අරුම පුදුම දුවන රැවුලක් ගැන කතාවක් අහන්න වාඩි වෙන්න

රන් අවේ  බියඩ්, දුවන රැවුල  කියල නම්කරල තියෙන මේ කතාව හරිම  ලස්සන එකක්,  දක්ෂ  චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක්  වන සිබිල් වෙත්තසිංහ තමා  මෙහි  නිර්මාණ ශිල්පිණිය. දෙමාපියන්ටත්  දරුවන්ටත්  එක ලෙස  රස විඳිය හැකි  කතාවක් ,කතාවට  ගැලපෙන  අර්ථවත්  සහ නිර්මාණශීලි  බැවින් යුතු  චිත්‍ර  මේ  කතාව තවත්  අලංකාර  කරනවා ,සමහරවිට  මේ පොත  දැනටමත්  ඔයා ළඟ තියෙන්නත්  පුළුවන් .සිංහල ඉංග්‍රීසි  භාෂා  දෙකෙන්ම  මේ පොත  ගන්න පුළුවන්. අපි  දැන් කතාව අහමු නේද ?

ඔන්න ඉස්සරකාලේ  මිනිස්සු දිගට රැවුල වැවුවා. එයාල  කැමැත්තට නෙමේ මේක කලේ, ඒ කාලේ  රැවුල් කපන  උපකරණ  තිබුණේ නැහැ, ඒ නිසා  එයාලට රැවුල කපන්න වුනේ ලීයක්  උඩ තියලා  මන්න පිහියකින්.

මේ ගමේ හිටියා නුවණක්කාර  වයසක සීයා කෙනෙක්. එයාගේ  නම බබුන්. මේ  විදියට රැවුල කපන්න වීම ගැන එයා හිටියේ සතුටින් නෙමේ. එයා  ඒ  වැඩේ කරගන්න වඩාත් හොඳ විදියක් කල්පනා කළා. එයා පුංචි මී පැටියෙක්  හොයා ගත්තා. මී  පැටියට බතුයි  මාලුයි පොලුයි කන්න දුන්නා. ඉතින්  මී පැටියා  ඒ වෙනුවට බබුන්  ආතාගේ රැවුල කැපුවා. ඒත් එක දවසක් පුංචි  මී පැටියට බබුන් ආතාගේ  රැවුල කපන්න අමාරු වුණා. එයාගේ   දත්  මොට වෙලා. එයාට  දත්  මුවහත්  කරගෙන  එන්න කියල ආතා  කිවුවා, මී  පැටියට ගෙයින්  එලියට බහින්නවත්  ලැබුනේ නැහැ, මෙන්න රැවුල වැවෙන්න  පටන් ගත්තා. රැවුලෙන්  මුළු ගේම පිරුණා. ඊට  පස්සේ රැවුල  නට නටා දිගට වැවුනා, ගස් වල එතුණා. එළවලු  පලතුරු  වෙළෙන්දෝ, ළමයි, මේ හැමෝම  වටේ රැවුල එතුණා. පුංචි  රතු  මැණිකා ජිවත්  වුනේ ගම කෙලවර ගෙදරක, එයා  දර  අහුලමින් ඉන්නකොට  දැක්ක අමුතු  දෙයක්  කරකැවී කරකැවී එයා දෙසට එනවා. මිනිසුන්ව එක විසින් ඔතා ගන්නවත් එයා දැක්ක. රතු  මැණිකා  ගෙදරට  දුවන්න පටන් ගත්තා. රැවුලත්  ඇය  පස්සේ පැන්නුවා. රතු මැණිකා ඉක්මනට  දුවලා ගිහින්  රැවුල  ලිපට  දැම්මා. රැවුල ගිනිගන්න පටන් ගත්තා. රැවුලේ එතුණු හැමෝම  නිදහස් වුණා. ළමයි  සතුටෙන්  නටන්න පටන් ගත්තා.

බබුන්  ආතටයි  මී  පැටියටයිත් හරිම සතුටුයි. ආයෙමත්  රැවුල කපන්න  කරදර  වෙන්න ඕන නැහැ. දෙන්නත්  සතුටින් නටන්න පටන් ගත්තා.

ඉතින් කතාව ඉවරයි. මේ පොත අදිත් ප්‍රකාශනයක්. දැනටමත්  වාර හතක මුද්‍රණ පිට වෙලා තියෙනවා, ඉතින්  කතන්දර  වෙලාවට  කියන්න මේ පොතත්  ඔයාට  තෝර ගන්න පුළුවන්. එහෙනම්  තවත් ලස්සන කතාවක් එක්ක නැවත හමු වෙමු නේද ?

චම්මි

 

Related Articles

Don't Miss


Latest Articles