පෙඟුණු මල් පෙති 04

සිත සනසාලන්නට මෙරට ඇති එකම සම්පත නම් සීතල වතුරය. 

ඇඟට දැනෙන වෙහෙසත් සිතට දැනෙන කාංසියත් මගහරවාලන්නට මෙන් ඇඟ දොවමින් පහලට රූටා වැටෙන සීතල වතුර බිඳු දිගේ තම සියලු වේදනාවන් මුදා හරිමින් සිටියේ මිහිකය.

රාත්‍රී 11 පමන වනතුරුත් අවදි වී යූ ටියුබයේත්, මුහුණු පොතේත් එක එක ඉසව් පිරික්සමින් රැඳී උන්නේ චරිත්‍රා දැන් දැන් තමා අමතනු ඇත යන බලාපොරොත්තුවෙනි.

එක් මොහොතකට හෝ ඇමතුමක් දී “මහන්සි මම නිදාගන්නව, ඔයා තරහ නෑ නේද” කියා අසන්නට හෝ එබව දැනුම් දෙන්නට චරිත්‍රාට බැරි ඇයි? 

දුර රටක තනිව ගෙවන ජීවිතයට ඇති එකම සැනසුමත් සතුටත් ලංකාවේ සිටින තමා ආදරය කරන මිනිසුන් සමග සංවාදයේ යෙදීම පමණි. 

චරිත්‍රා එබව නොදනීද?

ඇඹුලෙන් ආහාර ගෙන අනතුරුව කහට කෝප්පයක්ද බී, පාගමනින්ම නැවත කාමරයට විත් බලා සිටියත් කතා කලේ චරිත්‍රා නොවේ. 

සිහිල් දිග ස්නානයෙන් අනතුරුවවත් නික්ම නොගිය බරැති සිතුවිලි දරාගත් හදකින් ඇඳට ගොඩ වී ඈතින් පෙනෙනා නගරයේ විදුලි එලි දිහා බලා හිඳින්නට පටන් ගත්තේය. 

එදවස ලංකාවේ හිඳිද්දී රාත්‍රී ආහාර අනුභවයෙන් පසු නිවසේ ඉස්තෝප්පුවට වී අම්මත් තාත්තත් මල්ලිත් සමග සතුටු සාමිචියේ යෙදී සිටි හදවතට මේ තනිකම දරාගන්නට අපහසු බව නොරහසකි. 

අම්මා තාත්තා සහ මල්ලි සමග දොඩමලු වන්නට කෙතරම් අවස්තාව ලැබුණද තමන් ගැන හොඳින්ම දන්නා පුද්ගලයා චරිත්‍රා ය. 

ඇය තරම් තමන්ගේ ජීවිතයේ සියලු අහුමුලු හොඳින් දන්නා වෙනකෙක් මෙදියත නැත. ඉතින් ඇය සමග දොඩමලු වන කුඩා කාල වේලාව වෙනුවෙන් තමා දිනපතා බලා හිඳින්නේ ආදරයෙනි. සියලු දුක් සංකා තනිකම් නිවාගන්නේ ඇයගෙනි.

නමුත් සබඳතාවය මුලදීට වඩා චරිත්‍රා දැන් වෙනස් නොවේද?

එදවස සිටි කුඩා කුඩා කවි ලියා එවමින් උදේ හවස තමා සමග දොඩමලු වන්නට බලා සිටි යුවතිය විවායහ නිතී පොතේ ලිවීමෙන් අනතුරුව කොහේ හෝ සැඟවී ගොසිනි. 

“කසාද බැන්දට පස්සෙ ඔයා ආදරේ කියන එක දන්නෙම නැතුව නැතිව යනවා මචං” කියා පාසල් කාලයේ සිට ගහ යහලුවා වූ මේනක විහිලුවට මෙන් විවාහ උත්සවයේදී පැවසූ කතාව එක්තරා පසෙකින් ඇත්තයැයි සිතෙන්නේ කිමදැයි මිහිකට හිතාගන්නට නොහැක. මේනක කියූ කතාවට ඕනවටත් වඩා සිනා සෙමින් “මං බැන්ද ගමන් කරන්නේ ආදරේ එකට එකතු කරල ගැට ගහල ලඟ තියාගෙන ඉන්නව” කියමින් තමා වටා අත යවමින් චරිත්‍රා තුරුලු වූ අයුරු මිහිකගේ මතකයෙන් තවමත් ගිලිහී ගොස් නැත.

