Tag: Mini stories

ගෙවෙන හැම තත්පරයක් ගානෙම, අපි ඇහි පිය හෙලන ඇසිල්ලෙන් පවා, ලෝකෙ බොහෝ තැන් වල විවිධ  පීඩාවන්ට, දුක්ඛිත තත්වයන්ට, වේදනාවන්ට පත් වුන පුංචි දරු පැටවු ගැන ඔබ කතා අහල ඇති. එහෙම කතා නිසා හිත උණු වෙලා, ගත හිරි වැටිලා ගිහින් ඇති.  අතිශය සංවේදී බිඳ වැටීම් වලට මුහුණ දීලා ඇති. අද...

පිපෙන මල්

0
“ඒ ළමයිව ආස්‍රය කරන්න එපා කියල කොච්චර කිව්වත් මේ මෝඩ ළමය අහන්නෙම නෑනෙ” ඒ ඇහෙන්නෙ බලවර්ධන නෝනගේ කටහඬ. බලවර්ධන නෝන බලවත් නමට විතරක්ම නෙවෙයි. එඩ්වින් බලවර්ධන කියන්නෙ මාතර පැත්ත හොල්ලන් උන්න ව්‍යාපාරිකයෙක්. ඒ මනුස්සයගෙ නෝන මහත්තය විදියට බලවර්ධන නෝනටත්, සල්ලි ද, දේපලද, බලයද ඕන පදං තිබ්බා. බලවර්ධන පවුලට උන්නෙ එක ළමයයි....

දේදුන්න

0
“පාරමී පැනල ගිහින්ලු නේද?” උදේම මේ කිචි බිචිය ආවෙ ඉස්කෝලේ උසස්පෙල පංතියක කෙලවරකින්. කතාව උනේ සුධාරියි,මලීශායි, ගෝතමියි අතරෙ. පාරමී කියන්නෙ මේ තුන් කට්ටුව හතරක් කරපු තව එක යාලුවෙක්. හැබැයි යාලුවෙක් කිව්වට දැන් නම් ඒක එහෙම නෑ වගේ තමයි. “පැනල ගිහින් නෙවෙයි, එයා ඒ බෝයි එක්ක යන්න හදද්දි අම්මල අල්ලගෙන” සුධාරි එහෙම කිව්වෙ ඔච්චමට...
අමාලි පුතාගේ හැසිරීමේ වෙනස දවස් දෙක තුනක ඉඳන් බලාගෙන හිටියා. කසුන් එක්ක ඒ ගැන කතා කරාට, කසුන් ට එහෙම වෙනසක් පෙනුනේ නෑ කියලා කිව්ව එක ගැන අමාලි හිටියේ හිත හොඳ නැතුව. ඒත් පුතා වෙනදාට උදෙන් ඇහැරෙන එක , තනියෙන් ඇඟ සෝදගෙන ලෑස්ති වෙන එක, තනියෙන් කෑම කන එක, කෑම...
නිර්මලා ගෙදර ආව වෙලාවේ ඉඳන් මූණ එල්ලගෙන ඉන්න හැටි සනත් බලාගෙන හිටියේ. වෙනදාට ළමයි දෙන්නා එක්ක හරි හරියට දොඬමළු වෙන, ඒ අතරේ තමන් ඉන්න දිහාවටත් ඇවිල්ලා මොකක්ම හරි කියලා යන නිර්මලාගේ නිහඬ බව සනත්ට වෙනසක් විදියටම දැනුණා. පහුවෙනිදා ට  නියමිත ඇඳුම් ඇණවුම් ටික පාර්සල් කරලා ඉවර වෙනකනුත් නිර්මලා  කාමරේ...
" උඹ ඔය කසාදේ කර ගත්තොත් එහෙම උඹට දේපළවලින් මුකුත් හම්බ වෙන්නේ නෑ තරංග. අන්න ඒක මතක තියා ගනින් "  සෝමවීර ගෙදර දෙවනත් වෙන්න කෑ ගහලා පුටුවකින් වාඩි වුණා. මාලනී ත් හිටියේ ඊට නොදෙවෙනි කෝපයකින්. " එක එක්කෙනා මෙතන ඇවිල්ලා කියද්දී පුතා දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස...
ජීවනී මිස් හරි උජාරුවෙන් ඇඳගෙන එන සාරි ගන්නේ කොටුවෙන් කියලා ඉස්සෙල්ලාම ඔෆිස් එකේ කතාව පැතිරෙව්වේ සඳුනි. ජීවනී එන්න කලින් සඳුනි තමා ඔෆිස් එකේ හැඩකාරි. ලස්සන සාරි, අලුත් ඔරලෝසු, එක එක ජාතියේ සපත්තු,ලස්සන ලස්සන අත් බෑග් සඳුනි ට අඩු නැතිව තිබුණා. ඒවාගෙන් භාගෙට භාගයක් ලැබුණේ සඳුනිගේ නෑනා වැඩ කරපු කඩේකින්....
" මේ.. දන්නවද? අර ලිහිණි මේ පාර ඒගොල්ලෝන්ගේ මහත්තයාගේ ඔෆිස් එකේ මොකක්ද මන්දා පැජන්ට් එකකට ගිහින් පලවෙනියා වෙලාලු..." සුවිමාලි පැමිණීම සලකුණු කරන ගමන් එහෙම කියාගෙනයි මේසේ දිහාවට ඇවිදගෙන ආවේ. සුවිමාලිගේ මේසෙට එහා පැත්තෙන් හිටපු මන්දිරා නම් ඒක ඇහුනේ නැති ගානට ෆයිල් එකක් පෙරලගත්තා. ඒත් වටේ පිටේ හිටපු අනෙක් දෙතුන් දෙනාම...
පහනිගේ හොඳම යාලුවා තරණි.දෙන්නා මොන්ටිසෝරි ගියේ එකට. ඉස්කෝලේ ගියෙත් එකට. උසස්පෙල සමත් වෙලා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට ආවෙත් එකට. ඊට පස්සේ තේ මණ්ඩලයේ රැකියාවට වැටුනෙත් එකට. අවුරුදු විස්සක් විතරම දෙන්නා එකට ගෙවලා තිබුණා. ඒත් එකපාරටම ඒ යාලුකමට කණ කොකා  අඬන්න ගත්තේ දෙන්නාගේම හිත් එකම ආදරයක් ළඟ නැවතුණ දවසේ ඉඳන්....

දෙමව්පියෝ

0
“තාත්තෙ මම කියන්නෙ දැන් ඔයා ඔය අවුරුදු ගාණක් රට ඉඳිය ඇති. මල්ලියි මමයි දෙන්නම හොඳට හම්බ කරන නිසා ඔයා ගෙදර ඇවිල්ල ඉන්නකො දැන්. අවුරුදු කීයක් ඔයා පිටරට වැඩ කරාද? ගෙදර ඉඳියෙ කොච්චර පොඩි කාලයද?” සඳනි එහෙම කිව්වෙ සුපුරුදු විදියට හැමදාම රෑ නවයට තාත්තට ගන්න කෝල් එකේදි. සඳනිගෙ තාත්තා වැඩ කරේ...