Tag: පෙඟුණු මල්පෙති

පෙඟුණු මල්පෙති
උදා අරුණැල්ල සයනය මතට වැටෙද්දීම මිහික අවදි වූයේ තවත් දවසකට මුහුණ දෙන්නටය. චරිත්‍රා සමග කතාබහ කරායින් පසුව සිත නිවෙනු ඇතැයි සිතුවද හේතුවක් නොදන්නා, නමක් නොදන්නා කුමක්දෝ හේතුවක් සිත අස්සේ පෙරළිකරන බව මිහිකට තේරේ. ඒ නොසන්සුන්තාවයට හේතුව කුමක්දැයි මිහික නොදන්නා නමුත් එය සිත වෙහෙසට පත් කරයි.  වෙනදාට ඇඳෙන් කඩිනමින් බිමට පණින තරුණයා ඉතාම...
පෙඟුණු මල්පෙති
දාන මාන කටයුතු තිබෙන දිනවල නිවස කෙතරම් සන්තෝසයෙන් කාර්‍යබහුලද යන්න මිහිකට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.  එදවස වාර්ශිකව දෙන දාන මාන කටයුතු වලදීත්, අවුරුදු කාල වලදීත් සියලුම නෑ හිත මිත්‍රාදීන් එකතු වී වැඩ රාජකාරි ඉටු කරන දින එනතුරු ඇඟිලි ගණන් කල ළමා කාලයකටද, පසුව නෑ සොයුරන් සොයුරියන් සමග කල්...
පෙඟුණු මල්පෙති
"කොහොමද පුතා?මොකද කරන්නේ" ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය.  "මුකුත් නෑ අම්ම. මම මේ වොශ් එකක් දාල ඇඳේ හාන්සිවෙලා ඉන්නව" "කෑම ගන්ට ගියේ නැද්ද පුතේ තාම?" " නෑ අම්මෙ තව වෙලා තියනවනෙ. තාම මෙහෙ වෙලාව හයයිනෙ. හතට විතර ගිහින්...
පෙඟුණු මල්පෙති
"මොකද කරන්නෙ?"බීප් ශබ්දයෙන් හැඬවුණු දුරකතනය කහ පැහැ එළියක් නංවන හඬටමෙතෙක්ල් වේලා ඇඳේ හාන්සි වී කම්මැලිකමට දෑස පියාගෙන සිටි චරිත්‍රානැගිටුවාලන්නට සමත් විය.මිහිකගෙන් ආ පණිවිඩයක් යැයි සිතා කම්මැලිකමෙන්ම දුරකතනය අතට ගත්මුත් පණිවිඩය ළහිරුගෙනි. හිත තුල දහසක් මල් පුබුදුවන්නට සමත් ළහිරුය.සැමියා දුරු රටක හිඳිද්දී ලංකාවේ සිටින පෙම්වතියන් සහ බිරින්දැවරුන්පතිවත රැකිය යුතු බවට...
පෙඟුණු මල්පෙති
සුදු බතට, පරිප්පු තෙම්පරාදුවකුත්, සැමන් බැදුමකුත්, අතේ සෑදූ පොල් සම්බෝලයකුත් හොඳටෝම ප්‍රමාණවත්‍ ය. අද නිවාඩුය, හෙටත් නිවාඩුය. ඉතින් කැමති යමක් කා බී කැමති දෙයක් බලා සැනසෙන්නට කාලය හොඳටෝම ප්‍රමාණවත්‍ ය. උදෑසනම පැයක් පමණ චරිත්‍රා සමග කතා බහ කරන්නට අවස්තාව ලැබුනේ වෙනදා මෙන් උදෑසන අවදිව රැකියාවට යෑමේ අවශ්‍යතාවක් නොවුණු නිසා ය. තමාට...
පෙඟුණු මල්පෙති
සිත සනසාලන්නට මෙරට ඇති එකම සම්පත නම් සීතල වතුරය.  ඇඟට දැනෙන වෙහෙසත් සිතට දැනෙන කාංසියත් මගහරවාලන්නට මෙන් ඇඟ දොවමින් පහලට රූටා වැටෙන සීතල වතුර බිඳු දිගේ තම සියලු වේදනාවන් මුදා හරිමින් සිටියේ මිහිකය. රාත්‍රී 11 පමන වනතුරුත් අවදි වී යූ ටියුබයේත්, මුහුණු පොතේත් එක එක ඉසව් පිරික්සමින් රැඳී උන්නේ චරිත්‍රා දැන්...
පෙඟුණු මල්පෙති
හති වැටීම් දහසකුත් එකක් අවසානයේ දහදිය බිංදු එකක් වත් නොවැටුනේ එතරම්ම සීතලකින් කාමරය වැසී තිබුන නිසාවෙන් විය හැක. ධනුකව හමු වන්නේ කාර්‍යාලයේ යම් රාජකාරියට අවශ්‍ය පත්තට දැන්වීමක් පළ කරගනු පිණිස දිනය පත්තරයේ මවු ආයතනයට ඇමතූ දිනෙකයි.  එකී ඇමතුමෙන් ඇරඹුණු සංවාදය නිමවුණේ  බම්බලපිටියෙ රිලැක්ස් ඔන් හි සීත කළ එනමුත් සැප පහසුකම් අඩු...