කණ්ඩලම හෝටලයට මධුසමය සඳහා ගිය අයුරුත්, තම කුඩා රතු පැහැති කාරයේ නැගී එහෙ මෙහෙ රවුම් ගැසූ දෙසතියක කාලය සහ ඉන් අනතුරුව ගෙවුණු සියලු සොඳුරු නිමේෂයන් අමතක වු අයෙකු සේ චරිත්‍රා වෙනස්වී ඇත්තේ කුමක් නිසාද?

තමන් ඈතින් හිඳින නිසාද? දුරකතනයෙන් කියවන දෙබස් සහ ආදරණීය වදන් හුවමාරු කරගැනීම් පමණක් සතුටට පත් වන්නට මද නිසාවෙන්ද?

එනමුත් මේ සියලු කැපකිරීම් කරන්නේ ඇයටත් තමන්ටත් සතුටින් සිටින්නට හැකි ලොවක් ගොඩනගා ගනු පිණිසය. මුදල් එකතු කරමින් ගොඩගසන්නේත්, අතිකාල සේවාවල නිරත වෙමින් තව තවත් මුදල් එක්‍ රැස් කරන්නේත් මෙරටට පැමින ගෙවන්නට නියමිත ජීවිතයේ ඇයට දුකක් කම්කටොලුවක් විඳින්නට නොලැබෙනු පිණිසය.

ඈතින් පේන නගරය විදුලි එලි නිසාවෙන් දිලෙන්නෙ රන් ආලේප කළාක් මෙනි. තැනින් තැන හෙමින් හෙමින් අතරින් පතර ලපටි දලු ලමින් සිටි, මේපල් ගස් තම පත්‍ර රහිත අත් නන් දෙසට විදහා එකී විදුලි එළි මැද නැගී සිටින්නේ අවතාර මෙනි. 

රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් එළඹෙන්නේ තමන්ට සතිකයට ලැබෙන එකම නිවාඩු දිනයයි. උදෑසනම පිටතට ගොස් නිවසට අවශ්‍ය කලමනා ආදිය මිල දී ගත යුතුය. වසර අවසානයේ හෝ ලබන වසර මුල් භාගයේ චරිත්‍රා ද මෙරටට ඒමට නියමිත බැවින් ඇයටත් තමන්ටත් වාසය කිරීමට සුදුසු ලෙස මෙම කුඩා නිවහන සකසා ගත යුතුය. 

ඒ සඳහා අවශ්‍ය කරන විවිධ බඩු බාහිරාදිය පසුගිය මාස කිහිපයක කාලය තුල මිල දී ගත් අතර හෙට දින “…Shopping Mall” හි පැවැත්වෙන Ikea ප්‍රදර්ශනයෙන් ද මිල දී ගන්නට අදහස් කරගෙන සිටින බඩු බාහිරාදිය ද බොහෝ ය. මෙහි ආ විට ලංකාවේදී මෙන් රැකියාවක් කිරීමේ අදහසක් චරිත්‍රාට නැති බව මෙන්ම එසේ යෑමේ අවශ්‍යතාවයක් ඇති බවද මිහිකට නොපෙනේ. 

තමන් හට රැකියාවෙන් ලැබෙන ආදායම තව දෙතුන් දෙනෙකු බලා කියා ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හොඳටම ප්‍රමාණවත් ය. 

එයටත් වඩා මෙහි රැකියා සියා ගැනීම ඉතා අපහසුය. චරිත්‍රාට පංති සාමාර්තයක් සහිත රජයේ විශ්ව විද්‍යාලයකින් ලබා ගති අලෙවිකරණය සම්බන්ද උපාධියක්, ඒ හා සැසැඳි පශ්චාත් උපාධි සහතිකයක් තිබුනද අලෙවිකරණ අංශයෙන් ඇය දැනට නිරත වී හිඳින අන්දමේ උසස් රැකියාවක් ආ විගස ලබා ගැනීම මෙරට දී පහසු කර්තව්‍ය්‍යයක් නොවේ. 

උදෑසනින් අවදිවන්නට තිබෙන බව හැබෑවකි. එනමුත් නින්ද මෙතරම් දුර ඇයි දැයි මිහිකට සිතාගන්නට නොහැක. නගරයට ඉහලින් පෙනෙන අහසේ ඈත කෙලවරක එකදු තරුවක් නොමැතිව තනිව සිටින අහසේ තනිකම මකාලන්නට මෙන් සඳ පලුවක් එල්ලී හිඳී. තමන්ද එලෙස නොවේද? තනිකම අහසක් තරම් විශාලය. ආදරය සඳ පලුවකි. 

“අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි

පාළු සිතේ විඩා නිවෙයි

මේ සුවිසල් පුර තනිව ඉන්නට

මට ඔය සිත සවිය ගෙනෙයි”

වේරලියද්ද මහතා කියූ වචන මොනතරම් නම් හැබෑවක්ද? බලන බලන අත පෙනෙන්නේ චරිත්‍රාගේ මුහුණය.  පාලු සිතේ විඩා නිවාලන්නට සිතට උපකාරී වන්නේ ඇගේ සෙනෙහසය. එනමුත් අද කෙතරම් නම් වෙනස් ද? 

මේ සුවිසල් පුරවරයේ හිඳින්නට අද සවිය නැත්තේද සිතට ය. බොහෝ දේ විඳ දරාගත් සිතට ය.

නිරුවත් සිරුර දිගේ ඇද හැලෙන ජල බිඳිති පෙනෙන්නේ මුතු ඇට පරිද්දෙනි. නිරුවත් ගෙල, ලැම, බඳ පෙදෙස සිපගනිමින් මෙන් පහලට ඇද හැලෙනා ඒ මුතු ඇට අලු පැහැ ටයිටේනියම් පොලොව මත ඇද වැටී හඬක් නොනගාම ගලා යයි. ඉහළින් ඇද හැලෙන සීතල වතුර කඳක හඬ මිස වෙන කිසිවක් නොපෙනෙන්නට තරම් නාන කාමරයේ ඇති වීදුරු කුටීරය මිහිදුමෙන් බැඳී ඇත. 

වීදූටු කුටිය දෙස එළියේ සිට බලන්නෙකුට පෙනෙන්නේ මිහිදුමින් බැඳුණු වීදුරු ද්වාර පමණකි. එකී විදුර් නාන කුටිය තුළ කවුරුන් හෝ උණුසුම් දිය ස්නානය කරනු ඇතැයි පිටතින් හිඳ බලන්නෙකුට සිතෙන්නට හැකි මුත් නාන කුටිය තුළ එකම එක යුද්දයකි. යුද පිටියකි. එකිනෙකා පරයා නැගී සිටින්නට කෙරෙනා යුද්දයකි. වියරුවෙන් මෙන් කෙරෙන සිපුම්ය. සැපුම්‍ ය. තෙරපා ගැනීම්‍ ය. වැළඳ ගැනීම් ය. එක් පසෙකින් එමරල්ඩ් කොල පැහැ නියෙන් පැහැපත් වුණු සිහින් කාන්තා ඇඟිලි දහයක්, හොඳින් වැඩුණු, බාහි ඉල්පුණු දුඹුරු වර්ණ පිරිමි සිරුරක පිට දෙපසින් ඇදේ. දිගු නියපොතුවලින් කෙරෙනා සීරීම් ගැන වගක් නැත්තාක් මේන් පිරිමියාගෙ හිස කාන්තාවගේ සුමුදු දිගු ගෙල තුළ සැඟවී හිඳී. 

වැටෙන දිය බිඳු වලින් තෙමී තිබුනද නොමැකී ගිය රත් පැහැ ආලේපන තැවරුණු තොල් අගින් එළියට නික්මෙන සරාගී කෙඳිරුම් හඬ වතුර මලෙන් වතුර බිම වැටෙනා හඬ පරයා නැගී හිඳියි. 

කොළ පැහැ නිය ආලේපන ගැල් වූ අතැඟිලි හිමිකාරිය චරිත්‍රා ය. පිරිමියා කවුරුන්දැයි අප තවම නොදන්නා මුත් චරිත්‍රාට නම් ඔහු හොඳහැටි හුරු පුරුදු වග ඔවුන් අතර වන්නා වූ සම්භෝගයේ අංග දෙස බැලූ කල අපට හොඳින්ම වටහා ගත හැක. 

සිරුර සන්තර්පණය කිරීමේ අරමුණම පමණි. ආලයක් නොව ආසාවකි. වෙලීමකි. ඇලීමකි. බැඳීමක් නොවේ. 

අලු පැහැ ටයිටේනියම් බිත්තියට චරිත්‍රාව හේත්තු කළ නම නොදත් පිරිමියා මෙතෙක් වේලා ඇගේ ගෙල තුල ඔබා ගෙන සිටි තම හිස ඇගේ ගත පුරා යවන්නට විය. ඒ හා සමගම එකාවන්ව සිරුර පුරා දිවයන ඔහුගේ විසල් අතැඟිලිය. සම්භෝගයෙන් සන්තර්පණය වෙමින් හිඳිනා බව කියාපානු වස් චරිත්‍රාගේ සරාගී රත් පැහැ මුවගින් නික්මෙනා කෙඳිරුම් හඬකි. දෑස් පියවී ඇත. දණගසා හිඳිමින් තමා සතුටට පත් කරනා නම නොදත් පිරිමියාගේ හිස කේ මත එහෙ මෙහෙ දිවයන කොළ පැහැ ආලේපන තැවරූ දිගු අතැඟිලි ය.

නාන කාමරයෙන් පළමුවෙන්ම එළියට ආවේ නම නොදත් පිරිමියාය.

මිහිදුම බැඳුණු නාන කුටීරයෙන් එලියට ආ චරිත්‍රා සින්ක් එක ඉදිරිපිට තබා ඇති රවුම් කණ්ණාඩියෙන් තම මුහුන දෙස බලා සිටියාය.

වතුර බිඳිති ඇඟ පුරාම විසිරී තිබුනද වචනයෙන් කියන්නට නොහැකි මට්ටමේ උණුහුමක් ගතට දැනේ. බාග දා ඒ ගත මෙන්ම සිත ද සුරතාන්තයට පත් වූ නිසාවෙන් විය හැක. රවුම් කණ්ණාඩියෙන් පෙනෙන බෝපත් හැඩැති ඇත්දල පැහැ මුහුණය. රත් පැහැ දෙතොලය. මුහුනට වැටුණු අක්බඹරු කෙහෙ රැලි ය. උල් වූ නාසයය. තොලෙහි දකුණු කෙලවරේ පිහිටා තිබෙන කලු පැහැ උපන් ලපයයි. සරාගී බව මෙන්ම සුන්දරත්වයද එකට එකතු වූ වතයි. දිගු ගෙලින් පහලට ආ විට ඇති උල් වූ පියයුරුද, රිදී පැහැ මුදුවක් පැලඳවූ නාහියද, වයින් වීදුරුවක හැඩති බඳද පමණක් චරිත්‍රාට කණ්ණාඩියෙන් දැකගත හැක. 

පිරිමියෙකු මන්මත් කරන්නට තරම් වූ තම ශරීරය ගැන චරිත්‍රාට ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි. දිවා රෑ වෙලාවන් ලැබෙන නිමේෂයන්හිදී කුඩා කුඩා ව්‍යායාම කරමින්, සලාද සහ හරිත තේ කමින් බොමින්, ඇඟේ හැඩය ඉස්මතු වන් අන්දමේ ඇඳුම් පැළඳුම් ඇඟලමින් එකී මෝහනීය සිරුර නඩත්තු කරන්නට චරිත්‍රා වෙහෙසෙන්නේද එබැවිනි.

