හසරැලි වැස්සේ -25

“ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ පුතේ..”

මම්මා මට අනතුරු ඇඟවූවා ය.අම්මාට වඩා මා ගැන දන්නේ ද මගේ සිතුම් පැතුම් වටහා ගන්නේ ද මම්මා වීම නිසා මම මේ පය තබන්නේ අගාධයකට බව ඇය හොඳින් වටහා ගන්නට ඇත.ඇයට මා ගැන බිය දැනෙන්නේ මා ඇය සේ අප්‍රකාශිත ප්‍රේමයකින් විඳවීම නිසාම නොවේ.

“මේක මගේ කතාවට වඩා වෙනස්නෙ සූකිරි.එයා කවදාවත්ම මගේ ආදරේ ගැන දැන ගත්තේ නෑ.එයාට දැන ගන්න අවස්ථාවක් ආවෙත් නෑ..ඒ වුණාට පුතේ දෙනෙත් මේක දන්නවනෙ..”

මම්මාගේ හඬ ශෝකයෙන් පීඩිත ය මේ ඇගේ කතාවටත් වඩා දුක් දොම්නස පිරි එකක් බව ඇය සිතනවා විය යුතු ය.ඇය සිටියේ මා විඳින වේදනාව ගැන ශෝකයෙනි.අතීතය සහ වර්තමානය ගලපමින් ඈ ශෝක ගන්නට ඇත.

“පුතා ඕක දෙනෙත්ට කිව්ව එක වැරදි කියල මම කියන් නෑ.ඇත්තටම දේවල් හංගන්නේ නැති එක මොනතරම් හොඳද? ඒත් පුතේ ඒ වගේ නොගැළපෙන මිනිස්සුන්ට ආදරේ කරන්න ගියාම ඔහොම වෙනවා..ඇත්තටම එයාලා හිතන්නෙ වෙනස් විදියට.අපි වෙනස් නෑ..එයාලා තමයි වෙනස්..”

මම්මා මගේ හිත හැදුවා ය.

සචිර අයියා මා දකින්නට නිතරම එන්නට පටන් ගත්තේ ය.පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලැබීම නිසා ඒ නිතරම පැමිණීම සාර්ථක එකක් නොවිණ.නමුත් ඔහු සෑම විටම මට ඇමතුම් ද පණිවිඩ ද ලබා දුන්නේ ය.

“ජීවිතේ කියන්නේ අපිට ඕනම දේ නෙවෙයි සූකිරි..”

එසේ කීවා මිසක ඔහුට මා සමඟ දෙනෙත්ට බනින්නට උවමනා නොවී ය.ඔහු එවැනි පහත් සැලසුම් සලසන තරුණයෙකු නොවන බව යෙත්මි කීවේ මට සරදම් කරමිනි.

“මැණික් ගලේ පය හැපුණට කනා ඇහිදලා ගනීද කියලා අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ මෙහෙම ඒවා ගැන..”

ඇය කියන්නී ය.මම රැවුමක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූයෙමි.

“ඔයාගෙන් කවුරුහරි ගෑනු ළමයෙක් යාලු වෙන්න ඇහුවනම් ඔයා කැමති වෙනවද අයියේ?”

මම දිනක් සචිර අයියාගෙන් ඇසුවේ වේදනාව හදවතින් පහව නොයන හන්දා ය.මට එය ඉසිලිය හැකි මට්ටමක තිබුණේ නැත.නමුත් ඔහු ඒ ගැන කතා කිරීම සෑම මොහොතකම හිතාමතාම වළකන හන්දා මට හිතේ ඉතිරි වූ දෑ බොහෝ විය.

“ඔයාගෙන් අහන ඕනම පිරිමි ළමයෙකුට ඔයා කැමති වෙන එකක් නැහැ නේද?”

ඔහු මගෙන් එවැනි ප්‍රශ්නයක් නැගී ය.මම ඒ ගැන කල්පනා කළෙමි.එය සැබෑවකි.මගෙන් ආදරය විමසූ බොහෝ තරුණයන්ගේ යෝජනා මා ප්‍රතික්ෂේප කර දමා ඇත.ඒ මගේ හිත පුරා දෙනෙත් ජීවත් වීම නිසා වන්නට ද ඇත.නමුත් මම ප්‍රේමාරධානා ප්‍රතික්ෂේප කළ බව සැබෑවකි.

“නෑ..”.

ඔහු කිලෝමීටර සිය ගණනක් ඈතට වී හිනැහෙන හඬ මට දුරකථනය හරහා ඇසිණ

“මාත් එහෙම වෙයි.හැබැයි ඉතින් කොල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න තරම් තමුසෙ චාටර් ද කියල නම් මම අතින් ඇහෙන එකක් නෑ.මම එහෙම අහන්නෙත් නෑ.මං එයා ගැන හැඟීමක් නෑ කියලා සමාව ඉල්ලනවා.වෙන මොකුත් කරන් නෑ..”

ඔහු එසේ කියද්දී මට අසන්නට තවත් ප්‍රශ්නයක් තිබිණ.

“ඇයි සමාව ඉල්ලන්නේ?”

නැවතත් ඔහු හිනැහෙන හඬ ඇසිණ.ඒ සිනාව යෙත්මිගේ භාෂාවට අනුව කාන්දම් සිනාවකි.මට එය එසේ නොවේ.මගේ අයියාගේ වර්ගයේම කමකට නැති සිනාවකි.

“ඒ ළමයගෙ හැඟීම් මම වෙනුවෙන් වැය කරානෙ.ඊට පස්සෙ එයාට හිත හදා ගන්න කාලයක් යනවනෙ.ඒකට මමත් ඉතින් වැරදිකාරයෙක්නෙ..ඉතින් සමාව ගන්නවා..”

බැරෑරුම් හඬකට පසු නැවත අර කමකට නැති සිනාව මම අසා සිටියෙමි.ඔහු මෙතරම් සරලව ජීවිතය දෙස බලන්නේ ඔහුට සෑම දෙයක්ම අඩුපාඩු නැතිව ලැබෙන නිසා නොවේදැයි මට ඉන් අනතුරුව සිතිණ.

“ඒ වුණාට සූකිරියෝ අපෙන් කෙල්ලක් තියා ආච්චියෙක්වත් යාලු වෙන්න අහන් නෑ..”

ඔහු එසේ කියමින් හඬ නගා හිනැහෙයි.සචිර අයියා ද කෙල්ලන් බහුතරයක ක්‍රෂ් එකක් බව දැන සිටියද මම එය වචන නොකළෙමි.සැබෑවටම ඔහු එය නොදන්නවදැයි මම නොදනිමි.නමුත් මට අයියාගේ වචන සිහි විණ.

“සචිරට තියන දේවල්වලට ආදරේ කෙල්ලක් නෙවෙයි එයාට ඕන..එයාට ආදරේ කෙල්ලක්..”

එවැනි යුවතියක ඔහු වැනි යහපත් තරුණයෙකුට ලැබිය යුතුම ය.මගේ අයියා නිර්මාණි අක්කා සමඟ විඳින සතුට සහ සැනසීම ම ඔහුට ලැබිය යුතුම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content