Tag: stories

චාපා, අපි ඇයට චාපා යැයි කියමු. චාපා බටහිර පන්නයට හැඩ ගැසුණු පවුලක එකම දියණිය. චාපාගේ අධ්‍යාපනය උසස් පෙළ පන්තියට පස්සේ නැවතුණා. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය හදාරපි චාපාට ඊළඟට ඕනි වුනේ රැකියාවක් කරන්න. අම්මලාගෙන් ලැබෙන පොකට්මනි වලින් ආස කරන දේවල් වලට ලඟා වෙන්න බැරි බව අවුරුදු දාසය දාහත කාලේ ඉඳන්ම චාපට වැටහුණා. ඒත්...
විහංගාගේ ජීවිතේ අපායක් වෙන්න පටන් ගත්තේ සංජය නිසා. විහංගාගේ ජීවිතේ විතරක් නෙවෙයි විහංගාගේ නංගිගේ ජීවිතෙත් සංජයගේ බිල්ලක් වුණා. අන්තිමේදී විහංගාට සදාකාලික පසුතැවීමක් විතරක් ඉතුරු වුණා.  විහංගාට සංජයව මුණ ගැහුණේ කොළඹ පොත් ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවක. විහංගා ගේ ජංගම දුරකථනය ප්‍රදර්ශන භූමියේ කොහේ හරි තැනක වැටිලා තිබුණා. එවෙලේ ළඟ තිබුණ නංගිගේ...
කසුන්ගෙන් ලැබුණ තුන්වෙනි ඇමතුමද මඟහැරුණ  ඇමතුමක්  ලෙස සටහන් විය. මම අතෙහි තිබූ ජංගම දුරකථනය දෙස ඔහේ බලා උන්නෙමි. හතරවෙනි ඇමතුමද එන්නේය. "හෙලෝ ..." "අමායා ... ඔයා කොහේද ?" "ගෙදර ..." "කෝල් එකක්වත් නෑ ඊයේ ඉඳන්... මැසේජ් එකක්වත් නෑ... මොකද වුණේ ..." "මුකුත් නෑ..." "මොකද ඔයා අසනීපෙන්ද ? රේඩියෝ එක වහලා දාලද ?" ඔහු එවර සිනාසෙමින් විමසන්නේය....
" අනුෂ්ක , කෑම හදලා තියෙන්නේ බෙදාගෙන යන්න හොඳේ. මට පරක්කු වෙනවා මම යනවා "  විද්‍යා එහෙම කියලා මේසය උඩ තිබුණ අත් බෑගය අරගෙන කඩිමුඩියේ ගෙදරින් පිට වුණේ අනුෂ්ක රැකියාවට යන්න ලෑස්ති වෙමින් ඉන්නකොට.  ඒ වෙලාවේ අනුෂ්කට මතක් උනේ විවාහ වුණ මුල් කාලයේ අනුෂ්ක ආසම කෑම වලින් පුරවපු කෑම පෙට්ටියයි ,...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා. උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට...
මල්කාන්ති ගේ සැමියා   වුණ සෝමදාස හදිසියේම නැති වෙලා තිබුණේ ඇලේ ගිලිලා. මුලු ගමේම සෝමදාස තරම් පිහුණුම් ශූරයෙක් උන්නේ නැති හින්දා මේ මරණය ගැන ගමේ තැන් තැන් වල කසු කුසු කතා නොතිබුණාම නෙවෙයි. ඒත් ඒ ගැන එළිපිට කතා කරන්න කිසිම කෙනෙකුට උනන්දුවක් තිබුණේ නෑ.  කසු කුසු කතා අස්සේම ඒ ඕපාදූප...
හුරු පුරුදු තැනකදි දැනෙන නුහුරු හැඟීම කෙතරම් වේදනාත්මකදැයි දැනෙන්නට එවන් මොහොතකට මුහුන දිය යුතුමය. මහිල් සමඟ වසර පහකටත් වැඩියෙන් ජීවිතය බෙදා ගත් නිවස්න තුළ මට දැන් දැනෙන්නේ මූසල පාලුවක් සහ නුහුරු බවක් පමණි. අප දෙදෙනා නිවසේ සිටින දවල් වරුවක වැතිර උන් සෙටිය මත බියර් කෑන් දෙකක් ඉහිරී ගොස් තිබුණි....
සංගීතා ගේ හිත පුදුම තරමේ කලබලයක තිබුණේ. ලොකු පුතාගේ හොඳම මිතුරා කියලා විස්තර කිය කිය හිටපු දරුවා තමන්ගේ කාර්‍යාලයේ සුලු සේවිකාවක වුණ ලතාගේ  දරුවෙක් කියලා දැනගත්තේ අද. ඒ  පාසැල් සංවර්ධන සමිතියට ගියපු වෙලාවේ. ලොකු පුතා එයාගේ මිතුරාවයි, මිතුරාගේ ගෙදර අයවයි හඳුන්වලා දෙනකොට සංගීතා හිතේ ඇති වුණ තිගැස්ම හංගගන්න පුදුම...
“මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ.” වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල  ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක තිරය අපේ පැත්තටත් හරවන ගමන්. “බ්ලීචින් ලොරියක් ඇති.අනේ ඕවා යූස් කරන්න එපා.” තිසරි තමන්ට පුරුදු හංස ගමනින් හිමාලි දිහාට ඇවිදගෙන ආවා.ඇත් දළ පාට හම, ලස්සන කොණ්ඩේ එක්ක...
මොණරවිල හොටෙල්ස් හී ඉදිරිපස තොරණ සකසා තිබුණේ ඩැපොග් දමන ලද වී පඳුරු යොදාගෙනය. එක් පසෙක මොණරවිල යුවලද,අනෙක් පස ශයිනි මොණරවිල මෙනෙවියද සිනාසෙමින් සිටිනා පින්තූර දෙකක් සවි කර තිබුණි.  කොළ පැහැ තොරණේ කහ පැහැති වල් සූරියකාන්තා මල් පොකුරු වලින් අපූරු සැරැසිල්ලක් මවා තිබුණි. සති දෙකක පටන් හෝටල කාර්‍යමණ්ඩලයම වෙහෙසුණේ මේ වෙනුවෙනි. ශයිනි...