රස්නේ දවසට කූල් වෙන්න “Iced fruit punch”
අවශ්‍ය දේවල්:
- අන්නාසි, කොමඩු, පිපිඤ්ඤා පෙති කීපයක්
- දොඩම් යුශ කප් 6
- සීනි කප් 1
- සෝඩා කප් 4
- ලුණු ස්වල්පයක්
- කුඩු කරගත් අයිස්
සාදාගන්නා ආකාරය:
- දොඩම් යුශ වලට සීනි එක් කර හොඳින් දිය කරගන්න.
- එයට සෝඩා එක් කර කලවම් කර ලුණු එක් කරගන්න. රස අනුව සීනි අඩු වැඩි කරගන්න.
- කැමති නම් එයටම ආහාර වර්ණකයක් (Food coloring) එක් කරගන්න.
- ඉන්පසු මෙය ශීත කරගන්න.
- අන්නාසි, කොමඩු සහ පිපිඤ්ඤා පෙති කුකී කටර් එකක් හෝ පිහියක් පාවිච්චි කර කැමති කැමති හැඩ වලට කපාගෙන ෆ්‍රිජ් එකට දමා ෆ්‍රීස් කරගන්න
- සාදාගත් දොඩම් බීමට කුඩු කරගත් අයිස්, ෆ්‍රීස් කරගත් අන්නාසි, පිපිඤ්ඤා කොමඩු කැබලි උඩින් දමා පිළිගන්වන්න.