නිරෝගී කෙස් කළඹක් ලබා දෙන තෙල් සත්කාර

නීරෝගී, ලස්සන කෙස් කළඹක් තිබීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරී වන්නකි. වර්තමානයේ රිබොන්ඩින්, ෆර්මින්, කලර් කිරීම වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන විලාසිතාවන් මෙන්ම දූවිලි, අධික හිරු රශ්මියට නිරාවරණය වීම වැනි පාරිසරික සාධක හේතුවෙන් ද හිසකෙස්වලට හානි සිදු විය හැක. නවා. තම හිසකෙස්වල නීරෝගිමත් බව පවත්වා ගෙන යාමට අවශ්‍ය සත්කාර සිදු කල යුත්තේ එනිසයි.

හිසකෙස් මනාව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර මෙන්ම බාහිර සත්කාරත් අවශ්‍යයි.  ලස්සන කෙස් කළඹක් ඇති කර ගැනීමට මෙන්ම කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යාමට තෙල් සත්කාරයක් ලබා දීම සුදුසු වේ. මෙහිදී ඖෂධීය තෙල් වර්ග මෙන්ම පිරිසිදු පොල් තෙල් ඔලිව් තෙල් ආදිය ද හිස ගැල්විය හැකිය.

තෙල් ස්වල්පයක් මදක් රත් කර තෙල් මඳක් උණුසුම් වූ පසුව ඇඟිලි තුඩකින් හෝ පුළුන් කැබැල්ලකින් හිස් කබලේ සහ හිස කෙස්වල ආලේප කර ඇඟිලි තුඩුවලින් මෘදුව හිස සම්බාහනය කරන්න. අනතුරුව උණුසුම් තුවායකින් හිස විනාඩි කීපයක් ඔතා තැබිය යුතුය. මෙයින් ඉතා හොඳින් හිස් කබලට සහ හිස කෙස්වලට තෙල් උරා ගන්නවා. පැය භාගයකට පමණ පසුව ස්නානය කරන්න.

මෙවැනි තෙල් සත්කාරයකින් හොඳින් රුධිර ගමනාගමනය ක්‍රියාත්මක වීම නිසා හිසකෙස් නිරෝගිමත්ව වර්ධනය වේ. මෙම සත්කාරය මසකට වරක් හෝ කළ හැකි නම් හිස්හොරි වළකා හිස කෙස් ආරක්ෂා කර වර්ධනය ගත හැකියි. කිසිඳු මුදලක් වැය නොකොට මෙවැනි හිස හෙඩ් මසාජ් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් නිවසේදීම ඔබටත් සිදු කර ගත හැකියි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles