ලස්සන දෑසකට රහස් කිහිපයක්

”ඔබේ දෑස ඔබ ගැන ලොවට කියයි ”කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඉතින් අපි බලමු ලස්සන ඇස් දෙකක් හදාගන්නේ කොහොමද කියලා..

අයි ලයිනර්

මෙය සෑම කාන්තාවක් ලඟම තියාගන්න ඕනා දෙයක්.පහළ ඇසිපියට එතරම් තදපාට නොවන අයි ලයින් එකක් පාවිච්චි කරන්න.රාත්‍රී කාලයේදී නම් මෙය ඉහළ ඇසි පිහාටු වලට යෙදුවත් කමක් නැහැ. ඔබට දෑස් විශාලව පෙන්වීමට ඕනා නම් ඇසිපිය පහළ රේඛාව වර්ණවත්ව ඇඳ ගන්න.

අයි ෂැඩෝ

අයි ෂැඩො අලේප කිරීමට පෙර ප්‍රයිමර් එකක් යූස් කරන්න. දිගු කාලයක් වර්ණය රඳා පවතීවි.

ලෑෂස්

මස්කාරා එක කෝට් එකකට වැඩිය ආලේප කරන්න. පළමු ඇතිරුම වේලුනු පසු ඒ මත ඊළඟ තැවරුම් සිදු කරන්න.

අයි බ්රෝස්

ස්වභාවික පෙනුමකින් පවත්වා ගන්නට උත්සාහ කරන්න. වඩාත් ඝන කමින් යුතුනම් පමණක් මඳක් සිහින් කරන්න.

මේක් අප්

දෑස් කැපී පෙනෙන ලෙස මේක් අප් භාවිතා කරන්න. ඇස් යටට හයිලයිටර් එකක් භාවිතා කරන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles