Tag: පෙඟුණු මල්පෙති

පෙඟුණු මල්පෙති
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක්‍ යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන වතාවටත් සිතුනි. එහෙත් එය ගිණුමක් හැක් කල නිසා පල වූවක්ද යන්නට වඩා මිනිසුන්ට වැදගත් වී තිබුනේ එහි පැහැදිලිව පෙනෙන්නට තිබුන චරිත්‍රාගේ මුහුණයි. කොහේදෝ මන්දා හෝටලයක කාමරයක් යැයි...
පෙඟුණු මල්පෙති
නුවර සිට නික්මෙද්දී චරිත්‍රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි. ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික අවසානයට පැවසූ දේ නිසාද? “මම ලබන සතියේ කොළඹ එනවා. අපි හැමදෙයක් ගැනම කතාකරමු චරිත්‍රා” එතුල වූයේ මහා බරසාර කතාවක අත්තිවාරමයි. ඒ වදන තුල තමා බලාපොරොත්තු වන නිදහසට...
පෙඟුණු මල්පෙති
අම්මා කෙනෙකු නැති වීම දරුවෙකුට මෙතෙකැයි කියා කිව හැකි අන්දමේ වේදනාවක් නොවේ. එය දරාගන්නට අපහසුම තරම් වේදනාවකි.සිතනා සැම විටකම අලුතෙන් කඳුලු උනන්නට හේතුවන වේදනාවකි. මතක් වන හැම විටකම සිත ඉරිතලා දෙදරා යන වේදනාවකි. ඒ වේදනාව මිහිකට වුව දෙවනි වූයේ නැත. පිරිමියෙකු සියල්ල ශක්තිමත්ව දරාගත යුතුය, නොහැඬිය යුතුය යන සම්මතයක් සමාජයේ තිබුනද...
පෙඟුණු මල්පෙති
“ආදරය කියන්නෙ භාවනාවක්, හුස්ම ඉහළ පහළ හෙලීම ගැන පවා විමසිලිමත්, සහනයක් සලසන්න උපකාර වන භාවනාවක් , ඒත් අපි බොහෝමයක් අයගෙ හිතට දුකක් ගේන්න හේතුවක් වෙලා තියෙන්නෙත් ඒ දුක,තනිකම නැතිකරගන්න අපි වඩන ආදරය කියන භාවනාවම තමයි දුක කියන්නෙත් ආගමක් ඉපදුන  දා සිට මරණය දක්වාම අදහන්න සිදුවුන. දුකෙන් අත්මිදෙන එකට වඩා අමාරුයි,දුක මහාභිනිශ්ක්‍රමණය කරන මාර්ගය...
පෙඟුණු මල්පෙති
චරිත්‍රා කුමනාකාරයේ ගැහැණියකද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය. ඇය තමාට පෙම් නොකර බවටත් ඇය පෙම් කරන්නේ ඇය අලුතෙන් බැඳුන නම නොදත් තරුණයාට බවත් මෙතෙක් දිනක් තමා සිතා හුන් අන්දම වැරදි බව මිහිකට තේරුම් ගියේ පෙර දින රැයේ ඇය තමා සමග හැසිරුණ ආකාරය නිසාවෙන්‍ ය.  තමා මෙහි එන්නට පෙරත් ඇය තමා සමග...
පෙඟුණු මල්පෙති
චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත. මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ. තමාට ඇය සමග විසඳාගන්නට කෙතරම් ප්‍රශ්න තිබුණද අම්මා පිළිබඳව සිතද්දී මේ සියලු ප්‍රශ්න වැටෙන්නෙ දෙවන තැනටය.චරිත්‍රා සමග කුමනාකාරයේ ගැටලු තිබුනද මේ ඒවා පසෙක ලා ඇයට සිදු වී ඇති දේ...
පෙඟුණු මල්පෙති
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ” හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය. ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු සැක සහිත නිසා ඔහුට කියන්නට හේතු කාරණා නොසොයා මේ ගමන නිදහසේ ගොසින් එන්නට හැක. එය සිතට සැනසුමකි. මිහික කතා කරන සෑම මොහොතකම අවස්තාව ශේප් කරගන්නට අවශ්‍ය කරන...
පෙඟුණු මල්පෙති
එල්විස් ප්‍රෙස්ලිගේ ෆෝලින් ඉන් ලව් විත් යූ ගීතය සෙමින් වාදනය වන්නේ චරිත්‍රාගේ සිත තුලය. ගෙවී ගියේ මොනතරම් නම් සුන්දර නිමේශයක්ද? මොනතරම් නම් සුන්දර රැයක්ද? ඒ තරම් සුන්දර රැයක් යුවතියකගේ ජීවිතයට එළඹිය හැකිද යන්න පවා චරිත්‍රාට තවමත් සිතා ගත නොහැක. එහෙත් තමා යුවතියක නොවේ. තමන් විවාපත් ගැහැණියකය. සැමියා දුරු රටක වාසය කරද්දී මහගෙදරින්ද ඈත්ව තනිව කොළඹ...
පෙඟුණු මල්පෙති
කුමක් හෝ අඩුපාඩුවක් ජීවිතයේ ඇත. දැන් එය නිරතුරුවම සිතට දැනේ. හරියට අනාගතයේ විය හැකි යම් කිසි ව්‍යාසනයක් පිළිබඳව පෙර දැනුම් දීමක් වැනිය. එහෙත් ඒ කුමක්ද? විය හැක්කේ කුමක්ද? එහි බලපෑම කොතෙක් විය හැකිද යන ගැට පදය ලිහාගන්නට තවමත් මිහිකට හැකියාවක් ලැබී නැත. අනෙක් අතට කුමනාකාරයේ පෙර දැනුම් දීම ලැබුණද දෛවය විසින් තීරණය කරා...
පෙඟුණු මල්පෙති
“ලකී සෙවන්”හත කියන්නේ වාසනාවන්ත අංකයක් බව කවුරු කොහොම කිව්වත් හතකියන්නෙ ඉතාම අවාසනාවන්ත අංකයක් බව ජීවිතේ පළමුවතාවට චරිත්‍රාටඅද දිනයේ සිතුණි.ඒ හේතු කීපයක් නිසා වෙනි.ලේක් ග්‍රෑන්ඩ් හිදී මුණ ගැසෙමු යැයි ප්‍රභාත් පැවසුවේ හතට නිසාවෙනි.අද රෑ හතට කෝල් කරමු යැයි මිහික එවූ වට්සැප් පණිවිඩයයි.අනෙක් අතට හතට රාත්‍රී ආහාරය සඳහා පිටතට යමුදැයි අසා...