Tag: හිමගිරි අරණ

හිමගිරි අරණ
රාත්‍රිය උදා වී තිබිණ.රවිඳු සිටියේ ඒ මේ අත සක්මන් කරමිනි.ප්‍රේමය අහිමි වී ගිය දවස්වල ඔහු වෙත නින්ද ළඟා වූයේ නැත.මේ ප්‍රේමයක් හිමි වේදැයි දෙගිඩියාවෙන් පසුවන දවස් ය.මේ මොහොතේදිවත්  ඔහුට නින්ද ළඟා නොවේ "නිදි මරන්න ඕන නම් ආදරේ කරනවා.ලැබුණත් නින්දක් නෑ නොලැබුනත් නින්දක් නෑ." එවැනි සිතිවිල්ලක් හදට එද්දී ඔහුට සිනාවක් නැඟිණ.පාරමී ඇති...
හිමගිරි අරණ
"ඔයා කියන්නේ රවිඳු ත් මාව යූස් කරනවා කියලද?" හිමාෂා එසේ ඇසුවේ වේදනාවෙනි.එසේ අසන්නට සිදුවීම පවා වේදනාවක් බව ඇය හොඳින් දනී.නමුත් ප්‍රේමය යන මාතෘකාව තුළ ගැහැනිය ඕනෑතරම් පාවිච්චි විය හැකි බවද ඇය නොදැන සිටියා නොවේ. "මම කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලා" අමායා සැහැල්ලු හඬකින් එසේ පැවසුවා ය.හිමාෂා නැගණිය දෙස බැලුවේ කුතුහලය සහ අර්ධ...
හිමගිරි අරණ
"පාරමී ඇයි අම්මට කතා කරල තියෙන්නෙ?මං අසනීපයෙන් කියන්නද?" අක්කා අසන ප්‍රශ්නයට අමායාට ඉපදුණේ උස් සිනාවකි.ඇය හඬ නගා සිනාසෙන අන්දම හිමාෂා බලා සිටියේ පුදුමයෙනි.පාරමි අම්මාට කියන්නට ඇත්තේ කුමක්දැයි සිතෙද්දී පවා ඇයට දැනෙන්නේ බියකි.ඒ බිය වසාගන්නට ඇසූ ප්‍රශ්නයට නංගිට මෙතරම් හිනාවෙන්නට හේතුවක් තිබිය නොහැකි ය. "පිස්සුද හලෝ? ඒ වගේ හොඳ යාළුවෙක් කියලා එයා...
හිමගිරි අරණ
හිමාෂා නිවසට ආවේ වෙහෙසින් පීඩිතව ය.මහන්සිය දරා ගන්නට නොහැකි තරම් හින්දා ඇගේ මුහුණ අඳුරු වී ගොස් තිබිණ.  ගතේ වෙහෙස දරා ගන්නට හැක.නමුත් ඒ ගතේ වෙහෙස ඇති වූයේ සිතේ වෙහෙස හින්දා ය.සහන් සහ පාරමී හිතට ඇති කළ තදබල පීඩනය ගැන සිතමින් ඈ නිවසට ගොඩ වැදුණා ය. මේ මොහොතේ නංගි නිවසේ නොමැත.දියණිය...
හිමගිරි අරණ
"ඔයාට අනිත්  හැමෝටම කරුණාව දෙන්න පුලුවන්. ඒ උනාට ඔයාට මාව තේරුම් ගන්න පොඩ්ඩක්වත් බෑ.හිමා එයාගෙ මොකක් හරි අවුලකට ජීවිතේ නැතිකර ගනී කියලා ඔයා බයෙන් ඉන්නවා.ඔයා හින්ද මම එහෙම කරොත් ඔයා මොකද කරන්නේ?" එය සුළුපටු කතාවක් නොවන වග රවිඳුට තේරුම් ගියේ ය.නමුත් ඔහු එය උපහාසයෙන් බැහැර කරන්නට තීරණය කළේ ය.පාරමීගේ ප්‍රවේශය...
හිමගිරි අරණ
"හොඳ යාලුවෙක් වුණාම එහෙම වෙන්න ඕන මම හිතාගෙන හිටියේ නම්.කෙනෙක් දුකින් ඉන්නවත් නොදැක්කා වගේ ඉඳලා ඒ මනුස්සයා හදිසියේ ජීවිතේට මොනවා හරි කරගත්තාම ෆේස්බුක් එකේ හෑලි වැඩක් නෑනේ.හොඳ යාළුවෙක් නම් කරන්න ඕනේ ප්‍රශ්නෙ මොකක්ද කියලා එයත් එක්ක කතා කරන එක.ඒක මං විශ්වාස කරන් දේ" රවිඳු කියවා ගෙන ගියේ කෝපයෙනි.ඔහු සැබෑවටම හිමාෂා...
හිමගිරි අරණ
ඒ මොහොතේ හිමාෂා කඳුළු නොපිසුවා නම් පාරමීට එතැනට පැමිණ විකාර කියවමින් හිඳීම පහසු කරන්නට තිබිණි.නමුත් හිමාෂාට රවිඳු ඉදිරියෙහි අඬන්නට සිදු වූයේ කුමක්දැයි ඈ කල්පනා කළා ය.  මේ කඳුළු ඈ වෙනුවෙන් වැටෙන ඒවා නොවේ! රවිඳු නැවත වතාවක් තමා ප්‍රතික්ෂේප කිරීම හන්දා හිමාෂාට අඬන්නට හේතුවක් නැති බව පාරමී සිතුවා ය.මින් පෙර දිනයකදී ද...
හිමගිරි අරණ
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා මවක දරුවාගෙන් වෙන් කිරීම ඉසිලිය නොහැකි වේදනාවකි.නීතිමය පදනම ඔස්සේ දිනාරාව වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ මොහොතේ හිමාෂා ඒවා නොසිතා අතිශය සංවේදීව හිඳින බව රවිඳුට වැටහේ.මේ මොහොතේ ඇයට ශක්තියක් වන්නට ඔහුට සිතුණේ එනිසා ය. "ඔයාට ඕනනම් ලෝයර් කෙනෙකුට කතා කරමු.උසාවියෙන් දරුවා ඔයාට...
හිමගිරි අරණ
අති සමීපතම බව හැඟෙන කෙනෙකු වේදනාවකින් සිටියදී එය තේරුම් ගැනීමට නොහැකි නම් එතැන බැඳීමක් නොවේ.හිමාෂාට ඇමතුමක් පැමිණි බවත් ඇය ඉන්පසු හිඳින්නේ මානසික වියවුලකින් බවත් රවිඳු දුරට වී උපකල්පනය කළේ ය.ඇය වෙත පැමිණ ඒ ඇයි දැයි විමසන්නට ඔහුට උවමනා වුවත් ඇයට මඳ වේලාවක් සන්සුන් වන්නට ඉඩ හරින්නට ඔහු තීරණය කළේ...
හිමගිරි අරණ
"මං හිතෙනවා මට දරුව ලැබුණොත් හොඳයි කියලා.." එක්තරා උදෑසනක සහන් හිමාෂාව ඇමතුවේ එවැනි අරුම ඉල්ලීමක් සමඟ ය.හිමාෂා ඒ කතාව අසා සිටියේ පුදුමයෙනි. කාර්යාලයට පැමිණ වැඩ දහසක් පටන් ගැනීමට සූදානම් වෙද්දී ම සහන්ගේ ඇමතුමට පිළිතුරු දීම ගැන ඇය ඇයටම දොස් නගා නගා ගන්නට වූවා ය.දියණියව හිටිහැටියේ ඔහුට පවරන්නේ කෙසේදැයි හිමාෂා අනතුරුව...