අයිසිං නැති කේක් සැරසිලි

ගෙදරදීම ඔබේ අතින්ම රසට පිරිසිදුවට කේක් එකක් හදාගන්න හැටි අපි මීටකලින් කතාකළා. හදපු කේක් එක ලස්සනට සරසගන්න පුළුවන්නම් කොච්චර හොඳද කියල ඔබට හිතෙනවා ඇති. ඒ වුණාට අයසිං හදන්න මහන්සිවෙන්නත් ඕන නිසා සැරසිලි නැතුවම පිළිගන්වන එක ලේසියිනෙ කියල හිතෙන්නත් පුළුවන්. ඒ නිසා බලන්න මේ සරළක්‍රම වලින් කේක් එක ලස්සනට සරසගන්න එක මොනතරම් පහසුද කියල.

c1

මේ සඳහා ඔබට අවශ්‍යවන්නේ අයිසිං පවුඩර් සහ පෙනේරයක් පමණයි. අයිසිං පවුඩර් ස්වල්පයක් කේක් එක මතට මෘදු තට්ටුවක්සේ පෙනේරයෙන් හලාගන්න. මෙයට මයිලෝ පවුඩර් හෝ චොකලට් පවුඩර් වුවත් එකතුකරගත හැකියි. ස්ටෙන්සිල් හෝ රටා කැපූ කඩදාසි යොදාගෙන කැමති රටාවක් මවන්න පුළුවන්.

 

c2

මෙම සැරසිල්ල සඳහා අවශ්‍යවන්නේ උකුකිරි ස්වල්පයක් පමණයි. හැන්දකින් ඉරිමෙන් සිටිනසේ කැමති රටාවකට වක්කරන්න. එයට ලෙමන්, කෝපි වැනි රසයක් එකතුකරගන්නත් පුළුවන්.

 

c3

Chocolate / strawberry සිරප් හෝ සෝස් ගෙදර තිබෙනවානම් ලේසියෙන්ම ඔබට කේක් එක කැමති රටාවක් මවමින් සරසගන්න පුළුවන්. එහෙම නැතිනම් චොකලට් චිප්ස් රත්කොට දියරයක් සේ සාදා සරසාගත හැකියි.

 

c4

Jam ස්වල්පයක් සමඟිනුත් සරසගන්න පුළුවන්. හැකිනම් ගෙදර දී සෑදූ හෝ ස්වාභාවික පලතුරු ජෑම් භාවිතයෙන් වැඩි රසක් සහ ලස්සනක් ලබාගත හැකියි. ජෑම් ටික තරමක් රත්කොට සරසාගන්න.

 

c5

පලතුරු කැබලි එකතුකිරීමෙනුත් කේක් එක ලස්සනට සරසගන්න පුළුවන්. අඔ, අන්නාසි සහ දෙහි දැමූ ඇපල් කැබලි යොදාගන්න පුළුවන්. එහෙම නැතිනම් පලතුරු ටික සීනි ස්වල්පයක් එකතුකර ස්ටූකර එකතුකරගන්නත් පුළුවනි. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි හෝ මිදි වැනි පලතුරුත් කේක් එක සරසගන්න කදිමයි.

විනාඩි කිහිපයක් විතරක් ගතකරල හරිම ලේසියෙන් කේක් එක සරසගන්න මේ විදිහට පුළුවන්. නිවාඩු කාලෙදි පොඩ්ඩන්වත් එකතුකරගෙන ලස්සනට කේක් සරසගන්න මේවගේ.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles