අම්මා කෙනෙක් වෙන්න නම් දරුවෙක් කුසින් වදන්නම ඕනෑ කියලා ඔබ හිතනවද?

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්.

වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා.

ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්!

ඔව්, මම බොහොම තනිකමින් පිරුණු ජීවිතයක් එයා එනතුරුම ගෙවන්න ගත්තා.

පුංචි රාජන් අපේ අසල්වැසි අපාට්මන්ට් එකට පදිංචියට ඒමත් එයා මාත් එක්ක ටික ටික යාළු වීමත්, ඉස්කෝලේ ඇරුණම එයාව ඩේ කෙයා එකේ නතර නොකර අපේ ගෙදර නවත්තන්න එයාගේ අම්මා තීරණය කිරීමත් දෛවය මට දුන්නු තෑගි.

මම හිතුවේ එහෙම.

මම දවසේ පැය ගාණකට එයාට අම්මා වුණා. රාජන් පාසල් වෑන් රථයෙන් අරගෙන එයාට වොෂ් දාන එක, රස රස කෑම හදලා කොහොමහරි එයාට කවන එක, හෝම් වර්ක් සේරම කරවන එක, එයා එක්ක හති වැටෙනකම් සෙල්ලම් කරන එක, මගේ උණුසුමේ නින්දට යන රාජන්ව තුරුළු කරගෙන ඉන්න එක මට සුවදායක අත්දැකීමක්.

පැය කිහිපයකට එයාගේ අම්මා වීම හරිම සනීපදායක සතුටු හිතෙන හැඟීමක්.

හැබැයි රාජන්ගේ අම්මාට මට ස්තූතියි කියන්න තරමටවත් ඉස්පාසුවක් තිබුණේ නෑ. හවසට ඇවිත් “පුතා අපි යං..” කියලා රාජන්ට අඬගහන එයා මට සමු නොදීම පිටව ගියා.

“මිනිස්සු එහෙමයි.ස්තූතියි කියන්න බැරි තරමටම කාර්යබහුලයි..”

මට ඒ විදියට හිත හදා ගන්න පුලුවන් වුණා.

මව්වරුන්ගේ දවස උදා වෙන්නේ ඒ අතර.ඒ මට තව එක දවසක්.මේ ජීවිතය තුළ කවදාවත්ම සමරන්න බැරි දවසක්.එහෙම හිතමින් මම රාජන් එනතුරු බලාගෙන හිටියා.

මල් පොකුරක් එක්ක හිනා කටකින් රාජන් මගේ තුරුලට ආවේ ඒ වෙලාවේ.

“Happy Mother’s Day!”

එයා එහෙම කියනකොට මම නාඬා ඉන්නේ මොකටද? දිගු ඇඟිලි තුඩුවලින් මගේ කඳුළු පිස දැමෙද්දී මට ඒ කවුද බලන්න සිහිපත් වුණා.

“රාජන්ගේ අම්මා..”

ඔව් ඒ ඇය. මව්වරුන්ගේ දිනයට සුබ පැතුම් සහිත කේක් ගෙඩියකුත් අරගෙන

“මට ඔයාට ස්තූතියි කියන්න වෙලාවක්වත් හොයා ගන්න නෑ.මං ගෙවන්නේ ඒ තරම් බිසී ලයිෆ් එකක්.රාජන්ට හොඳ අනාගතයක් හදන්න සල්ලි හොයද්දී මට එයාට ආදරේ දෙන්න මඟ ඇරෙනවා. ඒත් ඔයා එයාට අම්මා කෙනෙක් වෙලා ඉවරයි. ඉතිං අපි දෙන්නම රාජන්ගෙ අම්මලා..”

ඈ මාව උණුසුම් හැඟීමකින් වැලඳ ගන්නේ එහෙම කියමින්.

“මේ මදර්ස් ඩේ එක මට තරමටම ඔයාට අයිතියි..” රාජන්ගේ පුංචි අතින් දිගු වෙන කේක් කැබැල්ල ඉස්සරලම මට කවමින් ඇය ආයෙම කියනවා.

ඇය රාජන්ව කුසෙන් දරා ගත් මව. මම රාජන්ව හදවතින් දරා ගත් මව.

ඉතින් අපි දෙන්නම අම්මලා තමයි.

(මව්වරුන්ගේ දිනය වෙනුවෙන් නිකුත් වූ ඉන්දීය වෙළඳ දැන්වීමක් ඇසුරෙනි)

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...