එයා මැරිලා හුඟක් කල් 7

උඹ නිකමට හිතපන්කෝ සාමාන්‍ය හොඳ  පවුලක මනුස්සයෙකුට ඔහොම වුණයි කියලා..ඉතිං ඕක රෙයා සිද්ධියක්නේ..එහෙනම්  ඉතින් ඕකට හොඳ පබ්ලිසිටි එකක් හම්බවෙනවා. එහෙමනම් hospital එක මීඩියා කාරයෝ වටකර ගන්නවා. මේ නිකන් හිගන ගෑනියෙකුට ඔහොම දෙයක් උනහම කවුද ගණන් ගන්නේ..

ජයසූරිය කියපු වචන ටික මගේ ඔළුවේ ඒ විදිහටම දෝංකාර දෙනෙකුට මම කැලිඩෝ එකට ඇවිල්ලා වාහනය නතර කළේ සිහියෙන්ද කියන එක මට හිතාගන්න බැරුව ගියා.ඒ වචන ටික මාව එච්චර කම්පනයට පත් කළේ ඇයි.එහෙමනම් ප්‍රහාන්ගේ සිද්ධියත් එක්ක මේ සිද්ධිය යම්කිසි සම්බන්ධයක් තියෙනවද..දැන් අයිරංගනී  ඉන්නේ කොහෙද කියන එක හොයාගන්න කියන එක රාජරත්නම්ට මම කියන්න ඕනේ.ඒ වගේම ආශිකා ගේ ඩිලිවරි එකට හිටපු ඩොක්ටර්ව හම්බවෙලා කතා කළාද කියන එකත් අහන්න ඕන..

රාජරත්නම් මන් දිහා බලාගෙන හිනා වේගෙනම ඇතුලට ආවා.

“හලෝ ඩොක්ටර් .. ඔන්න අද විස්තර ගොඩක් කතා කරගන්න ආවේ. තව යාළුවෙකුත් ඉන්නවා..මතකද බලන්න..මේ ඩොක්ටර් තලම්මැහැර..”

එහෙම කිව්වහම මං වැඩිය හොඳට කන්නාඩිය ආපහු හදලා තලංමැහැර දිහා බැලුවා..

“අම්මටසිරි .. මයි ගෝඩ් තලේ…….”

මට එතකොට තමයි මතක් උනේ.අවුරුදු පහක් මාත් එක්ක එකම බැච් එකේ හිටපු හොඳම යාළුවෙක්..

“කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ හම්බ වුණේම නෑනේ..මං වැඩි කාලයක් හිටියේ ඉංගලන්ඩ් වල..මට ඊට පස්සේ අසේලව මීට් උනේම නෑ නේද..”

“ඒකනේ..ඒ දවස්වල අපි මොනතරම් පිස්සු නැටුවද..
මතක අර ටොපි දැමිල්ල…”

මම එහෙම කිව්වහම
තලංමැහැර මාත් එක්කම හයියෙන් හිනා වුණා…

“තුන්දෙනෙක් ඉන්න තැන දෙන්නෙක් තනියම හිනාවෙන එක හරි නෑනේ..කියමු බලන්න අපිටත් හිනා වෙන්න..”

කියන ගමන් රාජරත්නම් වේටර් කොළුවට මොනවා හරි ගේන්න කියලා කිව්වා..

“අපි ඉස්සර ජූනියර් බැච් එකට කරන වැඩ.දන්නැද්ද රැග්සීසන් එකට කොල්ලෝ කරන ඒවා..ඒ දවස්වල ජූනියර් එවුන් හරි බයයි.වැඩිපුරම කෙල්ලෝ.අපි උන්ට කියනවා මිනී කාමරයේ මිනී අටක් තියෙනවා.මේ ටොපි අට ගෙනිහිල්ලා කටවල් ඇරගෙන තියෙන මිනී අටට දාපල්ලා කියලා.
කොහොමත් මුන්ට මිනී කපන්න සිද්ධ වෙන හින්දා ඕවට බැහැයි කියන්න බෑනේ.ඒ හින්දා පණ බයේ ගැහි ගැහී මිනී කාමරය ඇතුළට යනවා.ඊට කලින් අපේ කොල්ලෝ මිනී අටකගේ කටවල් ඇරලා ට්‍රොලි වල තියලා තියෙනවා. මේ කෙල්ලොත් ගිහිල්ල පන බයේ ටක් ටක් ගාලා කටවල්වලට ටොපි දානවා.හැබැයි ඔතන නම වෙනියටත් මිනියක් තියෙනවා..හුඟක් දවස්වලට ඔතන ඉන්නේ මෙන්න මූ තමා..අපේ අසේලයා..නමවෙනි මිනියට ටොපියක් නැති හින්දා කෙල්ලෝ ආපහු හැරිලා දුවගෙන එන්න හදනකොට අසේලයා මරු සවුන්ඩ් එකකින්
ඇයි ..මට.. නැද්ද … කියලා අහනවා …
එහෙම අහල බය වෙච්ච එක කෙල්ලෙකුගේ තොයිලකට අපි අම්පාරෙත් ගියා..”

