Tag: මලක් වී යළි පිපෙන්නම්

නුලාරා සුවපහසු අයුරින් ආලින්දයේ අසුනකට බර වූයේ සංකල්පනී එහා පසින් ඇමතුම විසන්ධි කලාට පසුවය. ඒ අතීත මතක සුන්දරය. යෙහෙළියකගේ නිවසේදී මුල් වරට චාරුක දුටුවාට...
චාරුක උදෑසනම සූදානම් වී කාර්යාලයට ගිය බව පැවසූයේ සෝමාය. අන් කවරදාකවත් නොදැනුණු අයුරේ මහා පාළුවකින්, තනිකමකින් නුලාරාගේ සිත පිරී තිබිණ. ‘කිරි දෙන්නයැයි’ පවසා කාමරයට...
සංකල්පනී උදෑසන අවදි වූයේ එක දිගට නාද වන ජංගම දුරකථනයේ හඬින්ය. ඇමතුම නුලාරාගෙන්ය. දිගු සුසුමක් හෙලා දුරකථනය නිහඬ කර දැමූ ඈ කොට්ටය ඇඳ ඉහත්තාවට...
ඒ සියලුම සේයා රූ ධනුක යුවතියක් සමග ගත් ඒවාය. සමහර සේයා රූ වල ඔහු උන්නේ ඇයව තුරුළු කරගෙනය. සමහර ඒවායේ ඒ උරහිස වටා දකුණත...
චාරුක දහවලේ රෝහලට ගියේ තේජන සමඟින්ය. ඒ අතරේම ඔහු නුලාරාව සවස කැඳවාගෙන එන බවට පැරකුම්ට පොරොන්දු විය.  “තාත්තට හදිසියේම මතක් වුනා දුව  ගෙදර ඇවිල්ලා ඉඳපු...
වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් පවත්වන්නට තීරණය කර තිබුණු ජාත්‍යන්තර සංගීත සහ නර්තන ප්‍රසංගය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සමඟ ගිවිසුම් ගතව, සජීවීව ලංකාව පුරා සිටින ප්‍රේක්ෂක හිතවතුන්ට...
රාත්‍රිය ගෙවී ගියේ ඒ නොසන්සුන් බවත් සමගින්ය. යළිත් රෝහලට යනවායැයි පැවසූ චාරුක නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේදීය. ඒ තේජනත් සමගින්ය. ඔහුගේ වාහනය පැමිණ ගේ උයනේ...
නිවසේ සිට රෝහලට පැමිණෙන විනාඩි පහළොවක තරම් දුර දෙදෙනාගෙන් එක් අයෙකුවත් එකඳු වදනක්වත් කතා නොකළ තරම්ය. රෝහල් රිය අංගනයේ නතර කළ වාහනයෙන් බැස වම්...
ධනුකගේ මුහුණෙහි වූ සතුට පිරි ඉරියව් එකක්වත් සංකල්පනී දුටුවේ නැත. ඇයට වූයේත් වෙනදාසේ ඔහුට මුහුණ දී කතා කරන්නට බැරි කමකි. සැබවින්ම ධනුක වූයේ ප්‍රීතියේ...
හරි හැටි තොරතුරක් නොදැන සිටියත් කාර්යාලයේ කුමක් හෝ සිදුව ඇති බව විශ්වාසය. චාරුක සේම තේජනත් උදෑසන කලබලයෙන් පිටව ගිය බව පැවසූයේ ධනුක සමග එක්ව...