නෑගම් එන අමුත්තන්ට සලකමු – චිලි පේස්ට්, චොප්සි සහ චිකන් ඩෙවල්

අවුරුදු නෑගම් එන හිත මිතුරන්ට ඉක්මනින් සකසා දිය හැකි බත් වර්ග ගැන අපි ඔබට කලින් ලිපියකදී දැනුවත් කළා. මේ ඔබට ඒ බත් වර්ග සමඟ ලබා දෙන්නට කලින් සකසා තැබිය හැකි ආහාර යි.

කොහොමත් බත් වර්ග සමඟ චිලි පේස්ට් සහ චොප්සි තිබීම වඩා හොඳයි. ඔබට තවත් මස් කරියක්, මාලු කරියක් සමඟ මේවා පිළි ගැන්විය හැකියි. ඩෙවල් චිකන් කරියක් මේ සඳහා ඔබට ලෙහෙසියෙන් සකසා ගත හැකියි.

චිලි පේස්ට් 

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුනීස්සෝ 100g
  • ලොකු ළූනු
  • කෑලි මිරිස්
  • සුදු ළූණු
  • සීනි
  • රස අනුව ලුණු
  • එළවලු තෙල් හෝ පොල්තෙල්

කුනිස්සන් හොදින් සෝදා වතුර බේරෙන්නට තබන්න. ළූණු සිහින්ව ලියා ගන්න. තෙල් ලිප තබා හොඳින් රත් කර ගන්න. එයට කූනිස්සන් එක් කරන්න. රන්වන් පාටට බැදුනු පසු බාගන්න. ඉන්පසු සුදු ළූනු, රතු ළූණු බැදගන්න. කෑලි මිරිස් එකතු කර, රස අනුව ලුණු ද සීනිද එකතු කරන්න. ලිපෙන් බාගෙන නිවුණු පසු බෝතල් කරගන්න.

වෙජිටබල් චොප්සි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කැරට්
  • ගෝවා
  • බෝංචි
  • ළූනු, සුදු ළූනු, ඉඟුරු
  • කෝන් පිටි
  • සීනි
  • සුප් කැටයක්
  • ලුණු
  • තෙල්

කැරට් පෙති කපාගන්න, බෝංචි තරමක් ලොකුවට කඩාගන්න. ගෝවා ලොකු කොටස් ලෙස කඩාගන්න කැරට්,

බෝංචි, ගෝවා වෙන වෙනම තම්බගන්න. ළූනු කුඩාවට කපාගන්න, ඉඟුරු සුදු ළූණු චොප් කරගන්න සුදුසු භාජනයක් ලිප තබා තෙල් එකතු කර රත්වෙද්දි තලාගත් ඉඟුරු සුදු ළූණු චොප් කර එයට එක් කරන්න..

ඉන්පසු ලුණු එකතු කරන්න.. වතුර කෝප්ප එකහමාරකට කෝන් පිටි, සීනි සහ සුප් කැට එකතු කරන්න. එය බැදගත් ළූණු වලට එකතු කර ගන්න. එය රත් වන විට එයට එළවලු එකතු කරන්න. ගම්මිරිස් එකතු කර සුප් කැටයත් එකතු කර ගන්න.

ඉන්පසු මඳ වෙලාවකින් ලිප නිවා ගන්න.

ඩෙවල් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුඩා කොටස්වලට කඩා ගත් කුකුල් මස් අවශ්‍ය ප්‍රමාණයට.
  • ලොකු ළූණු
  • රතු සහ කොළ බෙල් පෙපර්.
  • සුදු ළූණු
  • අමු ඉඟුරු
  • කුරුඳු කැබැල්ලක්
  • කෑලි මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු
  • සීනි ස්වල්පයක්
  • ලුණු
  • කොත්තමල්ලි කොළ
  • පිසීමට අවශ්‍ය තෙල්

ලුණු , කහ, ගම්මිරිස් අතගාගත් මස් ටික හොඳින් බැදගන්න. චොප් කළ ඉඟුරු හා සුදු ළූණුත්, කෑලි මිරිස් හා කුරුඳුත් එයට එකතු කරන්න. ඉන්පසු එයට සීනි එකතු කරන්න.

ලොකුවට කපා ගත් ළූනු එයට එකතු කරන්න. බෙල් පෙපර් එකතු කර ටික වෙලාවක් පියන වසා තැම්බෙන්නට තබන්න. ලුණු එකතු කරන්න.

මේ දේවල් ඔබට ඉක්මනින් හා ලෙහෙසියෙන් සාදා ගත හැකි දේවල්. මේවා අමුත්තන්ට ඉක්මනින් සාදා පිළි ගන්වන්ට ඔබට හැකි වෙයි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles