Tag: හසරැලි වැස්සේ
"අම්මෙක්ගෙ බඩෙන් නූපන් කාලකන්නි.."
හිංසකයාගේ කමිස කොලරයෙන් අල්ලා ගත් මැදි වියේ පුද්ගලයා කෝපයෙන් පවසයි.මම කඳුළු පිටි අත්ලෙන් පිස ගතිමි.තාත්තා හෝ අයියා මෙතැන හුන්නේ නම් යන ක්ෂණික හැඟීම මකා දැමූ ඒ කරුණාවන්ත පුද්ගලයා මා ඔහුගේ අසුනින් හිඳුවාලී ය.හිංසකයා වෙනුවෙන් කළ කී දෑ ගැනවත් විමසීමක් නොමැතිව මම හඬමින් අසුනට වී හුන්නෙමි.
කාරුණික මිනිසාට...
මා ඇවිලවූ ගින්නට දෙනෙත් හසු වන දිනය එන තෙක් මම මඟ බැලීමි.ඉන් මා දැවී යාම නියතයක් වුව ද මට එහි වගක් නොවී ය.ආදරය හන්දා කෙල්ලන් උමතු වන්නේ කෙසේදැයි මට අතීතයේ ද වැටහීමක් නොතිබිණ.මගේ පාසල් මිතුරියන් ආදරය නිසා සියලු වැඩ පාඩු කරගනිමින් ඉකි ගසද්දී මා ඔවුන්ගෙන් විමසූ ප්‍රශ්නයක් තිබිණ.
"ආදරේ ඔච්චරම...
"ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ පුතේ.."
මම්මා මට අනතුරු ඇඟවූවා ය.අම්මාට වඩා මා ගැන දන්නේ ද මගේ සිතුම් පැතුම් වටහා ගන්නේ ද මම්මා වීම නිසා මම මේ පය තබන්නේ අගාධයකට බව ඇය හොඳින් වටහා ගන්නට ඇත.ඇයට මා ගැන බිය දැනෙන්නේ මා ඇය සේ අප්රකාශිත ප්‍රේමයකින් විඳවීම නිසාම නොවේ.
"මේක මගේ කතාවට...
ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ.දෙනෙත් කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක මා ගිල්වා තබන්නට සමත් වේයැයි මම නොසිතුවෙමි.නමුත් එය එසේ වී අවසන් ය.කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එය ජීවිතාන්තය දක්වා රහස් හැඟීමක් ලෙස පවත්වා ගන්නට ද තිබිණ.නමුත් එය දැන් එසේ කරන්නට අසීරු වන්නේ දෙනෙත්...
මතක ලන්තෑරුම් අඳුර මැදහුස්ම නොතියා ඉන්න තිබුණාඅහම්බෙන්වත් මුරුගසන් වැහිනොදී ඈතට යන්න තිබුණා
හීන් හිරිපොද කඩා වැටෙද්දී මම ඉකිලමින් ගීතයක් ඇසූයෙමි.ඒ ඇසෙන හැම වචනයක් ම මගේ උමතු ඒකපාර්ශ්වික ප්‍රේමය වෙනුවෙනැයි මට සිතේ.දුරකථනය පුටුවක තබා බිම වාඩි වී ගී අසමින් හුන් මා එසේ හිඳින්නේ ඇයිදැයි අසන්නට අම්මා නොපැමිණියා ය.ඇය කාර්යබහුල ය.මම්මා ද...
"මම එහෙම කරන්න හිතුවේ ඔයාගේ විඳවිල්ල බලාගෙන ඉන්න බැරිකම නිසා..මෙහෙම කුණාටුවක් එයි කියලා මම කීයටවත් ම හිතුවේ නෑ.."
උවනි ඉතා වේදනාවෙන් පැවසුවේ ඒ මොහොතේ ම මා බලන්නට පැමිණි පසුව ය.දෙනෙත් මා හමු වන්නට යන බව පමණක්ම ඇයට පවසා තිබිණ.උවනි එතැන් සිට ආනන්දයකින් පසු වූ බව ඇය පැවසුවා ය.
"මම කියපු දේවල්...
"ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?"
අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන් බලා සිටියෙමි.ඔහුගේ දෑසේ කෝපයක් වූ අතර එය පිළිකුලකට සමීප බව මට සිතිණ.නමුත් මා කිසිවක් නොදන්නා බැවින් මම බියට පත් වූයෙමි.
"ඔයාගේ ලැජ්ජා භය නැති වුණේ කවදා...
"මොකක්ද කියන්නේ?"
ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි.
"දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?"
නිර්මාණි අක්කා අසන්නේ අරුම ස්වරයකිනි.ඇය මගේ අයියාට ආදරය කරනවානම් මට ද තරුණයෙකුට ආදරය කරන්නට අවසර නැතිදැයි මම එක්වරම සිතීමි.ඒ අනුව සිත දිරි ගතිමි.
"ඔව්.දෙනෙත් අයියා.එයා මගේ ක්‍රෂ් එක වෙලා...
"මට කියන්න දෙයක් තියනවා.."
මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය යවන සිතක් මට ඇත්තේ ද නැත.මම ලියූ දේ මකා දමා නැවත වෙනත් දෙයක් ලියූවෙමි.
"මට ආයේ සැරයක් විභාගේ ලියන්න වුණොත් ඒක අපේ අයියට තරහ යන දෙයක්...
"අයියා බොහොම තේරෙන සිංහලෙන් තමයි ඉතින් කියලා තියෙන්නෙ.."
මගේ විස්තරය සහිත කෙටි පණිවිඩය කියවූ යෙත්මි එසේ ලියා එවා තිබුණා ය.දෙනෙත් කියන්නේ අමුතු තරුණයෙකු බව කොහොමටත් පවසන ඇය අයියා සමග තදින් එකඟ වී එසේ පැවසීම මගේ දුක අලුත් කරන්නක් විය.
"අයියා සිංහලෙන් කියලා තියෙන්නේ දෙනෙත්ගෙන් ඈත් වෙලා ඉන්න කියල.ඔයා සචිර අයියත්තෙක්ක කතා...