නිවසක් සැදීමට පෙර මේ ගැන අනිවාර්යයෙන් සිතන්න

නිවසක් කියන්නේ හැමදෙනකුගෙම සිහිනයක්. මේ සිහිනය සැබෑ කර ගන්න තියන පියවර සියල්ල හරිම වැදගත්. මුලු ජීවිත කාලයම ජීවත් වෙන්න හදා ගන්න නිවස තනන්න පෙර මේ කරුණු ගැන අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න.

මුලින්ම නිවසක් හදන්න සහ ජීවත් වෙන්න හොඳ වටපිටාවක් නිවස හදන ස්ථානයට තියෙනවද කියන දේ ගැන අවධානය යොමුකළ යුතුයි. මීළඟට තමන්ගේ ආර්ථික තත්ත්වයට හා පවුලේ අවශ්‍යතාවයට සරිලන විදහට නිවසට සැළසුම ඇඳ ගන්න ඕන. ඉඩමෙහි ප්‍රමාණය ගැනත් අනිවාර්යයෙන් අවධානය යොමුකළ යුතුමයි. මෙහිදි වාස්තු විද්‍යාව පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.

මෙරට කෙරෙන ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්න කළින් නැකතක් බලන එක සිරිතක්. මේ නිසා පවුලේ අයට ගැලපෙන ආකාරයට සුබ නැකතක් හදලා ඒ අනුව ඉදිකිරීම් ආරම්භ කරන්න ඕන. මෙහිදී තමන්ගේ ආගම සිහිකිරිමත් හරිම වැදගත් දෙයක්. ඒ වගේම තමයි අෂ්ඨ බහිරව පුජාවක් තියලා භූමියට අරක් ගත් බහිරවයන්ගෙන් අවසර ගැනිමත් අතීතයේ ඉඳලම සිද්ධ වෙන සිරිතක්.

ඒ වෙලේම තමයි  නිවසේ සැලසුම සඳහා නූල් ඇදිම වගේම කුඥ්ඥ සිටුවීමත් කරන්න ඕන සුබ මොහොතින්. ප්‍රථම පස් පිඩැල්ල කැපීමත් සුබ මොහොතින් නිවසේ ප්‍රධානියා විසින් සිදුකල යුතු දෙයක්. නිවසේ මුල්ගල තැබීමත් නියම වේලාවට නැකතට කරන්න ඕන.

මුල්ගල තැබීමෙන් පසුව ගෙපලේ කිරී ඉතිර වීම සිදු කරනවා. මේ සඳහාත් සුබ වේලාවක් තෝරා ගතයුතුයි. පිරිත් සජ්ජායනය මධ්‍යයේ එළකිරි උතුරවා එය නිවැසින් විසින් පානය කල යුතුයි. ඉන් පසුව සිදුකල යුතු දේ තමයි සුබ මොහොතින් නිවස ඉදි කෙරෙන භූමිය ඉදුල් කිරීම. ගෙපැල මැද කැවුම් කිරිබත් තබා ගෙදර ප්‍රධානියා විසින් පළමුව අනුභව කර මෙම චාරිත්‍රය ඉටු කරන්න ඕන.

මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ තම ජීවිත කාළයම කරදරයක් නැතිව ජීවත් වෙන්න හැකි සුන්දර නිවසක් තනා ගැනීමයි.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles