Tag: Mini stories

" ගුඩ්මෝනින් ආන්ටි "  අවුරුදු හතරක් වයස මිනෝලි , රශ්මිගේ ඇඟේ එතුනේ හිනාවකින් මුණ පුරෝගෙනයි. ඒ හිනාවට රශ්මිගේ හිතත් පිරුනා. " ගුඩ්මෝනින් පැටියෝ "  රශ්මි මිනෝලිගේ අතින් අල්ලගෙන පෙර පාසලේ ඇයට අදාළ පන්ති කාමරයට ගියේ මිනෝලිගේ තොරතෝන්චියක් නැති කතා අහන ගමන්. කලින් දවසෙ හවස ඉඳලා උදේ වෙනකම් කරපු දේවල් ගැන රශ්මිට කියන්න...
සහනිව බලන්න මනමාලයෝ කිහිප දෙනෙක්ම ඇවිල්ලා ගියා. ඒත් ඒ එක සම්බන්ධතාවයක් වත් සතියක දෙකක කෙටි කත බහකට වඩා ඇදුණේ නැහැ. ඇත්තටම සහනි ට ඒ කිසිම කෙනෙක් එක්ක විවාහයක් ගැන අදහසක් ඇති නොවුණ තරම්. අනෙක් පාර්ශවයත් සහනිව වැඩි උනන්දුවෙන් ආශ්‍රය කරන්න උත්සාහ නොකර නිසා ඒ සම්බන්ධතා දිග ඇදුනේම් නැහැ  සතිපතා සතිඅන්ත...
විමලාවතී හන්දියේ කඩේ ළඟට ගිහින් ආවට හිතේ නිදහසක් නැති බව දැණුනා. අවුරුදු ගානක් කඩේ ළඟ හිටපු බැල්ලිට පැටවු ලැබෙන්න හිටියේ. මහා වැස්ස. ඒ මදිවට මෝටර් සයිකල් කාරයෝ පියාඹනවා. මේ වැස්ස නිසා වැඩි වෙලා නොගිහින් කඩේ වහලා  අනුලා නෝනෙත් ගෙදර යන බව විමලාවතී දන්නවා.  "මේ... ඔහේට ඇහැකිය මාත් එක්ක හන්දියට ගිහින්...
මලිති විවාහයෙන් වෙන් වීම තීරණය කලේ සංකල්පගේ බේබදු ජීවිතය ඉවසා ගන්න බැරිම තැන. සංකල්ප  කැම්පස් යන  කාලේ  සංකල්පගේ බේබදු ජීවිතේ දිහා ආදරෙන් බැලුවට එකට ජීවත් වෙන්න ගත්තාම ඒක පහසු නැති බව මලිති ඉක්මනින් තේරුම් ගත්තා. ඒත් අවුරුදු හයක් ආදරේ කරපු පිරිමියාව එක පාරම ලෙහලා දාගන්න හය්යක් මලිතිට තිබුණේ නැහැ....
“ ඔයාට ලැජ්ජ නැද්ද ඒලෙවල් වලට ආට්ස් කරන්න ” අම්මා එහෙම කෑ ගහද්දි අපේක්ෂාට දැනුනෙ ඔලුව බිත්තියෙ ගහ ගෙන ගහ ගෙන යන්න තිබුණනම් හොඳයි කියලා. කොහොමද මේ කෑගැහිල්ල දරාගන්නෙ? මොන කරුමයක්ද මේ? ඇයි මං මැරිලවත් යන්නෙ නැත්තෙ කියල හිතෙද්දි අපේක්ෂාගෙ ඇස්වලින් වැටිච්ච කඳුලු කොට්ටෙට වැටිල නැතිවෙල ගියා. අම්මා මේ කෑගහන්න ගත්තෙ ඉස්සරහ...
මසින්ත ඔහුගේ පැරණි පෙම්වතිය හමුවූ බව මම දැනගත්තේ ඇය වට්සැප් දැමූ සටහනකිනි. ඉන් පසුව දමා තිබූ පින්තූරයකිනි.  ඇය මගේ  වට්සැප් ගිණුමේ උන්නේ නැත. චාරුණි උන්නාය. ස්ක්‍රීන්ශොට් දෙක එවන්නට පෙර චාරුණී මට නොසෑහෙන්න උපදෙස් දුන්නාය. ඒ හැම එකකම කීවේ " මිනිස්සු බලෙන් නවත්තගන්න අපිට බෑ.. යන්න ඕනි උන්ට යන්න දෙන්න"...
සාරණ්‍යා අනන්ත එක්ක යාලු වුණේ අනන්ත විවාහක බව දැනගෙනමයි. අනන්තගේ කඩවසම් පෙනුම, වත් පොහොසත්කම් ඉස්සරහ සාරණ්‍යා අන්ධ වෙලා වගේ හිටියේ. ඒ හැටි දැනුම් තේරුම් නැති අම්මට අනන්ත ගැන මහ බොරු ගොඩක් කියලා අම්මාව අනන්තට කැමති කරගන්නත් සාරණ්‍යාට වැඩි කාලයක් ගියේ නැහැ.  අනන්ත සාරණ්‍යාට කිට්ටු වුණේ සඳුනි එක්ක ජීවිතේ නීරස වෙලා...

හොඳම ඉස්කෝලේ

0
“ඔයා ගියපු ඉස්කෝලෙ වගේ නෙවෙයි අපේ ඉස්කෝලේ ඉතින් මාර ප්‍රසිද්ධයිනේ. පැත්තෙ ඉන්න හොඳම ළමයිනෙ අපෙ ඉස්කෝලෙට යන්නේ” තිසරිගෙ කටේ ඉතින් හැම තිස්සෙම තිබුනෙ ඔය සවුදමම තමයි. කාව්‍යා එහෙම හිතන ගමන් උපුලි දිහා බැලුවෙ මූණ ඇඹුල් කරගෙන. මේ හැමෝම වැඩ කරේ එකම ඔෆිස් එකේ. තිසරිට වඩා කාව්‍යයි, උපුලි දෙන්නම අවුරුදු දෙක තුනකින් බාල වුනාට...
ඉස්කෝලේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ලොකූ උත්සවයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳලාම හර්ෂනී හිටියේ මවාගත්ත උඩඟුකමකින්. ප්‍රාදේශීය ලේකම් විදියට අනිවාර්යයෙන් ප්‍රධාන උත්සවයට සහභාගි වෙන්න ආරාධනා ලැබෙන බව හර්ෂණී දැනගෙන හිටියා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විදියට නඳුන් ටත් අනිවාර්යයෙන් ආරාධනා ලැබෙන බව මතක් වෙනකොට හර්ෂණීගේ පපුව ආඩම්බරෙන් පිම්බෙනවා.  "උත්තරා ට කියලා දෝණිව අනවුන්සින්...
තාරකා උන්නෙ පිච්චි පිච්චි. ඒ වේදනාවේ ගිනි දැල් පත්තුවුනේ හිත ඇතුලෙම විතරක් වුණාට තාරකාට පෙනුනෙ තමන්වයි, දරු පැටව් දෙන්නවයි, මුලු ගෙදරයි ඒ ගින්නෙ පිච්චෙනවා වගේ. මොන්ටිසෝරි යන කවිත පුතා බත් කන ගමන් බත් ඇට මුලු මේසෙ පුරාම ඉහිරවල. උදේ ඉඳන් නැහුනට මොකෝ තාරකාට තාම හරියට මූණක් කටක් හෝදගන්නවත්, හරියකට බඩට දෙයක් දාගන්නවත්...