Tag: ආකාස මෝස්තර
මහා කාලි කෝවිල ආශ්රිත තිරුවිලා මංගල්ලය ලොන්ඩරිවත්තට සුවිශේෂ උත්සව සමයකි. සති දෙකක පමණ කාලයක් තිස්සේ විවිධාකාර පූජා විධි රැසක් සමග පැවැත්වෙන මේ මහා මංගල්ලය ඇරඹෙන්නේ කොඩි ගස එසවීමෙනි. උත්සව සමය පුරා උදේ හා සවස් කාලයෙහි විශේෂ අලංකාර පූජා උත්සව සිදු කෙරේ. ඊට අමතරව කාලි මෑණියන් වෙනුවෙන් සිදු කෙරෙනා කිරි...
"දෝණියන්දැ"
ඒ වචනය සිසිර ඇල්ලගේ ගේ මනසෙහි දෝංකාර දෙයි. යළි යළිත් යළි යළිත් එය ම ඇසෙයි. තේ බන්දේසිය ගෙනැවිත් පහත් වී ඔහු ට තේ එක පෑ යුවතියට ඒ වෙලාවේ සිසිර බයාදු සිනහවක් දුන්නේ ය. නමුත් ඇය සිනාසුණේ නැත. සිනාසෙන්නට ඇයට අමතක වී තිබිණ. ඈ තුළ පිරී තිබුණේ කඳුළු පොකුණකි.
"දොස්තර නෝන...
ජීවිත වලට අමතක නොවෙන මොහොතවල් උදා වේ. එබඳු මොහොතවල් වැඩි වෙන තරමට ජීවිතයක් සොඳුරු ඉසව්වක් වේ. එවන් තැනෙක ජීවන ලාලසාව දැල්වේ.
පාරුල් ට මේ එහෙව් රාත්රියකි. ඒ රාත්රිය එහෙම ම නතර වී තිබෙනවා නම් වැනි ලෝභී හැඟීමක් ඈ තුළ නො වූවා නොවේ. අනිත් අතට ගැස්මක් ද හිත යටින් නැගී සිටියේ...
සුරත් විජයවීර රියෙන් බැස්සේ පාරුල් විනිවිද බලමිනි. ඔහු ගේ දෑස් තරමක් ලොකු වී තිබුණේ ඇය කවුරුන් ද මෙහි කුමක් කරනවා දැයි නිශ්චිත වශයෙන් දැනගන්නට මෙනි. ඔහු ගේ බැල්මට ක්ෂණික සිනහවක් පෙරලා පුද කරමින් පාරුල් ඉක්මනින් බිම බලාගත්තා ය. කෙසේ වතුදු ඒ බැල්මෙහි අතරමගක දී සුරත් ට ඇය හමු විය....
එක ම ඍතුවක් සදාකාලිකව ජීවිතයක් මත නතර වී තිබෙන්නේ නැත. කටුක වූ දීර්ඝ ඉඩෝර වලින් පසුව ද අනෝරා වැහි වහින්නේ ය. හේමන්ත නිද්රාවන්ගෙන් පස්සේ ද වසන්තය කුර ගගා එන්නේ ය. මුළු ළමා විය පුරාවට සිය ජීවිතය හරහා හමා ගිය දුෂ්කර වූ කුණාට සමය හෙමින් පහව යන්නට පටන් ගෙන ඇති...
පොත් ටික වසා තබා විත් පාරුල් යහනේ මැදින් වැතිරගත්තා ය. ජුලී ආත්තම්මා ගොරවමින් නිදයි. ඈ දෙස මඳ වෙලාවක් හිස හරවා බලා සිටි යුවතිය නෙතු පියා ගත්තා ය.
"චන්දුල කප් එක ගනී කියල මට හිතෙනව"
මීට මඳ වෙලාවකට පෙර ගඟුල් ලියා එව්වේ ය. මේ රාත්රියේ චන්දුල ගේ ගායනය වඩාත් තීව්ර වී තිබි...
චන්දුල ඇල්ලගේ ලස්සනට හැඳ පැළඳ, බිත්තියේ ගැසූ කැඩපතින් කිහිප විටක් හැඩරුව බැලුවේ ය. විලවුන් ගැල්වූයේ ය. කමිස අත් සමාන දිගින් නවා ඇත්දැයි දෑත් එකට තබා බැලුවේ ය. කමිසයේ රැලි හැදුවේ ය. නමුත් ඔහු ට කුමක් හෝ අඩුවක් දැනෙයි.
"හැඩයි හැඩයි. ඔච්චරම බලල කණ්ණාඩිය මහන්සි කරන්න ඕන්නෑ ඉතිං. අපි දන්නවනෙ. කෙල්ලො...
කාලය ගෙවී ගියේ වේගයෙනි. දිනකට පැය විසි හතරක් ප්රමාණවත් නැති ය කියා සිතෙන තරම් වේගයෙනි. චන්දුල තරග වැදුණු සියලු වට වලදී විනිශ්චය මණ්ඩලය විසින් ඔහුව ඉදිරි වටය සඳහා නිර්දේශ කරනු ලැබිණ. එන්න එන්න ම තරගකාරීත්වය වැඩි විය. චන්දුල වැඩි වැඩියෙන් පුහුණුවීම් කළේ ය. ඔහු තරග වැදෙනා වටයක් රූපවාහිනියේ විකාශය...
රිදී ට පෙර චන්දුල වේගවත් අඩි තබා ගෙදර ගියේ ය. ඔහු වෙව්ලමින් සිටියේ ය. එ් කෝපය දත් ඇඳි පවා එකිනක හප්පන්නට තරම් හේතු වූයේ ය. ඔහු ගෙතුළ ඒ මේ අත දෙතුන් වරක් ඉක්මන් ගමන් ගියේ ය. ඇස් වලින් කේන්තිය විදිමින් තිබිණ. ගෙයි මැද කෑල්ලේ ඇඳේ වැතිර සිටි ජුලී නැගිටිමින්...
ඒ රාත්රිය, සිහිනයක කෙළවරක තිබූ මනරම් වර්ණ අහුරකි. චන්දුල ගේ ගීතය නිමා වීමෙන් පස්සේ ගඟුල් එය නැවත ද මුලට ගෙන පිරිසට බලන්නට සලස්වා දුන්නේ ය. ඊට පස්සේ ඔවුන්ට එය යළි යළිත් නැරඹීමට අවැසි විය. වෙනත් ගීතයක් බලන්නට උවමනාවක් වූයේ ම නැත. උමා හා පාරුල් තේ සූදානම් කොට පිළිගැන්වූහ.
"හරි හරි...