Tag: මා හිස පිරිමැද

"තිසූ...ඇයි..." මා ඇස් ලොකු කොට ගෙන ද ඇස් පිය නො සලා ද බය බිරාන්තව ද බලා සිටියදී විදුර මවෙත ලං වෙමින් විමසී ය. "අම්..ම..අම්..ම.." මගේ මුවින් හරියට වචන පිට කර ගත නො හැකි වූයේ ය. මම අතැඟිල්ලකින් අම්මා ගිය දෙස පෙන්වීමි. විදුර යමක් අවබෝධ කොට ගන්නට ඇත. ඔහු මගේ ළඟට ම ඇවිත්...
ඔහුත් එක්ක ඇවිදින්න යන්න ඕනේ කියා මා ඇවිටිලි කරත්දී විදුර ඊට එකඟ වූයේ මන්දහාසයකිනි. බෝ කලක් වෙන් වෙන් ව සිටිනවාට වඩා ටික කලක් හෝ එක් ව හිඳින එක සැපතකැයි මම මුරණ්ඩු ලෙස කීවෙමි. කොහොමටත් අම්මා ගේ කාර්ය බහුලත්වය නිසා මට ඒ තරම් බියක් වූයේ නැත. ඇයට මා ගැන හොයන්නට...
ජීවිත වලට සතුටු කාල වගේ ම නරක කාල ද උදා වන්නේ ය. මේ මගේ ජීවිතය පසු කොට යමින් පැවතියා වූ නරක ම කාලයකි. එහෙව් භීම සමයෙක පපුවට තුරුලු කොට ගෙන හිස පිරිමදිමින් හිත සනහාලන මිනිසුන් විරල ය. විදුර වරදත්ත මා ඉදිරියේ එහෙම පිරිමියෙකු වෙමින් සිටියේ ය. එතෙක් වසර විසි...
තාත්තා ගැන කිසිදු ඉඟියක් හමු වූයේ නැත. කණිපින්දම් කියමින් වුව අම්මා ද ඇයට කළ හැකි සියල්ල කළා ය. දිවයිනේ සෑම පොලිස් ස්ථානයකට ම තාත්තා ගේ අතුරුදන් වීම ගැන දැනුවත් කොට තිබිණ. රූපවාහිනියේ ද පුවත්පත් වල ද දැන්වීම් පළ කෙරිණි. නමුත් අම්මා විදුර ගේ පුවත් පතෙහි දැන්වීමක් පළ නොකරන්නට වග...
මා අවදි වූයේ සිරුර ට දැනුණා වූ තද රස්නයක් නිසා ය. අසීරුවෙන් නෙතු විවර කොට බලත්දී, ජනේල වීදුරවෙන් රිංගා ගත් සූර්ය කිරණ කදම්බයක් මගේ අතක පැත්තක් සිප ගනිමින් තිබිණ. මම නැවතත් ඇස් පියවෙන්නට හැරියෙමි. දවල් වී ඇති බව සිත සිහිපත් කරවී ය. මඳ වෙලාවක් එසේ හිඳ මම නැවත ද...
හෂාන් සමග විවාහයෙන් නීත්‍යානුකූල ව වෙන් වීමට අක්කා තීරණය කළා ය. ඒ අනුව මුලින් ම මම මගේ නීති ගුරුවරියක වෙත ඇයව යොමු කොට අවශ්‍ය උපදෙස් හා නීති තත්වය පිළිබඳව දැනුවත්වීම් ලබා ගන්නට සැලැස්වීමි. අම්මා දැනුවත් කිරීමකින් තොර ව දික්කසාද නඩුව නීතීඥවරියට ලබා දීමට තරම් ඇය එඩිතර වූවා ය. විවාහයේ...
ත්‍රීරෝද රිය ගමන් කරමින් තිබියදී විදුර සිය නැගණියට, තව විනාඩි කිහිපයකින් ඔහු ගෙදර එන බවට පණිවිඩයක් තැබුවේ ය. ඒ අනුව ඔහු නතර කරන්නයි කී කළු පාට පිවිසුම් දොරටුව ඉදිරියේ රිය නතර වෙත්දී ම යුවතියක එයට මත්තෙන් ඉස්සී බැලුවා ය. විදුර දුටු ගමන් ඇය සිනහ වී ගෙන ගේට්ටුව විවර කළා...
සුළඟත් එක්ක ආනත වූ වැස්ස ඇවිත් ජනේල වීදුරු වල හඬ නගමින් හැපේ. ජනේලයෙන් පිටත පෙනෙනා පසුබිම ඝණ සුදු පැහැති ය. වැහි දිය කැරලි ඒ තරම් ඝනකමට විසිර යයි. වැහි හඬ දුක් ගීතයක් සේ අඩු වැඩි වෙමින් ගායනය වේ. සුළං හඬ දුක්බර සංගීතයක් සපයයි. මම ටික වෙලාවක් මේ මායාව තුළ...
"ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන රණවීර මහතා ඝාතනය වී තිබෙන්නේ නාඳුනන කුවක්කුකරුවෙකු ගේ වෙඩි ප්‍රහාරයකින්. එම ඝාතනය සිදු කළ අය සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙන බවට පොලිස් මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා" මම දෙසවන් ද දෑස් ද අයාගෙන රූපවාහිනී තිරය දෙස බලා සිටියෙමි. මාධ්‍යවේදී චන්දන රණවීර! ඔහු විදුර වරදත්ත වාගේ ම මෙරට දේශපාලනය...
ඒ ලිස්සා වැටීමත් එක්ක තාත්තා ට ආසන්න මතකයන් බොහොමයක් අහිමි වී ඇති බව අපට දැනෙන්නට වූයේ ටික ටික ය. අක්කාට හෂාන් සමග ගෙදර යන්නයි කී විට අපි එය ඒ තරම් බරපතල ලෙස නො ගත්තෙමු. නමුත් මා විදුර සමග ගිලන් කුටියෙන් පිට වූ පසු තාත්තා අක්කාගෙන් "ඒ ආවේ කවුදැ"යි අසා...