රාජරත්නම් හයියෙන් හිනාවුනේ බිටර් ලෙමන් විස්කි බෝතලේ ප්ලොප් ගාලා අරින ගමං…

“මේ පෝක් ප්‍රයිඩ් එක නං මරු”…

කියලා  තලම්මැහැර කෑල්ලක් කටේ දාගත්තේ විස්කි ශොට් එක චියර්ස් කරන ගමං..

“ඔය වගේ මළ මගුලක් මටත් ඉස්සර වෙලා තියෙනවා.ඒ දවස් වල මම පොලිසියට ආපු අලුත..
අපි රෑට පාරේ ඩියුටිවලට යනවා.ඔය එක එක රත වාහන නඩු ගන්න තැන් වලත් ඉන්නවා.ඔන්න රෑ නමය මාරට විතර
දවසක් , අහිංසක වයසක සීය කෙනෙක් , මෝටර් බයික් එකක් පැදගෙන එනකොට , අනේ අපරාදේ කියන්න බෑ .. අපි අත දැම්මා..
නවත්තල ඉතින් තිබ්බ පොඩි අඩුපාඩුවකට , ගැහුවා දඩ .

සීයත් ඉතින් මොනව උනත් ඉවසගෙන හිටිය , ඉඳල දඩ කොලේ අරන් යන්න හදනකොට මෙන්න මේ සීය මෙහෙම කියනවා,

“මම ප්‍රර්ථනා කරනවා , ලබන ආත්මේ ඔය මහත්තය මගේම පුතෙක් වෙලා උපදින්න කියල !!”

මට දැන් මාර පුදුමයි ඇයි මේ යකා එහෙම කිව්වෙ කියලා ..

“සීය ඇයි එහෙම කියන්නේ?”
කියලා මං ඇහුවා…

සීය කිව්වා.

“නෑ පුතේ එතකොට මට උබලගෙ අම්මට….## පුළුවන් නේ කියලා ..”

අපි තුන්දෙනා හකහක ගාලා  හිනා වෙන සද්දෙට වටේ පිටේ හිටපු කට්ටියත් බැලුවා.

කොයිතරම් බැරෑරුම් තත්ත්වයක හිටියත් මානසික රෝගී වෛද්‍යවරයෙක් වෙච්ච මට වඩා රාජරත්නම්ට පුළුවන් වුණා අපි හැමෝගෙම හිත් කැලබිලා තියෙන ගතිය අඩු කරන්න.

රාජා මටත් තියෙනවා විස්තර වගයක් කියන්න..මම  මාර ගේමක් ගහලා ප්‍රහාන්ව කොහොමහරි වෙන් කරගත්තා වෝඩ් එකෙන්. අපේ ඩොක්ටර් කෙනෙක් රිලීස් කරපු ක්වාර්ටස්  එකක් තිබුණා.මම අපේ ඩිරෙක්ටර්ට කියලා කොහොමහරි ඒක ටික දවසකට වෙන්කර ගත්ත.

“ආ..ඩොක්ටර් මරුනේ… ..ඉතින් ..”

“නෑ..රාජා මෙන්න මේකයි.ප්‍රහාන් ව අනික් ලෙඩ්ඩුත් එක්ක තියාගෙන මගේ treatments කිරිල්ල කරන්න බැහැ. මම ප්‍රහන් වෙනුවෙන් මේල් නර්ස් කෙනෙක්වත් ඉල්ලගත්ත.”

“හරි..මං දන්නව ඩොක්ටර් අතින් වරදක් සිද්ධ වෙන්නේ නෑ කියලා..ඒ වගේම මං දන්නවා ඩොක්ටර් මේ සිද්ධියට හුඟක් ඉන්ටරෙස්ට් කියලා. “

“ඒක නෙමේ රාජ..දැන් අපේ මේ තලා මේ විස්තර දන්නවද..”

“ඕ..සොරි සොරි ඩොක්ටර් .. මට අපේ තලම්මැහැර සර්ව අඳුන්වලා දෙන්න බැරුව ගියානේ..
ඩොක්ටර් දන්නවා ද.. මේ තමයි අපේ ජනාධිපති රත්නාලෝක සර්ගේ පෞද්ගලික සෞඛ්‍ය උපදේශක.ඒ වගේම පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂක…”

“අම්මටසිරි .. මරුනෙ..තලා.. මයි කන්ග්‍රැජුලේශන්.මම දන්නෙ නෑ උඹ එච්චර ඉහල පෝස්ට් එකක් කියලා..”

මම එහෙම කිව්වහම තලම්මැහැර  හයියෙන් හිනාඋනා .

“දැන් ඒ පෝස්ට් එක ගින්දර වළල්ලක් වෙලා තියෙන්නේ..”

“අප්පා ඒ මොකද ඒ..”

