මයික්‍රොවේව් උදුන් භාවිතය පිළිකාවට හේතුවක්ද?

නව තාක්ෂණය කියන්නේ මිනිසාට තවදුරටත් නැතිවම බැරි දෙයක්. ඒ අතරින් ක්ශුද්‍ර තරංග ඇසුරෙන් ක්‍රියාත්මක වන පසුගිය කාලයේ මයික්‍රොවේව් උදුන ගැන කතිකාවන් බොහොමයක් ඇසුනා. ඒ නිසා ඒ පිලිබඳව අප සියලුම දෙනා දැනගෙන සිටීම හරිම වැදගත්. ඉතින් මේ ලිපිය සැකසෙන්නේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්නගේ ලිපියක් ඇසුරු කරගෙනයි.

  • මයික්‍රොවේව් කියන්නෙ විදුලි, පාරජම්බුල, ගැමා කිරණ වගේම විද්යුත් චුම්බක තරංග විශේෂයක්. මයික්‍රොවේව් උදුන ක්‍රියාකරන්නේ මේ තරංග විශේෂය මගින්. එයට හේතුව වන්නේ උණුසුම වැඩි කිරීමේ හැකියාවක් මෙම තරංගය සතුවීමයි.
  • මේ උදුනේත් සිදුවන්නේ සාමාන්‍ය උදුනක ක්‍රියාවලියමයි. වෙනසකට තිබෙන්නේ ක්ශුද්‍ර තරංග භාවිතා කර තාපය නිපදවීමයි. සාමාන්‍යයෙන් තාප උදුනක සිදුවන්නේ එලියේ සිට රත් වෙමින් ගොස් ඇතුලත ඇති දේ රත්වීමයි. එහෙත් මයික්‍රොවේව් උදුන්වල සිදුවන්නේ ඇතුලත සිට තාපය එළියට ගමන් කිරීමයි.
  • අඩු කාලයකදී ආහාර පිස ගැනීමට හැකිවීම, ඉක්මනින්ම විෂබීජ විනාශ වීම මෙහි ඇති වාසි ලෙස හඳුන්වන්න පුලුවන්.
  • නමුත් ආහාර වල රස යම් තරමක ට වෙනස් වීමක් මෙමගින් සිදුවෙනවා.
  • පිළිකා පිළිබඳව ජ්‍යාතන්තර පර්යේෂණ ආයතනය 2011 වසරේ නිකුත් කල නිවේදනයක සඳහන් වූවේ මයික්‍රොවේව් කිරණ මගින් මිනිස් සිරුරේ පිළිකා ඇති කරන බවයි. එම නිසා මයික්‍රොවේව් උදුන් මගින්ද අහිතකර බලපෑම් මිනිස් ජීවිත වලට සිදුවන බව අවධාරණය කෙරුණා.
  • එහිදී ඔවුන් පවසා සිටියේ මයික්‍රොවේව් උදුන්වල ඇති තරංග මගින් ආහාරවල ජලය ඉවත් කරන නිසා උදුන ඔස්සේ මයික්‍රො තරංග පිටතට කාන්දු වුවහොත් ඒවා මිනිස් ශරීරරයට අහිතකර බවයි.
  • විශේෂයෙන්ම මොලයේ සෛල විනාශ වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ මීයන් ඇසුරුකොටගෙන කල පරීක්ෂණ මගින්. මීයන්ගේ ස්නායු පද්ධතිය දුර්වල වීමට මෙම කිරණ හේතු වී තිබුණා.
  • මිනිස් ශරීරරයට මයික්‍රො තරංග ඇතුලුවුවහොත් මොළයේ සෛල විනාශ වීම මෙන්ම ශරීරරයේ අනෙක් අවයව වෙත ගමන් කර රතු රුධිරාණු හානියට පත්කරයි.
  • මෙම උදුන් භාවිතා කිරීමේදී සැලකිලිමත් වීමෙන් හානිය අවම කරගන්නට හැකියි. මෙම උදුනක පිසීමට තැබූ ආහාර පිසී ඇද්දැයි බැලීමට උදුන තුලට එබී බැලීම, අත් දමා බැලීම ආදිය නොකල යුතුයි.
  • එසේම ප්‍රමිතියෙන් තොර බහාලුම් නොතැබිය යුතුයි. ආහාර ඇතුල් කල වහාම දොර හොඳින් වසා දමන්න. උදුන නිවීමෙන් පසු තරමක වේලාවක් යන තෙක් විවර නොකරන්න.
  • එලෙසම තරංග පිටතට නොපැමින්නෙන බවට සැක හැර ගන්න. පිටත සමාන දොර අසල තරමක් ඈතින් තෙත ටිශූ එකක් තබන්න. ඉක්මනින්ම එය වියලේ නම් තරංග පිටට පැමිණෙන බව කිව හැකියි.
  • මිලදී ගැනීමේදී දුන් උපදෙස් පත්‍රිකාව පාවිච්චි කිරීමට පෙර හොඳින් කියවන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles