුක, දුක්...
රිය මහ පාරේ ගියේ ඔහේ මෙනි. තාරා වාහනය පදවමින් උන්නද ඒ හරි සිහිකල්පනාවකින්ද කියා අදහසක් තාරාටවත් තිබුනේ නැත. තමන් ජීවිතය භාරගත්තේ එය මෙසේ අරමුණක් නොමැතිව ඉබාගාතේ යතැයි කියා සිතා නොවේ. එහෙත් සිත අස්සේ ගිගුම් දෙමින් උන් වේදනාව පහ කරගන්නට හැටියක් සිතාගන්නට තාරාටා ක්රමයක් තිබුනේ නැත.
ඊයේ රාත්රියේ චිරායු විසින් හිත...
“මැඩම් ට මගේ ග්‍රිප් එක තද වැඩි නම් කියන්න”
පෙඩිකියු එක කරන්නට තමන්ගේ දෙපා අසල බංකුවේ වාඩි වූ ඒ තරුනයා එසේ අසද්දී පවා තාරා උන්නේ දෙනෙත් පියාගෙනය. ඔහු විසින් හිස මත ඇතිකල සහනය සැනසුම තවමත් දැනෙද්දී තමා දෑස වසා හිඳින්නේ ඒ සැනසුම විඳගනු පිණිසද නොඑසේනම් මේ තරුණයාගේ ඇස් බැල්මෙන් මිදෙන්නටද...
තාරා කණ්ණාඩිය ඉදිරියේ අසුන් ගෙන සැරසෙමින් උන්නාය. ඒ පෙඩිකියෝර් මැනිකියෝර් සත්කාරයක් සඳහා ආයුර් ස්පා එක වෙත යනු පිණිසයි.
අද චිරායු නිවසේ නැති දවසක. චිරායු කොහොමත් සති අන්තයක වුවත් නිවසේ රැඳී සිටින්නේ ඉතාම අඩුවෙනි. සති අන්ත සැඳෑ කාලය මිතුරන් සමග කෙලිදෙලෙන් ගෙවන්නට කාලය වැය කරන චිරායු සති අන්ත උදේ වරුවලත් බොහෝ...