“මේකයි ඩොක්ටර් සිද්ධිය.මං ඩොක්ටට උදේ කිව්වේ හවස හම්බුනාම කතා කරමු කියලා.මට කියන්න විස්තර ගොඩක් තියෙනවා.ඩොක්ටර්  දැක්ක නේද උදේ අර යෝග ව්‍යායාම කරන පින්තූර ටික.රත්නාලෝක කාරයාගේ.. ඔයිට කලිනුත් සඟරා වගේක මම ඔය රූප දැකලා තිබුණා.මට මාර සැකයක් ඔය ගැන ඇති උනේ.මං මුලින්ම හෙව්වේ රත්නාලෝකගේ යෝග ව්‍යායාමය උගන්වන ගුරුවරයා කවුද කියලා.කවුද මේ.. ජනාශ්‍රී කියලා හින්දු මනුස්සයෙක්.හැබැයි මිනිහා හොඳ ටැලන්ට්ටඩ්  පොරක්. මිනිහා භාවනා කරන එක වෙලාවකදී පුළුවන්ලු නහයෙන් විතරක් හිටගෙන ඉන්න.හැබැයි ෆොටෝ ගහන්න තහනම් හින්දා සාක්ෂි සහිතව නම් ඒක ඉදිරිපත් කරන්න විදිහක් නෑ..”

රාජරත්නම් කතා කරන දිහා බලාගෙන ඉන්න ඕනම කෙනෙකුට පුළුවන්. කිසිම කම්මැලිකමක් හිතෙන්නේ නෑ. මට හිතුණා මිනිහා දේශන කරන්නත් ගොඩක් හොඳයි කියලා.

“මම පහුගිය ටිකේම සෑහෙන්න වෙහෙස වුණා මේ ජනාශ්‍රී කියන මනුස්සයව හොයාගන්න.මිනිහා ඔය මුතුර් පැත්තේ ෆවුල් පොයින්ට් කියන මුහුදු සීමාවේ තියෙනවා හරි ලස්සන පාලු පැත්තක්. ඩොක්ටර්ට කියන්න යුද්දෙ කාලේ අපිත් ඔය හරියේ ඩියුටි කරලා තියෙනවා. ඔය හරියෙ මුහුද හරි ලස්සනයි.හරියට නිකන් මාලදිවයින් වල වගේ තමයි මුහුදෙ පාට. හරි ..කතාව මේකයි.ඔය මනුස්සයා භාවනා කරන්න  ඔය හරියට යනවා කියන ආරංචිය මට හම්බ වුණා. මං දැනගත්තා මට මේක මාස ගානකට කරන්න වෙන ඉන්වෙස්ටිගේශන් එකක් කියලා. ඒ වගේම මම මේකට පොලිසිය කවුරුවත් ගාව ගන්න කැමති වුණේ නැත්තේ මේ පරීක්ෂණය රහසිගතව වෙන තරමට හොඳයි කියලා මට හිතිච්ච හින්දා.මං ඒ හින්දම අපේ ඩිපාර්ට්මන්ට් එකට දැනුම් දුන්නා මට මාස තුනක නිවාඩු එකපාර ඕන කියලා.

“අම්මටසිරි ඉතින් … උන් දුන්නද..”

මට එකපාරටම එහෙම ඇහුනේ මගේ එක ඩිග්‍රි එකකට මට යන්න ඕන උනා එංගලන්තයට.ඒ උනාට මට අත්‍යාංශයෙන් මගේ නිවාඩුව හදාගන්න පුදුම කරදරයක් තමයි උනේ…

“අපෝ නෑ..සෑහෙන බර බරයක් දැම්මා. අන්තිමේදී මම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා මේ නිවාඩුව මට දෙන්න බැරි නම් මම සේවයෙන් ඉල්ලා  අස්වෙනවා කියලා.. ඔය ඉල්ලීම කරන්න මම අපේ දෙපාර්තමේන්තුවට ගිය වෙලාවක තමයි මට ඩොක්ට තලම්මැහැර වත් හම්බවුනේ . කොහොමහරි ඒගොල්ලෝ මගේ හිස්ට්‍රි රිපෝර්ට් බැලුවා..”

“මොනාද ඉතින් reports ටික බලපු ගමන් රාජා වැඩකාරයා කියලා උන් දැනගත්තා… “

කියලා තලා ඉතුරු දෙබස  සම්පූර්ණ කළේ පෝර්ක් ප්‍රයිඩ් එකේ තරමක තෙල් කෑල්ලක් කටට දාගන්න ගමං..

“ආයි ..මොනවද .. මං වගේ මිනිහෙකුට නොදෙන නිවාඩු උන් කාට දෙන්නද…”

කියලා රාජා හයියෙන් හිනා උනා …

ඉතින් මම ගියා ජනාශ්‍රීව හම්බවෙන්න. ෆවුල් පොයින්ට්  වල මගේ පරණ යාළුවො තාම වැඩ කරනවා.උන් තමයි ජනාශ්‍රීව හොයලා දුන්නේ පරණ කෝවිලක් අස්සේ ලැගගෙන ඉන්නකොට…

ලැගගෙන ඉන්න කොට…??? 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles