Tag: සඳ ගංතෙර
"මනුස්සයෙක් ආදරෙයි කිව්වම ඒ මනුස්සයව මඟ අරින අරුම පුදුම කෙල්ලෙක් දැක්කමයි."
ජම්බු ගසකින් බිමට පත බෑ කෙල්ලක මෙන් කාමරයටම කොටු වී සිටින දුලන්‍යා වෙත තාරකා පැමිණියේ එසේ කියාගෙන ය. දුලන්‍යා හැකි තරමට ලැජ්ජාශීලි සිනාවක් නඟා ගත්තා ය. ඔහු දුලන්‍යාගෙන් අහන්නේවත් නැතිව ඔවුන්ගේ කතාව අක්කාට කියා තිබේ. මේ තරහ වෙන්නටත් හොඳ...
"කිසිම කෙනෙකුට කිසිම දවසක ආදරේ බලෙන් ගන්න බෑ පුතා. තමන් ආදරේ කරන දේවල් තමන්ට නොලැබී තියෙන්නෙත් නෑ."
කමල් විජේවර්ධන කියයි. නමුත් ඔහු එසේ බලහත්කාරයෙන් ආදරය උදුරා ගත් මිනිසෙක් බව සිතන්නට සඳරැස් කැමති ය. ඔහු කළේ එවැන්නකි.
"ඔය ගෑනු දරුවා ආදරේට ඔයාටනම් සහස් බලෙන් උස්සන් ආවත් එයා සහස් ගාව ඉන්නේ නෑ. සහස්...
සමහර අවස්ථාවන් වලදී ජීවිතයට එන ගැටළු වළක්වා ගන්නට තදබල අවදානම් කටයුතු වල නිරතවන්නට සිදු වේ. සඳරැස් ඒ ආකාරයේ ගමනක් යන්නට සිතුවේ හදිසියේ ය. ඔහු නිවාඩු ගන්නේම නැති නිලධාරියෙකු හන්දා නිවාඩුවක් ලබා ගන්නට ගැටළුවක් වූයේ නැත.
"මං ගමනක් යනවා. සමහරවිට මේ ගමන ගිහින් මම පණ පිටින් එන ඉඩ අඩු නිසා මං...
සඳරැස් අවදි වූයේ පාන්දර ජාමයේ ය. කාමරයේ විදුලි බුබුළ පවා ඔහේ දැල්වී තිබේ. දුලන්‍යා මුළු රාත්‍රියම ගෙවා දැම්මේ දුරකථනය පවා අක්‍රීය කරගෙන ය. ඇය කතා කරන්නේ නැති වීමම ඔහුට වේදනාවකි. එහෙම ඉන්නට වූයේ මොකක්දැයි අසා ඇගේ කාමරයට යන්නට ආ ආවේගය ඔහු නවතා ගත්තේ අසීරුවෙනි. ඒ මහා රාත්‍රියේ කෙල්ලකගේ කාමරයට...
හොඳටෝම අත රිදෙන නිසා බත් කන්නට නොහැකි බව පවසා පීසා ගෙන්වා ගත් යුවතියට එකම එක පීසා කැබැල්ලක්වත් කන්නට හැකි වූයේ නැත. සුරංගනා කතාවල කුමරියන් හාද්දකට පසු දීර්ඝ නිද්‍රාවකින් අවදි වේ. එහෙත් දුලන්‍යා වහා යහනේ ගුලි වූවා ය. ඒ බලහත්කාරයෙන් ලැබුණු හාද්දක් නොවේ. ඇය ඇගේ ආදරය සෑහෙන කාලයක් තිස්සේ ඔහුට...
"මං දන්නේ නෑ අප්පා. මට තේරෙන්නේ නෑ."
මල්ලිගේ ළදරු පාසල් පිළිතුර තාරකාට ගෙනාවේ සිනාවකි. ඇය ඔහු දෙස බලා සිටියේ ආදරයෙනි. මල්ලි නොකියන ඕනෑම දෙයක් ඔහුගේ දෑස්වලින් ග්‍රහණය කරගන්නට ඇය දන්නී ය. මේ වතාවේදී ද ඔහුගේ දෑස් බොරු කියන්නේ නැත.
"අනේ තමුසෙ බබානෙ මල්ලි. මගෙ ඉහේ කෙස් ගාණට වඩා තමුසෙට කෙල්ලො හිටියා....
දුලන්‍යා ඔහුගේ දුරකථනය අතට ගත්තේ මන්දස්මිතයක් සහිතව ය. ඔහු මුරපදය පවා නොබියව පවසමින් ඇය අත දුරකථනය තබා තිබිණ.නමුත් මන්දහාසය මැකී ඇය තැති ගත් දෑසින් ඔහු දෙස බැලුවේ ඒ පසුතල ඡායාරූපය හන්දා ය.
එහි හිඳින්නී ඈ ය!
එය ඇගේ අනවසර ඡායාරූපයකි.
ඔහුගේ දුරකථනය අගුලු වැටී ඇති විට ඇය එහි මෝඩ සිනාවක් නඟමින් බලා...
දුලන්‍යා සිටියේ අපහසුවෙනි.ප්‍රබෝධ හෝ ලහිරු ආවානම් යන්නට දෙන්නේ රෑ කෑම ගැනීමෙන් ද අනතුරුව ය. ගේ දෙක කරමින් මොනවා හෝ කියවා සඳරැස් එනතුරුම ඔහුව රඳවා ගන්නට ද තිබිණ. නමුත් මේ සහස් ය. ප්‍රේමයක් බලාපොරොත්තු නොවෙන්නැයි කියද්දීම ඔහු මල් පොකුරක්ද උස්සාගෙන පැමිණ තිබේ. දුලන්‍යාට දැනෙන කේන්තිය සහ අපහසුව මෙතෙකැයි කියන්නට නොහැකි...
"චූටි මිස් මුණ ගැහෙන්න කැම්පස් එකේ යාළුවෙක් ඇවිල්ලා."
නිවසේ අත් උදව්කාරිය එසේ කියද්දී දුලන්‍යා සිටියේ නෙත්මි එවූ මඟ හැරුණු සටහන් කියවමිනි. ඇය අත් උදව්කාරිය දෙස බැලුවේ පුදුමයෙනි. සටහන් එවද්දී නැවත මුණ ගැසෙන්නට එන කතාවක් නෙත්මි පැවසුවේ නැත.කාමරයෙන් එළියට යන්නට සැරසෙද්දී හොඳම කතාව පැවසුවේ ද අත් උදව්කාරිය ය.
"පිරිමි ළමයෙක් ඇවිත් ඉන්නේ...
සමහර අවස්ථා නපුරු සිහිනයකට මිස අන් කිසිවෙකුට සමාන කරන්නට නොහැකි ය. දුලන්‍යා සිටියේ ගැහෙමිනි. විජේරාම හන්දියෙන් පාර පනින්නට ගොස් බස් රථයකට බිලි වූ විශ්ව විද්‍යාල සිසුවියක ගැන සටහන් තබා ආදායම වැඩි කර ගන්නා මොහොතක් ගොසිප් වෙබ් අඩවිවලින් ගිලිහී තිබිණ.
යන්තමට තුවාල වූ අත සමඟ දුලන්‍යා පාර කෙළවරකට වූවා ය. අද...