Tag: Emotional Stories

විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් " සේයා සදෙව්මි " අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට...
වසර 1746 මාර්තු දහවන දින දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස උපත ලද ඇයව දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කරන ලදී.ඇගේ උපන්ගම කොල්ලුපිටිය ලෙස ජනප්‍රවාද වල සඳහන් වෙනවා. ඉසබෙලා තම නිවසේ සිටම දෙමාපියන්ගෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මිලාගිරිය පාසලෙන් යම්...
සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. "අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න.." මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. "මට අම්මා එපා.." කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ...
මං හිටියේ බය වෙලා.මොනයම් හෝ මොහොතක මට ඒ ප්‍රශ්නය එන බව දැනගෙන තවම දවසක්වත් නැතත් ඒ ප්‍රශ්නය නෑවිත් ඉන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා. "රාධා.. ඔයාට කිරි මදි නේද? දුව අඬන්නේ ඒකයි.." මුලින්ම එහෙම හිතුණේ මගේ අක්කාට.මම වැටෙන්න නොදී පුංචි කාලේ පරිස්සමින් අල්ලාගෙන හිටිය,හැම පාඩම් වැඩකටම උදව් දුන්නු,මං කැමතිම ඇඳුම තෝරා...
"ඇවිත් මේ රෙදි ටික වනනවකෝ.." මගේ වැඩිමහල් සහෝදරිය එල්සා හිටියේ කෝපයෙන්. ඇගේ රතු වූ මුහුණ වගේම දෑසත් මට වේදනාව අමතක කළා. උණුසුම් තුවායක් යටි බඩට තද කරගෙන වේදනාත්මක කඳුළු වගුරවමින් හිටිය මම ඇය දිහා බැලුවේ අනුකම්පාව ඉල්ලන බැල්මකින්. "රඟපාන්න එපා.. ඔය මම නොදන්න වේදනාවක් නෙවෙයිනෙ" එල්සාගේ හඬ කෝපයෙන් උපහාසයට පෙරළුණා. කිසිවක් නොකියා...
"තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?" ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා. "තාත්තට යන්න හිතෙන්න ඇති.." මං ඊටපස්සේ හෙමින් කියනවා. "මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම්...
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. "බබෙක් නැද්ද" අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන්...
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද? "මට හරි මහන්සි අර්ජුන්.." මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින් "නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම...
ඒ සුපිරි වෙළඳ සංකීර්ණයක හවස් යාමයක්. අත්තම්මා කෙනෙක් තමන්ගේ පුංචි මුණුබුරා සහ මිණිබිරිය එක්ක අත්‍යවශ්‍ය බඩු මිලදී ගනිමින් ඉන්නවා. ඇත්තටම අත්‍යවශ්‍ය බඩු මිස වෙන කිසිම දෙයක් ගන්න අත්තම්මා ළඟ සල්ලි නෑ. සල්ලි කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕනෑ දෙයක් බව දරුවන්ට මතක් කරමින් ඇය භාණ්ඩ තෝරනවා. "අපි සීයට මොනවද ගන්නේ?" මිනිබිරියට හදිසියේ...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...