ආදරය යන රැහැනින් තමා බැඳ තබාගන්නා මිහික තම සිරුර ගැන අන් කිසිම අයෙකු තරම් වර්ණනා කර නොමැත.සිරුර වර්ණනා කරමින් තමා සිප වැළඳගන්නා පිරිමින් හමුවේ තමන් වෙඬරු පිඬක් මෙන් හුණුව වැගිරෙන්නේ ඔහුගෙන් එකී වර්ණනා අසන්නට නොලැබීම නිසා වග කියමින් එබව සාධාරණීකරණය කරමින් සිතට ඒත්තු ගන්වන්නට චරිත්‍රාට ගෙවෙන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

අනෙක් අතට මේ මිහික ගැන සිතමින් ලතවිය යුතු මොහොතක් නොවේ.

මෙතෙක් වේලා දියෙන් නැහැවූ සිහිල් සිරුර ගිනියම්ව දැවෙන්නට ඇත්තේ තව කොපමණ නම් කුඩා වේලාවක්ද?

.නාන කුටියෙන් පිටත සීත කළ කාමරයේ සුදු පැහැ ඇඳ ඇතිරිලි එලූ සුමුදු සුඛෝපභෝගී සයනය තමා පිටතට එනතුරු බලා හිඳී. එපමණක් නොවේ මෙතෙක් තමන් සමග බොහෝ රාත්‍රීන්ද, කුඩා විරාමයන්ද ගෙවූ සියලු පිරිමින් පරයා නැගි පිරිමිකමකුත්, තේජාන්විත බවකුත් ඇති කඩවසම්, දුඹුරු පැහැ සවිමත් සිරුරක් හිමි ළහිරු ය.

ඉතින් මෙහි ලතවෙන්නට කාලයක් නොවේ. 

සුදු පැහැ කබාය ඇඟ දවටාගෙන එහි බඳ පටිය ගැටගසමින් එළියට ආ චරිත්‍රාට දැනුනේ තමන් මොහොතකට සීතලෙන් ගල් වූ බවයි. කාමරය එතරම්ම සීතලය. ඇඟේ රෝම කූම සෙමෙන් හිස ඔසවයි. කබායෙන් වැසී තිබෙන ඇඟ තුලට සෙමෙන් ඇතුලු වූ සීත වා අංශු තම සිරුර වැළඳගන්නා බව චරිත්‍රාට දැනේ. කෙලවරක ඇති ෆ්‍රෙන්ච් වීදුරු වලින් එපිට පෙනෙන නිල් පැහැ මහ සාගරයයි. තට්ටු ගණනාවක් ඉහල සිට බලද්දී කලබලකාරී කොළඹ නගරය මගහැර සුන්දර මහ මුහුද දෙස එක එල්ලේ බලා හිඳිය හැක. ජනෙලය අසලම දුඹුරු පැහැ කුඩා මේසය මත තබා ඇති රතු පැහැ වයින් බෝතලයයි. ඒ අසලම ඇති වයින් වීදුරුවල අඩකටත් අඩු ප්‍රමාණයක් වයින් පිරී ඇත. රත් පැහැයය යනු ආදරයේ පැහැයයි. වෛරයේත්, මරණයේත්, සරාගයේත්, රුදිරයේත් පැහැයයි. ඉන් බිඳක් තොල ගාන්නට තිබේනම්?

සෙමෙන් මේසය දෙසට ඇවිද ගිය චරිත්‍රා වයින් වීදුරුවක් තොල ගාමින් හැරී බැලුවේ විශාල සුදු පැහැ සයනය දෙසයි. සයනය හරි මැද වාඩි වී, පිටුපසට හේත්තු වී සිටින ළහිරුගේ ඇස්වල ඇති බැල්ම චරිත්‍රාට පැහැදිලි නැත. එනමුත් එකී බැල්ම ආරාධනාවකි. සයනයට එන්නටත්, සිරුර සන්තර්පණය කරවන්නටත් කෙරෙන ආරාධනාවකි. 

වයින් වීදුරුව පසෙක තබා ඇඳ අසලට ඇවිද ගිය චරිත්‍රා නැවතුනේ ළහිරුට එක එල්ලේ ඇඳ ඉදිරිපසින් සිටගෙනය.

මද වේලාවක් එකිනෙකාගේ දෑස දෙස බලා හිඳිමින් කළ නිහඬ කතාබහකි.

සුදු පැහැ කබාය ගැළවී දෙපතුල රැඳුණි.

ඉතින් තවත් කිසිවක් කියන්නට අවැසිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles